
(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ මස අගදී මෙරටට පැමිණෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා ලංකාදීපයට අද (11) පැවැසීය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිත අතර ඔහු සමඟ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ද ඉන්දියාවට පැමිණීමට නියමිත ය.
ඒ අතරවාරයේදී ඔහුට මෙරටට පැමිණීමේ ඉඩක් ඇතැයි දේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයි ද හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල දැනුම්දීමක් කර නැතැයි කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්රකාශිකාවක් සඳහන් කළාය.
ඉහළ පෙළේ නිල සංචාරයක් සිදු වන්නේ නම් එය දැනුම් දෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් බවත් තවමත් එවැනි නිල දැනුම් දීමක් කර නැති බව ද ඇය කීවාය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මීට පෙර පසුගිය වසරේ ජූනි 27 වැනිදා කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ජපානයේ පැවැති ජී 20 සමුළුවට සහභාගී වීමට සිදු වූ හෙයින් එම සංචාරය අවලංගු කෙරුණි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පසුගිය සතියේදී ජපානයට පැමිණි අතර එහිදි ඉන්දීය, ජපාන සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීය. එහිදි චීනයට එරෙහිව මිත්‍ර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණි.
ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරියකු මෙරට සංචාරයක නිරත වන්නේ 2015 වසරෙන් පසුව ය. හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයක් මත ඇමෙරිකාවේ එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරි 2015 වසරේ මැයි 3 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී. වෙල්ස් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා ජනවාරි 13 වැනිදා මෙරටට පැමිණියාය. එදිනම රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝ ද දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ද මෙරට සංචාරයක නිරත විය.
මේ අතර චීනයේ හිටපු විදේශ අමාත්‍යවරයකු සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික යං ජියේෂිගේ ප්රමුඛත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් ඉකුත් දා මෙරට පැමිණියේ ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඉහල තනතුරක් දරන කෙනෙක් නොවේ. මම හුනා කියනවා වගේ කියන්නම් ඒ හන්දා අනිවාර්යෙන්ම නිරෝධානය කඳවුරකට යවයි.
ඔය කිව්වට ඉන්දියාවෙන් අවසර දුන්නොත්නේ එන්නේ.?
කවුරු ආවත් කමක් නැහැ. හැබැයි pcr පරීක්ෂණ කරලා. අනික තව මාසෙකින් ඔය එන දෙන්නම කුණු බක්කියට වැටෙනවා. දැනටමත් ට්‍රම්ප් පැරදිලා ඉවරයි. හැබැයි ඉතින් යුදෙව් හැකර්ලාගේ වැඩ හරියට වැඩ කලොත් සමහරවිට මිනිහා දිනාවි. මේ " ජෝඩුව " ලෝකයේ හැම තැනම මේ දිනවල ඇවිදිනවා. මොකද ඇමෙරිකාවේ ජනාධිපති ඡන්දෙ ලබන මාසේ මුලමනේ.
චීන-ඇමරිකා සීතල යුද්ධයට අපේ රට ගාව ගන්නයි හදන්නේ. ඉතා ප්‍රවේශම් විය යුතුයි.
රට බෙදන වැඩකට නොවේද.?
ලංකාව කුඩා රටක් උවත් එය ගෝලීය වශයෙන් පිහිට ඇත්තේ වටිනා වැදගත් තැනකය. නමුත් ලංකාවේ සිටිනා ජනතව එම වටිනාකම නොදැනේ. ලංකාව මේ පැමිණ ඇත්තේ බලවතුන්ගේ බලපොරයකට මැදිවය. චීනය යනු ලොවපුර සිටින දුප්පත් රටවලට ගොස් අර්යෝජන සහ ( විශේෂයෙන් අප්‍රිකානු සහ සවුත් ඇමෙරිකානු ) මුදල් ලබාදී එම රටවල වටිනා ඉඩම් දේපල විශාල වශයෙන් චිනුන් සින්නක්කරව ඔවුනට පවරාගෙන ඇත. කොටින්ම කියතොත් ලංකාවේ කොලබ තිබු හමුදා මුලස්ථානයට සිදුකල දේම ඔවුන් ලෝකයේ දුප්පත් රටවලට කරමින් තිබේ.
ඔවුන් ආරක්ෂාව පිලිබදව කතා නොකොට දුප්පත් රටවල් සදහා මුදල් ආදාර ලබාදී පරිත්‍යාග ලබාදී එම රටවල් සුක්ෂමව පාලනය කරනු පෙනේ. ඇමෙරිකාව එසේ කරන්නේ නැත. ඔවුනට අවශ්‍ය වන්නේ ඇමෙරිකානු හමුදාවන් රදවිම සදහා ස්ථානයක් පමණි. ඇමෙරිකාව කැමති ලංකාවේ වාරයක් හෝ ප්‍රදේශයක් චීනයට ලබාදී ලංකාව ඇමෙරිකාව අමනාප කරගන්නේ නම් ඉදිරියේදී චීනයට සම්බාදක දැමීමෙන් ලංකාව ප්‍රබල ආර්ථික සිරවිමකට ලක්වනු ඇත.
ආවාට කමක් නෑ... ඔහෙන් PCR කරගෙන එන්න. ඇවිත් මෙහෙත් කරන්න... හම්බෙන මිනිස්සු මීටරයක් දුරින් ඉදලා හම්බෙල කතාකරලා ආපහු යන්න... මොකද ඔයාලගේ රටේ අපිට වඩා ලොකු ප්‍රශ්න තියනවා.
ඇමරිකාව බලවතෙක් නිසා එයාලවත් නිරෝධානය කරන්නේ නැද්ද.?
රටවිරුවො රකින්න ආපු 'ස' උන් එහෙ මැරිල යන්න ඇරල රාජ්‍යතාන්ත්‍රික විදියට චීනයෙන් ඉන්දියාවෙන් කොරෝනා ලංකාවට ගෙන්වා ගත්ත විදිය නම් හරිම අපූරුයි . 69 ලක්ෂයක බලාපොරොත්තු ඉතාමත් සාර්ථක විදියට ඉටුකරන එතුමා ගැන අපි ඉතාමත් සතුටු වෙමු. විමල්, ගම්මන්පිල, සරත් වීරසේකර, මධුමාධව, ඇල්ලේ ගුණවංශ හිමි වැනි දේශප්‍රේමී වීරයන් තවමත් නිදිගත්තවුන් සේ සිටින්නේ ඇයි කියා අපි බලන් ඉන්නවා.
MCC ගිවිසුම ඉරන්නඩ ද දන්න නැහැ එන්නෙ,
ඔන්න කාලෙකට පස්සේ විමල්ට වැඩක් සෙට් වෙන්න වගේ.? අපි බලාගෙන ඉමු බයියෝ මොකද කියන්නේ කියලා.
අල්ලපු ගෙදර මොධි අයියා ආවා අත අබරන්න මගේ.... චන් චුං අයියලා ආවා දුකසැප බලා යන්න මගේ..... එන සතියේ එනවාලු ට්රම්පට්ගේ කට්ටියත් මෙහෙ....... මොනවද දෙන්නෙ සංග්‍රහයට නැහැ තීරණයක් මගේ....
චීන දූත පිරිස නීරෝදායනය නොකලයි කියා මෙතන වැලලුන පිරිස දවස් 2ක් ගිහිනුත් මේකට කිසිම පප්රතිචාරයක් දාල නැහැනෙ කෝ මේ අය
කම් කම් බූරු... මිලේනියම් හොඳ වේලු...