
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ඉරානය ඇමෙරිකාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවන බව ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලි කමේනී රූපවාහිනිය ඔස්සේ පැවැසීය.
‘‘අපි මේ ප්‍රතිපත්ති තීරණ ගන්නේ හොඳින් සිතා බලා. ඇමෙරිකාව සම්බන්ධයෙන් අපි තීරණ ගන්නේ ඉතාම විපරමෙන්ග පුද්ගල මාරුවක් වුණා කියලා එහි වෙනසක් වෙන්නේ නැහැ’’ යැයි රූපවාහිනි ඔස්සේ රටවැසියන් අමතමින් ඉරාන උත්තරීතර නායකයා එම කරුණු සඳහන් කළේය.
නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් එලෙස රට වැසියන් අමතමින් ඉරාන උත්තරීතර නායකයා එම කරුණු කීය.
‘‘ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. බොහෝදේවල් සිදුවේවි. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති ස්ථීරයි. ඒවායේ වෙනසක් නැහැ. කවුරු ජනාධිපති වුණත් ඒවායේ වෙනසක් නැහැ. ජනාධිපති කවුරු වුණත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ’’ යැයි ඉරාන උත්තරීතර නායකයා කීය.
පසුගිය කාලයේදී ඉරානය සහ ඇමෙරිකාව අතර මතභේද උත්සන්න වූ අතර දෙරට අතර ආයුධ සන්නද්ධ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද නිර්මාණයග දෙරට අතර අවස්ථා දෙකකදී එවැනි තත්ත්ව ඇතිවියග
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේ ය. ලෝක බලවතුන් සහ ඉරානය අතර 2015 දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබිණි. එම සමයේදී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා රැවුල කපලා නාලා පිරිසිදු වෙනවා.
මෙන්න නායකයෝ.. පතෝල, වැටකොළු, පිපිඤ්ඤා වගේ නෙවෙයි. තුඹ කරවිල, මුරුංගා වගේ...
ඔබ පැවසූ දෙයම අපද පවසන්නේ ආඩම්බරයෙන්ය... කවුරු ලොව බලවතා වුවත් අපට නම් කමක් නැත. ඉඩකඩම් ඉල්ලා දුවගෙන එන්නෙත් ලංකා මාතාව ලගටයි. එබැවින් ඉන්න හිටින්න තැන්නැති හිගන බලවතුන් මක්කටද..? .
මෙහෙ එව්න් සිංහලෙන් සිංහයෝ වෙලා ඉංග්‍රීසියෙන් බල්ලෝ ගානට වගේ වැඩකරන්නේ. ඕන තුප්පහි වැඩක් කරලා සිංහලෙන් දොඩවනවා විරයො වගේ...
ඔබ වැනි උන්මන්තකයින් බලයේ සිටින තාක්කල් ඇමරිකාවද ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේද නැත