ඉරාක ෂියා මුස්ලිම් රජයට සහාය දෙමින්, සුන්නි මුස්ලිම් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැඬැලීමට තම හමුදා උපදේශකවරු 300 දෙනකු ඉරාකයට යැවීමට ඇමෙරිකා ජනපති බරැක් ඔබාමා අද (20) තීරණය කළේය.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන සුන්නි ත‍්‍රස්තවාදීන් මැඬැලීමට ඉරාක අගමැති නූර් අල් මලිකි ප‍්‍රමුඛ එරට රජය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කළේ පෙරේදාය.
ඉරාක රජය ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ, සතුරු ඉලක්ක වෙත ගුවන් ප්රහාර එල්ල කරන ලෙසටය. කෙසේ නමුත් ඇමෙරිකා රජය තවමත් ගුවන් ප‍්‍රහාර කිසිවක් ආරම්භ කර නැත. අවශ්‍ය වුවහොත් නිවැරදි ඉලක්ක හඟුනා ගෙන ඒවාට පහර දීමටත්, පාබල හමුදා ඉරාකයට යැවීමටත් කටයුතු කරන බව ජනපති ඔබාමා අවධාරණය කරයි.
මේ වනවිට ඇමෙරිකා මැරීන් සෙබළු 275 දෙනෙක් ද ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට ගොස් සිටිති. ඔවුන් ගොස් ඇත්තේ, බැග්ඩෑඩයේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සහ එහි නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහාය.
ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කරන සුන්නි මුස්ලිම් ‘අයිඑස්අයිඑස්’ ත‍්‍රස්තවාදීන් උත්සහ ගන්නේ බැග්ඩෑඞ් අගනුවර අල්ලා ගැනීමටය. මේ වනවිට මොසූල්, තික්රිත් යනාදී ඉරාකයේ ප‍්‍රධාන නගර ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ සිටිති.
ත‍්‍රස්තයන්ට එරෙහිව ෂියා මුස්ලිම් සිවිල් වැසියෝ ලොකු කුඩා භේදයකින් තොරව එකමුතු වී සිටිති. ෂියා මුස්ලිම් තරුණයෝ ස්වේච්ඡාවෙන් හමුදාවට එක් වී සිටිති.
මේ අතර ඉරාකයේ ඉහවහා යන සුන්නි සහ ෂියා නිකායික ගැටුම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ‘ ඕඅයිසී’ හෙවත් ‘ඉස්ලාමීය සහයෝගීතාව පිළිබද සංවිධානය’ ලොව සියලූම මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ, නිකායික ගැටුම් නවත්වා එක්සත් වන ලෙසටය.
ජගත් මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරන ‘ඉස්ලාමීය සහයෝගීතාව පිළිබද සංවිධානය’ පිහිටා ඇත්තේ සෞදි අරාබියේ ජෙඩා නුවරය.
එම සංවිධානයේ හදිසි විශේෂ සමුළුවක් ඉකුත් දෙදින එනම් 18 වැනිදා සහ 19 වැනිදා සෞදියේ රියාද් නුවරදී පැවැත්විණි.
‘ඉස්ලාමීය සහයෝගීතාව පිළිබද සංවිධානය’ සෑදී ඇත්තේ, සුන්නි ෂියා පමණක් නොව, සෙසු මුස්ලිම් නිකායවලට සම්බන්ධ නියෝජිතයන්ගේ ද එකමුතුවෙනි. ලොව ප‍්‍රධාන පෙළේ මුස්ලිම් රටවල රැසක නියෝජිතයෝ ද මීට අයත් වෙති.
දෙදින සමුළුවට ද නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. ඔවුන් ඉරාකයේ පමණක් නොව, අපි‍්‍රකා සහ සෙසු මැදපෙරදිග කලාපයේත් වර්ධනය වන සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ ගැටුම් ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූහ.
‘අපි අතරේ නිකායික වශයෙන් බෙදීමක් අවශ්‍ය නැහැ. අප සැවොම එකමුතු විය යුතුයි. ප‍්‍රචණ්ඩත්වය නැවැත්විය යුතුයි’ යැයි සමුළුවට නායකත්වය දෙමින් සහ එය අමතමින් සෞදියේ විදේශ ඇමැති සෞද් අල් ෆයිසාල් අවධාරණය කළේය.
බැග්ඩෑඞ් නුවරදීය (ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් මවින් ....කියන කතාව හරි. ඉරාකේ මානව හිමිකම් කඩ වෙනවා . එත් ඒවා හොයල බලන්න කෙනෙක් නැ. (ස)
තමන්ගේ සහෝදරයොත් එක්ක ඉන්න බැරි ඇයි? (නදී)
ආගමික අන්තවාදය තමන්ගේම මිනිසුන් වෙත ප්‍රචන්ඩව මුදා හරිනවා නම් අනික් මිනිසුන් වෙත කෙසේ විය හැකිද ? සිතන්න... (ස)
අමෙරිකාවත් ඉරාක ආණ්ඩුවත් යමක් කල යුතුව තිබුනේ බොහොම කලින්. එහෙම කලානම් අද ජීවිත කීයක් ඉතුරු වෙනවද? (නදී)
මොකෝ අප්පා මේ ගැන කතා නැත්තේ. (නදී)
ඇමරිකාව එකපාරක් ගිහිල්ල යුද්දේ දෙගුණ කරලා ආවා. මේ පාර ගිහිල්ල තුන් ගුණයක් කරලා අවේ නැත්නම් තමයි පුදුමේ. මොකද විශේෂඥයෝ ටිකක් නේ ගිහිල්ල තියෙන්නේ (නදී)
සදාම් හුසේන් නමැති මිනිසා වෙනුවෙන්, ජීවිත මිලියන කියක් නැති වුනාද ? එය, තාමත් ඉවර නැත. ඒ මිනිසාට පාඩුවේ ඉන්නට දුන්නා නම් මෙවන් විපතක් සිදු වේද.? මේවාට මුල් වූ අයටත් අවශ්‍ය වුයේ මෙවන් මිනිස් සංහාරයක්ද ? (නදී)
මේ,පෙරේදාත් සෞදි කාන්තාවක් අන්තවාදීන් විසින් එංගලන්තයේදී ඝාතනය කර තිබුණ. (ස)
එකම කටිටිය දෙකට බෙදිලා ගහ ගන්නවා. . මේ විශේෂ 300 දෙපැත්තටම සපෝර්ට් කරන්න යන්න ඇති. ආයුද හදන රටවල් මේ ප්‍රශ්න තියන රටවලට ආදරෙයි (නදී)
ලුම්බිණි, මම නම් හිතන්නේ ඇමරිකාව ඉරාකෙට නොගිහින්ම හිටියා නම් ජීවිත ගොඩක් බේරෙනවා (නදී)
විශේෂඥයෝ කියාලා කිව්වට වෙනත් ක්‍රමයකින් සොල්දාදුවන් යැවිමක්ම තමා වෙන්නේ . මුළු අරාබි ලෝකයම ලොකුම කරදරයක දැම්මේ අරාබි වසන්තයක් කියා මේ ඇමරිකාව සහ බටහිර රටවල් ටිකයි. එම රටවල අනුවණයන් ටික බටහිරට සහ ඇමරිකාවට ගැති කම් කලාට වන්නේ විපතක් පමණකි (නදී)
මුළු මැද පෙරදිගම තිබුණු දියුනුම රට. තමන්ට හිස නොනමන නායකයෙක් හිටි නිසාම බොරු වරදක් අල්ලාගෙන විනාශ කල අයට මොන හෙනයක් ගැහුවත් මදි නේද. (නදී)
අමෙරිකාවෙන් ගුවන් ප්රහාර එල්ල කරනකොට සාමාන්‍ය මිනිස්සු මැරෙන්නේ නැතිද? මෙයාලත් මානව හිමිකම් කඩකරනවා (නදී)
මේ විශේෂඥයෝම තමයි ඇෆ්ගනිස්ථානයට, ලිබියාවට සාමය උදා කරලා ආවේ. දැන් ඒ රටවල වල ඉන්න මිනිස්සු ඇමෙරිකාවට පින් දිදී ජොලියේ ඉන්නවලු. (නදී)
මේ විනාශයන් වලට මුල ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්. බටහිර බලවේග අපේ රටට හතුරුකම් කරන කොට පමණක් අපේ මිසුන්ට ඒවා හොඳින් තේරෙනවා. නමුත් වෙනත් රටක් අවුල් කර එරට විනාශ කරන කොට අපිට ඕව තේරෙන්නේ නැති එක කනගාටුයි. මේ රට වැසියන්ගෙන් ඒ බලවේග බලාපොරොත්තු වුනු දෙය හරියට දැන් සිදුවෙනවා. මේ දෙය ඉරාකය, ලිබියාව, ඊජිප්තුව, ඇෆ්ගනිස්තානය වගේ රටවල් වලටත් ව්‍යාප්ත කරලා ඔවුන්ගේ උවමනාවන් ඉටුකරමින් ඉන්නේ. (ස)
සදාම් හුසේන් විතරයි මේ ලෙඩේට බෙහෙත දැනගෙන හිටියේ. ඔක්කොම එකතුවෙලා එයාව මරාගත්තනම් දැන් විඳවන්නයි තියෙන්නේ. (අ)
මම පහුගිය දිනක මේ තීරුවට ලිවුවේ මෙන්න මේ දේ ගැනයි. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් මෙලෙස ජාති හා ආගම් භේද පතුරුවා හින් සීරුවේ රටට ඇතුල් වෙනවා. අපේ රටේ මුස්ලිම් සහ සිංහල දෙපිරිසම මෙයට ගොදුරු වෙනවාද..? (නදී)