ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන දිනය ඇමෙරිකා රජයෙන් තවමත් දන්වා නැතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පැවසීය.
ඔහු ශ්‍රී ලංකාවට එතියි ඔහු කීවේය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන දිනය ඇමෙරිකා රජයෙන් තවමත් දන්වා නැතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා පැවසීය.
ඔහු ශ්‍රී ලංකාවට එතියි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව පය තිබ්බ රටවල් ඔක්කොම තාම ඇවිලෙනවා.. ඊළඟට අපේ රටද? (බ)
මෙයාවත් පාර්ලිමේන්තු එක්කගෙන ගිහින් මෝදි මහතා වගේ උපදේශයක් ගනිමු, මෙයා තමා කිවේ හරි අපේ මිෂන් එක හරි , ලංකාවේ රෙජීම් එක චේන්ජ් කළා කියලා . එහෙම කියන කොටත් අපේ කට්ටිය අප්පුඩි ගහනවා . මෝදි ඇවිත් අපිට රජීව් බලෙන් දීපු 13 නැවත බල ගන්වන්න කියා අපේම පාර්ලිමේන්තුවේ දී කියන කොට අපේ අය අප්පුඩි ගැහුවේ , මේක ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් කියා හිතලාද දන්නේ නෑ. එක අනාවැකියක් මම කියන්නම් , දැන් හිලරි ක්ලින්ටන් නෝනා ආයේ ජනාධිපති වෙන්න හදනවා . වැරදිලාවත් එතුමිය දින්නොත් ශ්‍රී ලංකාවේ බෙදුම් වාදයට මහත් රුකුලක් වෙනවා, රට කැඩෙනවා නියතයි , මතකද හිලරි නෝනා රාජ්‍ය ලේකම් වෙලා ඉන්න කාලේ කරපු කියපු කියුම් ? (ස)
ඉරාකය, දකුණු ඇමෙරිකාව, ආසියාව ආදී රටවල් වලට ඇමරිකාව ගොසින් කල දේවල් තාම පෙනෙන්නට තිබෙනවා. අපි පරිස්සම් විය යුතුයි. (ස)
මෙයා ආව රටකට හොදක් වෙලා නම් නෑ
ඇමෙරිකාව අවස්ථාවක් ලැබුන ගමන් ඕනෑම රටකින් වැඩ ගන්නවා මිසක් උදවුවක් ඕනෑ වුණ වෙලාවට බටහිර රටකට හැර උදවුකළ රටක් සහ එයින් ගොඩ ආ රටක් කියනවද කවුරුහරි? (නි)
මං ඔයාට කට වරද්දගන්න එපාය කිව්වේ ප්‍රකාශ් මේ එන්නේ අපේ රටේ ලොකුතුමන්ගේ ගේ අධීක්ෂණ නිලධාරියා නිසයි. (ස)
මෙහෙ ඇවිත් මොනවා බල්ලන්නද ? මේ වගේ අය ලංකාවට ගෙන්න ආණ්ඩුවට කොන්න්ද පණ නැද්ද ? (ස)
දැන් සියලු දෙනාගේම ඇස් ඇරෙයි කියලා හිතනවා (දිල්)
නාමල්,නුවන්,දිසානායක, ඔයාලා ලියන්නේ ඇමෙරිකාවේ ඉඳලා නොව ලංකාවේ ඉඳලා නම් එදාට හොඳට අත හෝදගෙන උදෙන්ම යන්න.එතකොට එයාලා අත් මේස් ගළවලා අතට අතදෙනවා. එතකොට සියලු රෝග අපල දුරුවී සිතූ පැතූ සම්පත් දෙනවා. (නි)
මම ඉරාකයේ ඇමරිකන් බේස් කෑම්ප් එකක වැඩ කළා. මෙන්න ඇත්ත, සදාම් හුසේන් විනාශ කරපු ඇමරිකාව කළේ සදාම්ව විනාශ කරපු එක නෙවෙයි. රටේ ආර්ථිකය ඇමරිකාව උකස් ගත්තු එක. යුද්ධෙට කලින් 1990 අවුරුද්දේ ඇමරිකන් ඩොලර් එකකට ඉරාක ඩිනාර් 143 ක් ගන්න පුලුවන් වුනා. අවුරුද් 25 කට පස්සේ අද ඩොලර් එකකට 1150 ක් ගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඇමරිකාවෙ පිහිටෙන් ඒ රටේ අම්මලා අති බහුතරයක් ළමයින්ට කන්න දෙන්න අකැමැත්තෙන් වුනත් ලෝකෙ පරනම රස්සාව කළා. (ර)
ඔයාගේ කතාව ඇත්තයි සෙනෙවි, ඇමරිකාවට කඩේ ගියත් නොගියත් ගරා වැටෙන ඇමරිකාවෙන් අපට වසංගත ම මිස කිසි සෙතක් නම් වෙන්නේ නැහැ. එයාල කවදත් කරන්නේ අනිත් රටවල් වලට චන්ඩිකම් කිරීමත් ඒවා සූරා කෑමත් මිසක් උදව්වක් අවශ්‍ය වෙලාවට උදව් කිරීම නොවෙයි. ඉන්දියාව අපට පරිප්පු දමද්දී ජේ ආර් ගේ ඇමරිකානු ගැති විදේශ ප්‍රතිපත්තිය නිසා අපට තනි වීමටත් අසරණ වීමටත් සිදු වුණද කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමේ මානුෂික මෙහෙයුමේදී බටහිර බලපෑම් හමුවේ නොසැලී සිටීමට අපට හැකි වුයේ හිටපු ජනපතිතුමන් මේ යථාර්ථය අවබෝධ කරගෙන රටට හිත මිතුරු රටවල් සමග සබඳතා වර්ධනය කොටගෙන තිබුණු හෙයිනි. එසේ තිබියදීත් නැති චීන ව්‍යප්තවාදයක් ගැන ජනපතිවරණයේදී ජනතාව බිය වැද්දූ යහපාලකයෝ දැන් නැවතත් බටහිරට සහ ඉන්දියාවට ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට වහල් භාවයට ඇද දමමින් ඔවුන්ගේ මන දොළ පුරවනු පිණිස දෙමළ ජාතිවාදයටත් බෙදුම්වාදයටත් කප්පම් දෙති. (ස)
එන්නේ නැත්නම් ලංකාවේ වාසනාව! ඔය එන්නේ හොඳකට නෙමෙයි (නි)
ඔබාමා සර් එන්නේ කවදාද? (නි)
මධු කියන්න වගේ අපි කල්පනාකාරී නොවුණොත් අපේ රටේ ඉරණමත් ඇමෙරිකාව පය තිබ්බ අනිත් රටවල් වලින් වෙනස් වෙන එකක් නැහැ. රටේ බහුතරයේ සැබෑ නියෝජනයක් නැති පුද්ගලයෙක් සහ ආණ්ඩුවක් ඇමරිකාව (සහ ඉන්දියාව) නිසා බලයට පත් වුණත් කරුණු වටහා ගැනීමේ ඉවක් සහිත මහජනතාව ජාතිකත්වයට ඉව අල්ලමින් ඔවුන්ගේ සැබෑ නායකයා වෙත ඇදී යන්නේ නිල රාජ්‍ය නායකයාගේ විධායක බලතල සහ සය අවුරුදු ධුර කාලය පවා තඹයකට මායිම් නොකරමිනි. මේ තත්ත්වය යටතේ රාජ්‍ය මර්දනය උපරිමයෙන් යොදවා ජන මතය යටපත් කිරීමත් නොයෙක් චෝදනා නගමින් දේශපාලන විරුද්ධවාදීන් සිරගත කිරීමත් මගින් යහභීෂණය වපුරා රටේ පාලනය ඉදිරියට ගෙනයාමට උත්සාහ කෙරෙනු ඇත. අල්ලස් හෝ දුෂණ චෝදනා කොමසාරිස් විසින් තම බලතල ඉක්මවා කටයුතු කරමින් රාජපක්ෂවරුන් දඩයම් කිරීමට තැත් දැරීමත් එම කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය තහනම් කරමින් කල්තබා ලබා ගත් උසාවි නියෝගයෙන් ඇරඹුණු සිදුවීම් මාලාවත් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමත් මේ යහ භීෂණ පෙරහරේ පෙරටුගාමී කසකරුවෝ වෙති. (ස)
කට වරද්දාගන්න එපා ප්‍රකාශ් (නි)
අපේ රටේ අය ඕනෑම ගිනිගෙඩියක් ඔලුවට පාත් වෙනතුරු " එහෙම වෙන්නේ නැහැ,ඔය කිවුවට වෙන්නේ නැහැ,මම හිතන්නේ නැහැ" කියමින් ඉන්නවා. ගිනිගෙඩිය ඔලුවට පාත්වුණාට පස්සේ " මොකද කරන්නේ අපි හිතුවේ නැහැ, අපි රැවටුණා තමයි, අපේ කරුමේ, අවාසනාව, වෙන්න තියන දේ වුණා, මොනවා කරන්නද" කියමින් රිලව් වගේ උඩ බලාගෙන බෝධි පුජා කරමින් ඉන්නවා. (නි)
කඳානේ මහානාම මහතා ගේ කතාව ඇත්තයි. ඉන්දියාවට වගේ කොලනි සිහිනයක් චීනයට නැහැ. ඉන්දියාව කොලනි සිහිනය දැකීම ඇරඹුවේ එය බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමටත් පෙර මයි. අපේ පාර්ලිමේන්තුවට ම පැමිණ අපේ රට බෙදීමට උපදෙස් දී ගිය චණ්ඩි මෝදිට අත්පොලොසන් දෙන නිවට ආණ්ඩු පක්ෂයක් පමණක් නොව විපක්ෂ නායකයෙක් ද ඇති විට අපේ නිවහල් බව ගැන කවර කතාද? එහෙත් චීනය සැමදා අපේ රට අපහසුතාවකට පත් වුණු කල්හි සහයට පැමිණි මිතුරෙකි. එමෙන්ම චීනය සෙසු රටවල් අතර යම් හුදෙකලාවක සිටි අතීතයේ බණ්ඩාරනායකවරුන් විසින් දිගු කළ මිත්‍රත්වයේ හස්තය අද දළු ලා වැඩෙන සරු ආර්ථිකයක් ඇති විට ද අමතක නොකරන චීනය අපේ ආර්ථික වර්ධනය උදෙසා මෙන් ම ඊනියා යුද්ධාපරාධ චෝදනාවන්ට මුහුණ දීම උදෙසා ද අපට මනා සවියක් වෙයි. (ස)
සාදරයෙන් පිළිගන්නවා. (නි)
නව යටත් විජිත වාදය ඇමෙරිකාව යුරෝපය ඉන්දියාව සමග ලංකාවේ යහ පාලනයට. (ස)
සුමුදු ,ඔබ වගේ ලෝකය තේරුම් ගතහැකි බහුතර පිරිසක් අපේ ලංකාද්වීපයේ සිටියා නම් අපේ රට ලෝකයේ උසස් තැනකට පත්වෙනවා නිසැකයි. ඔබගේ අදහස් වලට ගරුකරමි. (නි)
එන දිනය හරියටම දන්නේ විග්නේශ්වරන් මහත්තය. (බ)
අපිට නම් දැනගත්තත් ඇති වැඩක් නැහැ (නි)
එයා ආවහම රටට මොනවද ලැබෙන්නේ? ඇමරිකාවට කඩේ ගියාට මෙතෙක් රටට ලැබුණු දෙයක් නැහැ. ඉන්දියාව අපිට අහසින් පරිප්පු දානකොට අපි ඇමරිකාවෙන් සහාය ඉල්ලුවා රටේ ආරක්ෂාව ගැන. ඇමරිකාව නෙමෙයි අපි දිහාවත් බැලුවේ. මම එතකොට විදේශ අමාත්‍යංශයේ වැඩකළේ. (නි)
චීන ආරක්ෂක ලේකම් ආවොත් හොඳ නැද්ද? (නි)
රට විනාශ කරන ව්‍යාපෘති නිලධාරියා නේද? (අ)
අපේ දුක -සැප බලන්න එනවා වෙන්න ඇතිනේද ..?රතු පලස දාලම පිළිගන්න .නැත්නම් පව්නේ....එයා........??(අ)
දිසානායක මහතාණෙනි, චීන ආරක්ෂක ලේකම් හෝ චීනය ලංකාවේ හෝ වෙන කිසිම රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට අතනොගහන බව ඔබතුමා නොදන්නේද? (නි)
වැඩේ නැඟලා යනවා වගෙයි.ඉක්මනටම බෙහෙත දේවි ලංකාවටත්. (නි)
නුවන්-කියමුකෝ බලන්න දුන්නු ආධාර මොනාද කියල? අවුරුදු 10 ක් තිස්සේ හොරා කාපුවටත් හරියන්න ඊටත් වඩා දහස් ගුණයකින් මහා බැංකුව හොර කෑව නේද යහපාලනේ? (බ)
එන දිනට සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව සිටිය යුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟයි. (නි)
ප්‍රකාෂ්, මේ මහත්තයා නම් ලංකාවට ආධාර දීලා මිස හොරාකාලා නැහැ. හැබැයි පහුගිය අවුරුදු 10 තිස්සේ ඔයාල ඔලුව උඩ තියාගෙන හිටපු අය නම් රට විනාශ කළා නේද? (නි)
ප්‍රකාශ ඔබ හරි ඔයගොල්ල තමයි රට බෙදන්න උදවු කරන අය . (ස)
කටවරද්දා ගන්න එපා ප්‍රකාශ් (නි)