ඇමරිකාව ශ්‍රී ලංකාව එරෙහිව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 22 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 12 කින් සම්මත වූ බව මින් මඳවේලාවකට කලින් වාර්තාවිය. පක්ෂයව ඡන්ද 25 ක් ද විපක්ෂව රටවල් 13 ක් ද ඡන්ද දුන් අතර රටවල් 8ක් ඡන්දය දීමෙන වැළකී සිටියේය. ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයනට ශ්‍රී ලංකාවට පැමිණිමට සලසන ලෙස එම යෝජනාවෙන් කියයි.
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකා යෝජනාව විවාදයට ගැනෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විසි දෙවැනි සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) පස්වරු 2.30 වන විට ආරම්භ වූ බව ජිනීවා විය.
”ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා වගවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවර්ධනය” මැයෙන් වූ එම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත එලීන් ඩැන්ෆේ විවාදය ඇරැඹුවාය.
අද පස්වරුවේම ඡුන්ද විමසීම සිදුකිරීමට නියමිතය. විවාදයට සහභාගි වෙන රටවල් මෙසේය.
ආසියා රටවල් 13යි. ඉන්දියාව, ඉන්දුනිසියාව, කුවේටය, මැලේසියාව, පිලිපීනය, කටාරය, තායිලන්තය, කටාරය, තායිලන්තය, පකිස්තානය, මාලදිවයින, දකුණු කොරියාව, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ජපානය.
අප‍්‍රිකා රටවල් 13:- ඇන්ගෝලාව, බෙනින්, බොට්ස්වානා, බ‍්‍රර්නිකෝ ෆසෝ, කොංගෝ, ලිබියාව, ටොරිටේනියාව, උගන්ඩා, ගැබෝන්, අයිවරි කෝස්ට්, ඉතිසෝපියාව, සියරාලියෝන් සහ කෙන්යාව.
ලතින් ඇමෙරිකාව රටවල් 8 :- චිලී, කොස්ටාරිකා, ඉක්වදෝර්, ගෝතමාලාව, පේරු, බ‍්‍රසීලය, වෙනිසියුලාව සහ ආර්ජන්ටිනාව.
බටහිර යුරෝපා රටවල් 7:- ඕස්ටි‍්‍රයාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය සහ ඇමෙරිකාව.
නැගෙනහිර යුරෝපා රටවල් 6:- චෙක් ජනරජය, පෝලන්තය, මෝල්ඩෝව, රුමේනියාව, එස්ටෝනියාව, මොන්ටි‍්‍රයාව.
ඉන්දියාව, චිලි රජ්‍යය, කොස්ටරිකා, පේරු, ඔස්ට්‍රියාව ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය ස්විට්සර්ලන්තය, චෙක් ජනරාජය, එස්ටෝනියාව, පෝලන්තය, රුමේනියාව, ඇමෙරිකාව සමග ඡන්දය දුන්නේය. ඉතියෝපියාව, මොරිතානියාව, ඉන්දුනිසියාව, කුවේට්, මාලදිවයින, කටාර්, තායිලන්තය එක්සත් අරාබිඑමීර් රජ්‍යය, ඉක්වදෝරය, පාකිස්තානය හා වෙනිසියුලාව විරුද්ධව ඡන්දය දුන්නේය. කෙන්නියාව, ජපානය, මලයාසියාව, ඡන්දය නොදුන් රටවල් අතර විය.
තිළිණි ද සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාටවත් ලංකාවේ අපිට වෙච්ච අසාධාරණය පෙන්නේ නැද්ද (දී)
රටවල් 12 ක් පුදුමයි.(නදී)
දැන් මේකෙන් හෙළිවෙන්නේ ලංකාවෙ යුධ අපරාධ වෙලා තියෙන බවද? (නි)
ඔබාාමට එන්න කියමු ඇවිත් බලලා යන්න කියමු... (නි)
අපිට ලැබිලා තියෙන්නේ හලාල් රටවල ඡන්දනේ. (නි)
ඉදිරියේදීවත් බුද්ධිමත්ව ක්‍රියා කළොත් රට ගොඩ දාගන්න පුළුවන්. විශේෂයෙන් ජාති බේදය ඇවිස්සෙන ක්‍රියාකාරකම් වලට රජය ඉඩ නොදිය යුතුයි. මාධ්‍යයද වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. (නි)
නියමයි මොහොමඩ්, ඔබ හරි.(නදී)
අපේ හමුදාව අපේ නායකයා යුද්දේ දිනුවේ කොන්ද කෙලින් තියාගෙන. දැන් මේ රටට පිටින් එන සහ ඇතුලත ඇතිවෙන ප්‍රශ්නවලට පිළිතුරු වියස්ථාමය වෙනස්කම් කර යම් යම් අලුතින් නීති ඇතුලත් කර යුතුය ජාතියත් බුද්දගමත් රැකගැනීමට තවත් ප්‍රමාද නොවී.(නදී)
ලංකාවට පිහිට වෙන්න ඉන්නේ මුස්ලිම් රටවල් පමණි. මේක අපේ උගත් සහෝදර සිංහල ජනතාව දන්නවා. (නි)
අපේ රට හැමදාම සතුරන්ට පරදින්න හේතුව මේ පුතිචාර වලින්ම පේනවා. අපිට ගැහැව්ව ඇමරිකාවට එක්කෙනෙක්වත් විරෝදය පලකරලා නැහැ. මෙතනත් එකාට එකා මරාගන්නවා. ලෝකය වනසක ඇමරිකාවට අපේ පිලිකුල.(නදී)
දැන් සතුටු ඇති (දී)
නොදන්න නිසයි අහන්නේ. දැන් ඉතින් ඊට පස්සේ මොනවද කරන්නේ.(නදී)
දැන් ඉතින් කට්ටියට මත්තලින්ම යන්න පුළුවන්නේ. (නි)
අපිට හිතවත් අය පේනවනේ. කව්රු කොහොම ඡන්දය දුන්නත් අපේ රටේ ස්වාධීන අයිතියට ඇගිලි ගහන්න දෙන්න බැහැ. කෝ මේ නිතරම කෑගහන උදවිය. දැන් තමයි අපේ එකමුතුකම පෙන්වන්න හොදම වෙලාව.(නදී)
ලංකාවට එරෙහි මතයක් ගොඩ නගන්නයි ලැහැස්ති වෙන්නේ (දී)
අපි ලංකා පුතුන් හැප්පිලා බලමු (දී)
අපේ අසල්වැසියා අපිට කොකා පෙන්නුවා නේද, දෙවන වතාවටත්. අප දැන්වත් අපේ මිතුරන් හඳුනාගත යුතුව ඇත. කොතරම් මල් මාලා දාලා, රතු පලස උඩින් පිළිගත් අපේ සමහර මිතුරන් යැයි අප සිතා සිටි අය, මිතුරෝ නොවෙති. ඔවුහු පස මිතුරෝය. කරදරයක් වුනාම පිහිටට නොඑන අසල්වැසියන්ගෙන් අපට වැඩක් නැත.(නදී)
ලන්කාවේ නම බේරා දුන්නේ හලාල් රටවල ඡන්දයි. හලාල් රටවලට මගේ උපහාරය! හරාම් රටවල් විරුද්ධවයි ඡන්දය දීලා තිබෙන්නේ. (නි)
අපේ බලගතු අසල්වැසියාවත් අපට නැතිකළ අප කෙසේනම් ඇමෙරිකාව සමග හැප්පේදෝ, සුමුදු? (නි)
විරුද්ද වාදියෝ බංගවේවා!(නදී)
ඉන්දියාව සමඟ තිබෙන සියලුම සම්බන්ධතා අපි නැවැත්විය යුතුයි (ස)
ලොකු වැඩක් කරලා කියලා හිතේ ඇති (දී)
ඒකෙන් පෙන්නේ ලංකාවත් එක්ක තරහා පිරිස වැඩ්යි (දී)
මගේ රටට අතදාන්න එපා. මරාගෙන මැරෙන්න මම සුදානම්.(නදී)
අපි නම් ඔය මොන බලවේගය ආවත් බය නැහැ (දී)
මුස්ලිම් රටවල් අටක් අපට පක්ෂව ඡන්දය දීලා තියෙනවා.(නදී)
රටක් විදියට යුද්දේ ජයගත් අපිට කරන කෙනෙහිලිකම් තමයි මේ. මේක සම්පුර්ණ ව්‍යාජ චෝදනාවක්. බලවත් රටවල සිදුවන මහා පරිමාණ මානව හිමිකම් කඩවීම් ගැන හොයන්න කව්රුවත් නැහැ. පොඩි රටක් විදයට අපි ත්‍රස්තවාදය දුරලෙවුවම කරන කෙනෙහිලිකම් තමයි මේ. අපි රටක් විදියට එකට සිටිය යුතුයි. (නි)
අපේ සමහරක් ඇත්තෝ බලකණ්ඩායම් පිහිටවාගෙන මොළය නැත්තන් ලෙස කටයුතු කරන්නේ ඇමරිකාවට වාසිවන විදිහටත් අපේ රටට අවාසිවන විදිහටත් බව කවුරු කවුරුත් තේරුම්ගැනීමට කාලය පැමිණ ඇත. (නි)
මතක තියා ගන්න වැඩි චන්දෙ කියුවට ලොකු ගණනක් නැහැ (දී)
ශාන්ත හරි, මොකද බාගයක්ම අකමැති වෙලා තියෙන්නේ (දී)
ඕකට තමයි තියන්නේ බොරුවට තවත් දගලන්න එපා කියලා. දැන්වක් ඕනානැති සේනාව තහනම් කරන්න වග බලාගන්න. නැත්නම් අනිත් මුස්ල්ම් රටවල සහයෝගයත් ලැබෙන එකක් නැහැ.(නදී)
ජපානෙට අලියෙක් දීලාවත් ඡන්දෙ දුන්නෙ නැද්ද? (නි)
මෙයාලටනම් අපේ රටට එන්න දෙන්න හොද නෑ (ස)
ඕවා ගණන් ගන්න එපා. (නි)
ලංකාවට සහයෝගය දීලා තියන සේරම රටවල් හලාල් රටවල්නේ. බල සේනාව මොනවා කියාවිද දන්නේ නැහැ.(නදී)
ජිනීවා නාඩගම දැන් නවත කරලියට පැමිණ තිබේ. මේ ගැන මමත් විශේෂ ලිපියක් පළකිරීමට කටයුතු කළේ මෙහි මතවාදී පසුබිම ගැන අපේ රටේ වැඩි දෙනෙකුට තවම හරි අවබෝධයක් නැති නිසයි. මේ ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න. http://prathiwadhiya.blogspot.com/2013/03/blog-post_21.html (නි)
මේ පරාජයට හේතුව ලංකාවේ ක්‍රියාත්මක කරන්න හදන ජාති බේදය. අදටත් ලංකාවේ ජාති බේදය අවුස්සන අය ඉන්නවා. ඒවට අහුවෙන්න එපා.(නදී)
හලාල් රටවල්නේ සහය දීලා තියෙන්නේ. (නි)
ශ්‍රී ලංකාවට පකෂව ඡන්දය දීපු මුස්ලිම්රටවල් සංඛ්‍යාව 6යි.දැන් වත් අර බොදු බල සේනාව කල්පනා කරා නම් හොදයි නේද? (නදී)
කුවෙට් ඡන්දය ලබා දීම ගැන ස්තුතියි. ජපානය ගැන කනගාටුයි.(නදී)
රුවන් සමහර අය මනුස්සය මැරිල අසරණ වුනු ගෑනු අයට හරියට උදවු කරනවා. මේවත් ඒ වගේ උදවු වෙන්න පුලුවන්.(නදී)
ගොඩක් මුස්ලිම් රටවල් අපට සහයෝගය දෙන්නෙ අපට ඇති ආදරයට නෙමේ ඒ ගොල්ලන්ගෙ අභිමථාර්ත ඉෂ්ඨ කර ගන්න.අපි විළිලැජ්ජ නැතිව ඡන්ද හිගාකකා එක එක රටවල් පස්සෙ බඩගාන්න යන්න ඕන නෑනෙ අපේ විදේශ ප්‍රතිපත්තිය නිවැරදිව මෙහෙයවනවනම්. ගොඩක් අපේ තානාපතිවරු කිසිම සේවයක් කරන්නෙ නෑ ලංකාවට.අනික අපි ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕන. පසුගිය කාලෙ අමෙරිකාවට මොන තරම් රජයෙ ජනමාධ්‍ය වලින් බැන්නද? සමහර වචන අපටත් අහන් ඉන්න බැරි ඒවනෙ කියන්නෙ. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ ඩයස්පෝරාව.මේක මම හිතන්නෙ ඉවර වෙන්නෙ නෑ. මෙහෙම ගියොත් හැම වසරකම අපිව තව තවත් තද කරන එක තමයි වෙන්නෙ.දැන්වත් දක්ෂ නිළධාරීන් විදේශ අමාත්‍යාංශයට යොදවගෙන ඉදිරි වැඩ පිළිවෙළක් සකස් කරන්න.නැතිනම් සිංහල අපට ඉදිරියට කිසිම රටකට යන්ඩ වෙන්නෙ නැති වෙයි. (නදී)
ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්‍රවිඩ නියෝජිතයෙකු ඉදිරිපත් වුණා නම් මේ තත්වය යම්තාක් දුරකට වෙනස් වෙන්න තිබුණා. කදිරගාමර්, තිරච්චෙල්වම් වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති රාජතාන්ත්‍රිකයෝ නොමැති වීමේ අඩු පාඩුව තමයි ඔතන සිදුවුණේ. (ස)
ඉතිරි මුස්ලිම් රටවලත් සහයෝගය ලබා ගැනීමට නම් කළයුත්තේ එක දෙයයි. (නි)
ලංකාව වෙනුවෙන් තීරණ ගන්නේ වෙන කවුරු හරිද (දී)
ලංකාවට සහය දුන් මුස්ලිම් රටවලට මගේ උපහාරය. බෞද්ධ ජනතාව අනෙක් සියළු ජාතීන් සමග එතට ජීවත් වීමට වග බලා ගත යුතුයි.(නදී)
බහුතරය හලාල් , සේනාව මොනවා කියයිද මන්දා? (නි)
බය වෙන්න එපා (දී)
අපිව විනාශ කරන්න කාටවත් බැහැ (දී)
ලෝකෙන් භාගයක්ම අපේ පැත්තේ (දී)
10,000 ට වැඩිය ප්‍රවෘත්තිය කියවලා තියෙනවා. ඒ වුනාට අදහස් නැහැ. මුස්ලිම් අයට විරුද්ධව උඩ පැන පැන අදහස් දක්වන කුහකයෝ සද්ද නැත්තෙ බහුතර ඡන්ද හලාල් නිසාද ? (නි)
මොකද ඇවිත් බලන්න කොටි අපිට කල හදිය (දී)
අමිල , විරුද්ධවාදියෝ බංගවේවා කිවුවට වැඩක් නැහැ. රටේ නීතියක් නැහැ. රටේ දැන් වෙන්නේ මොනවද? මේ දේවල් වලිනුත් දුක් විදින්නේ දුප්පත් අපි. (නි)
මුස්ලිම් රටවල් විපක්ෂව ඡන්දේ දුන්නේ ඇමරිකාව එක්ක තියෙන තරහට.(නදී)
මුස්ලිම් රටවල් ඡන්දය දුන්නේ ඇමරිකාව එක්ක තියෙන තරහට මිසක් අපිට සහයෝගයට නෙමෙයි.(නදී)
ඕකනේ කර ගන්න ඕන කම තිබ්බේ ඇමරිකාවට (දී)
හලාල් රටවල් වලට ඇමරිකාව හරාම්. (නි)
දැන් මොකද අපි කරන්නේ (දී)
ඇමරිකාවට අපිට විරුද්දව කෙලින්ම සම්භන්ද උනා නේද
රුවන් මල්ලි ඔයාගේ කටේ දාන්න ඕනේ මසුරන් (දී)
මුස්ලිම් රටවල් අපට ඡන්දය දුන්නෙ අපට ආදරයට නොව රාජත්‍රාන්ත්‍රිකව මේ ගැන හිතලා. ඒ අයටත් ඈමරිකාව සමග ප්‍රශ්න තිබෙනඑවා. (නි)
ඇමේරිකාවේ ගැටයට ඉන්දියාව අහුවුණා. දැන් ඉතින් බලාගන්න පුළුවන් ඉන්දියාවෙන් දකුණු ඉන්දියාව කැඩෙන හැටි. එතකොට ඉන්දියාවට කවුද ඉන්නේ කියලා බලමු. මැරුණු ප්‍රභාකරන්වත් ඉදියි ද මන්දා... (නි)
අල්ලලා දාන්න. ඇත්ත නැත්ත අවිල්ලාම බලා ගන්න කියන්නකෝ (දී)
ලංකාව ලෝකයා ඉදිරියේ දනින් වැටෙයි කියලා වෙන්න ඇති හිතාගෙන ඇත්තේ (දී)
ඔය මොක උනත් කාටවත් ඇත්ත හංගන්න බැහැ (දී)
මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපරාධ කරන අයට ඉක්මණින්ම දඩුවම් ලැබෙන්න කියලයි. (නි)
ඉන්දියාව එක්ක තියෙන ගණු දෙනු ඉවරයක් කරන්නයි තියෙන්නේ. යටි උගුල් අදින එයාලගෙන් අපිට මොනවද ලැබෙන්නේ (නි)
වැඩි චන්ද කියකින්ද ? අපිත් වැඩි චන්දයෙන් තමයි පැරදිලා තියෙන්නේ (දී)
ඊලග ඡන්දෙත් එල්.ටී.ටී එක හිලරිටමයි ආදාර කරන්නේ.(නදී)
ඉතින් ඊට පස්සේ? විරුද්ධ වාදියෝ අපේ රටට ඇවිත් මොනවා කරන්නද හදන්නේ. ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
මොකද වුනේ අපේ මිතුරු රටවල් වන ඉන්දියාව, ජපානය සහ දකුනු කොරියාවට.(නදී)
කෝ අර ජාතිවාදී අදහස් පලකරන කට්ටිය, කට්ටිය මුනිවත රකින්නේ ඇයි . කෝ ජාතිවාදී අදහස්.අපට ඡන්දය දුන් මුස්ලිම් රටවලට මගේ උපහාරය. (ස)
බොදු බලසේනා, අපි මීට එරෙහි වියයුතුයි නේද? (නි)
රුවන්, ලෝකයේ වැඩිපුරම තියෙන්නේ ක්‍රිස්තියානි රටවල් සහ මුස්ලිම් රටවල්. බහුතරයක් මුස්ලිම් රටවල් එකතු වෙලා ඉන්නේ අමෙරිකානු විරෝධී කඳවුරේ. අනිත් එක පලස්තීනයට ලංකාව දක්වන සහයෝගය.(නදී)
කෝ මේ බොදු බලසේනා. මෙන්න බොලේ මුස්ලිම් රටවල් අපට පක්ෂව ඡන්දය දීලා.(නදී)
වැඩකට ඇති දෙයක් නොවෙයි ඔය සම්මත උනේ (දී)
සිංහලයිනි, මෙහි අදහස් දමා ඇති මුස්ලිම් සහෝදර වරුන්ගේ ප්‍රශ්න වලට අපට දීමට උත්තර නැත, තමන්ගේ පාඩුවේ සුළු ජන කොටසක් හැටියට ජීවත් වන මොවුන්ට පාඩුවේ ඉන්න දීල අපේ බෞද්ද ජනතාව යහ මගට ගෙන ඒමට වග බලා ගමු.(නදී)
අවුරුදු 30ක් තිස්සෙ මරා දැම්ම අසරණයො පිළිබඳව ගොඩදෙනෙක් වග කියන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි (දී)
අපේ රටේ යුධ අපරාධ ගැන විතරද හොයන්නේ? (නි)
අපේ රට දියුණු වෙනවා බලාගෙන ඉන්න අකමැති අයට හොදක් නම් වෙන්න එපා. (නි)
දැන් ඊටපසසේ වෙන්නේ මොකක්ද? (නි)
රුවන්, මුතුකුඩ ප්‍රශ්නය බොදු බල සේනාව නෙමෙයි. ඇමරිකාවේ සුද්දන්ගේ දෙපතුල ලෙවකන්නනේ නැති එකයි. යුද්දේ ඉවර කරපු එකයි. ඔයාලා වගේ අය පිටරටින් ගෙනාව කීවා නම් ඕන කරුමයක් බදා ගනියි. අවුරුදු 5000 ක් බුදුසසුන බැබැලේවා.(නදී)
ඇමරිකාව කියන්නේ යුරෝපානු රටක්ද? (නි)
අපි අපිට තිබුන ලොකුම භාධකය විනාශ කළා. අනෙක් ඒවා අපිට මොන ප්‍රශ්නද (දී)
අමිල ඔයා බංග වේවා කිවුෙවි අපේ බල සේනාවටද?හා හා ඒෙහම කියන්න ඒපා.(නදී)
ඊළඟ ලෝක කුසලානයත් ඉන්දියාවට ලබා දෙමු (ස)
එතකොට ඇමරිකාව කරන පාදඩ වැඩ, ඉන්දියාව කාෂ්මීරයේ කරන වැඩ ගැන හොයන්න කව්රුත් නැද්ද? මේකට ගිය අයට මේ ටික කියන්න බැරි වුනාද? කවදා හරි ලංකාවේ ඊලමක් පිහිටපුවාම සිංහලයන් අතර සිටින ද්‍රවිඩයන්ව ඊලමට ගන්නවාද? නැත්නම් අකමැත්තෙන් වුවුද පන්නන්න සිද්ද වෙන්නේ නැද්ද? දැන් ඉතින් කියන්න තියෙන්නේ සිංහලයිනි නැගිටීමට සූදානම් සිටිනු තියලා විතරයි (නදී)
රුවන් සහ මුතුකුඩ මහතුනි. ඔබේ ඉඩමෙක් පර්චස් කීයක් පිනට දීලා තියෙනවද? නැතිනම් අඩුම ගානේ බස් එතේ යනතොට බැරි කෙනෙකුට ආසනය දීලා තියෙනවද? මම කම් මේ දෙකම කරලා තියෙනවා. (නදී)
දැන් ප්‍රභාකරන ජිනීවා වලට මල් වඩමක් අරගෙන එයිද දන්නෙ නැහැ. (නි)
මෙතන තියෙන්නේ තනිකර ඊර්ෂ්‍යාව, ලංකාව වැනි පුංචි උතුම් රටක් යුද්ධය ජය ගත්ත එක මෙයාලට දරාගන්න බැරුව ඇති. කවදා හරි සත්‍ය ජය ගනීවි.(ස)
සත්‍යය ජය ගන්නවා කවදා හරි (දී)
එස්ටෝනියාව, පෝලන්තය, රුමේනියාව, ඇමෙරිකාව සමග ඡන්දය දුන්නේය. ඉතියෝපියාව, මොරිතානියාව, ඉන්දුනිසියාව, කුවේට්, මාලදිවයින, කටාර්, තායිලන්තය එක්සත් අරාබිඑමීර් රජ්‍යය, ඉක්වදෝරය, පාකිස්තානය හා වෙනිසියුලාව ඔබට ස්තුකියි. ඉන්දියාව, චිලි රජ්‍යය, කොස්ටරිකා, පේරු, ඔස්ට්‍රියාව ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය ස්විට්සර්ලන්තය, චෙක් ජනරාජය, එස්ටෝනියාව, පෝලන්තය, රුමේනියාව කරුණාකර අපේ රටට ඇවිත් සත්‍ය දැනගන්න. (නදී)
අපි වැරද්දක් කරලා නැහැ (දී)
ඉන්දියාව අපගේ මිතුරෙකු ලෙස සිතීම නවතා දැමිය යුතුයි. (නි)
ඒ වුණාට ඉන්ජෙක්ෂන් එක දෙන්නේ ලංකාවේ අහවල් පළාතේ කට්ටියනේ. (නි)
තව හොදට තියෙන රේල් පාරක්වත් ගලවලා ඉන්දියාවට දෙමු කොන්ත්‍රාත් එක. අපිට උදව් කරන්න හරි දක්ෂයෝනේ ඒ ගොල්ලන්.(නදී)
මේ මොහොතේ දේශපාලන කුහකකම් පසෙක ලා සියළු දෙනා එකතු වී රට වෙනුවෙන් වැඩකළ යුතුයි. (නි)
සැලෙන්න එපා, අපි දිනනවා (දී)
මුස්ලිම් රටවල් අපට සහයෝගය දුන්නා. අපේ අය වගේ ඒ රටවල් වල මිනිස්සු කුහක නැහැ. අපට සහය දුන් සැමට ජයවේවා!(නදී)
දැන් ඉතින් තමිල්නාඩු අය හිතාගෙන ඇති කවදාහරි මේ රට දෙකඩ කරලා ඊලම පිහිටුවන්න පුලුවන් වෙයි කියලා. ඒවා දවල් හීන විතරයි. නුදුරේදීම ලොව විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයට අප තවත් සමීප වියයුතුයි. ඔවුන් සමග අපට ඉන්දියාව අභිභවා විශාල ගමනක් යාහැකියි. මේ ආසියාව ලොව දිනන වකවානුවයි. තෙවන විශාලම ආර්ථිකයට හිමිකම් කියන ඡපානයද අප සමගයි. (නි)
සත්‍යය ජය ගන්නවා (දී)