ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී 22 වැනි සැසිවාරයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඇමෙරිකාවෙන් බ්‍රහස්පතින්දා ඉදිරිපත් කිරීමට නියමිතය. එදිනම ඡන්ද විමසීමට ද නියමිතය.
ශ්‍රී ලංකාව ඊට එරෙහිවන බව ශ්‍රී ලංකා දූත පිරිසේ නියෝජිත ඇමැති මහින්ද සමරසිංහ කියයි.
විසි දෙවැනි සැසිය අමතමින් ඔහු කීවේ ශ්‍රී ලංකාවට සපයන තාක්ෂණික අධාර ගැන සොයා බැලීමට ආ මානවහිමිකම් නිලධරයන් පිරිසක් ඔවුන්ගේ ඉම ඉක්මවා ගොස් ඉදිරිපත් කළ වාර්තාවක් පදනම් කරගෙන ඇමෙරිකා යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
වාර්තා දෙකේ ලේඛන ශෛලියෙන් ද ඒ බව පෙනෙතියි ද, එම වාර්තාව වැරදි හා දුර්මත බහුල බවත්, මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට එම කමිටුවට බලයක් හෝ නීතිමය ඉඩකඩක් නැතැයිද එහෙයින් විශේෂඥයන්ගේ උපදේශක කමිටු වාර්තාව ශ්‍රී ලංකා රජය නොපිළිගන්නේයැයි ද සමරසිංහ මහතා 22 වැනි සැසිය අමතමින් කියා සිටියේය.
ශ්‍රී ලංකාව කිසි විටකත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කිසිවක් වසන් නොකළ බවත්, හැමවිට සහයෝගය දැක්වූ බවත් පැවසූ සමරසිංහ මහතා වත්මන් කමිසුරුවරියට ශ්‍රී ලංකාවට එන ලෙස 2011 අප්‍රේල් මාසයේ සිට ඇරයුම් කර ඇති බවත්, මෑතදී ඇයට දකුණු ආසියාවට පැමිණිමට ඉඩකඩ තුබූ නමුත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ කඩ නොතිබූ බවත් කියා සිටියේය.
දෝෂ සහිත සහ වරදවා වටහාත් ලියැවිලි මත ශ්‍රී ලංකාවට එරෙහිව වැඩිදුර ක්‍රියා කිරීමට ගන්නා හැම උත්සාහයකට එරෙහිවම විරුද්ධ වන බවත් එවැනි අභූත චෝදනා මත ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීමෙන් පූර්වාදර්ශයක් ඇති නොකරන ලෙස මානව හිමිකම් කවුන්සලයෙන් ඔහු ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන් එකාට බැරි එකා ගහන එක තමයි කොහෙත් වෙන්නේ. අපේ රටෙ හරි දෙය හරියට වෙනවා නම් මේ මුකුත් වෙන්නෙ නැහැනේ. (නි)
ලංකාවත් එක්ක තියෙන තරහක තරම (දී)
කොහොමද තියෙන කේන්තිය (දී)
අසාධාරණයි ඒක (දී)
ඔය චන්ද විමසීම වැඩකට ඇති දෙයක් නොවෙයි (දී)
සැලෙන්න එපා (දී)
ජයා, අර පරණ කතාවක් තියෙනවා ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයා, වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයා කියලා. මම හිතන්නේ ඔය මේක අහලා නැද්ද මන්දා. අපිට ඕනේ කරදරයක් දානකල් උඩ බලාගෙන හිටියොත් ස්වභාවධර්මෙන් දඬුවම් ලැබෙයි කියලා, තව අවුරුදු 100 ක් වත් ඉන්න වෙයි. අපි අපේ රට පළමුව රැකගත යුතුයි. අපි අවුරුදු 30ක් මෑත කාලයේ ඒක කරලා දිනුවා ඔබට මතක නැද්ද? (නි)
කවුරු මොනවා කලත් අපිට මොකුත් වෙන්නේ නැහැ (දී)
ඇමරිකන් කාරයා ඔහොම්මම තමයි (දී)
මොනවා වේවිද (දී)
ඇමරිකාවට බය වෙන්න එපා (දී)
ලංකාවේ නඩුවක් කියන්න ගියොත් ගෙවල් ඉඩම් උගස් තියන්න වෙනවා. අපිටත් සාධාරණයක් හොයාගෙන දැන් ජිනීවා යන්නයි වෙලා තියෙන්නේ (නි)
අපිටත් සාධාරණයක් හොයාගෙන දැන් ජිනීවා යන්නයි වෙලා තියෙන්නේ. (නි)
අපි කාටද බය ... අපිට කවුද බය (දී)
අපගේ දේශපාලකයින් අද පටන් හෝ හොද අය විය යුතුයි. කෘෂිකර්මාන්තය පළමුව නගා සිටවිය යුතුයි. අප දියුනු වෙනකල් අවශ්‍ය තෝරාගත් බෝග වර්ග වගා කර ගත යුතුයි. ඉන්ධන සදහා වන්නා වූ බෝගද වගා කර ගත යුතුයි. නීතිය කාටත් පොදු කළ යුතුයි. එවිට ජය නියතයි. රට තුළ සතුරන් හදුනා ගැනීම රටින් පිට සතුරන් හදුනා ගැනීමට වඩා වැදගත් වේව්. ස්වාධීනව නැගිටිමු. (නි)
ඔය ඇමරිකන් යකා කියන තරම් කළු නැහැ. (නි)
ලංකාව එක්ක තියෙන තරහා මෙච්චරයි කියලා කියන්න අමාරුයි (දී)
තමිල්නාඩුවේදී අපේ රටේ භික්ෂුන් වහන්සේලාට ගහන එක, හිරිහැර කරන එක ඔය කියන මානව හිමිකම් කඩකිරීම් ගනයට ඇතුළත් වෙන්නේ නැද්ද කියලා ඇමරිකාවේ මානව හිමිකම් අයගෙන් අහලා දැන ගන්න ක්‍රමයක් නැද්ද දන්නේ නැහැ නේද? ත්‍රස්තවාදීන් අපේ රටේ හාමුදුරුවෝ බුරුතු පිටින් කපලා කොටලා මරපු වෙලාවේ ඔය කියන හිමිකම් කාරයෝ මේ ලෝකේ නොවෙයි වෙන්න ඇති ඉන්න ඇත්තේ.මේවා ගැන ස්වභාව ධර්මය විසින් නියම සාදාරණේ ඉටු කරාවි වැඩිකල් නොගොස්. අපි නිහඬව එතෙක් බලා ඉදිමු. අසාදාරණේට වැඩි ආයුෂ නැති බව ඇමරිකාවට නොවැටහෙනවා ඇත්තේ එයාලා බුදුදහම ගැනත් නොදන්නා නිසානේ. බලමු, බලමු. (නි)
අපි නම් බය නැහැ (දී)