IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමෙරිකා බද්ද ගැන කතා කරන්න ලංකා නියෝජියෝ වොෂින්ටනයට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන්  වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිත  බව ජනාධිපති කාර්යාලය පවසයි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත  සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර  ප්‍රතිඵල ලබා ගැනීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලින් අපේක්ෂා කෙරෙනු ඇත.

මෙම සංචාරයට පෙර, එයින් රටේ අවශ්‍යතා හොඳින් නියෝජනය වන බව තහවුරු කරලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ රැස්වීමක් කැඳවා තිබුණි. 

ඉදිරි සාකච්ඡා වලින් යහපත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සහතික කිරීම සඳහා අවධානය යොමු කළ යුතු ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික උපාය මාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිර්මාල් විග්නේෂ්වරන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දර්ශන පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (3)

ඇමෙරිකා බද්ද ගැන කතා කරන්න ලංකා නියෝජියෝ වොෂින්ටනයට

don Friday, 23 May 2025 09:46 PM

ඡන්ඩි වගේ අනිත් රටවල් වලින් එන බදුවලට ටැක්ස් ගහලා අපේ රටෙන් යන බදුවලට සහන ඉල්ලන්න ලැජ්ජා නැද්ද? හිරිකිතයි. පාරෙ හිඟාකනවා ඔයිට වඩා හොඳයි.

:       4       8

ගුණරත්න Saturday, 24 May 2025 11:58 AM

දොන් මහත්තය කියපු එක ඇත්ත, අපි අනිත් රටවලට බදු ගහනවා නම් එම රටවල් වලිනුත් බදු ගැසීම අපේක්ෂා කරන්න ඕන, ඕක තේරෙන්නේ නැති මන්ද මානසිකයෝ අනෙත් රටවල් වලට ගරහනවා. ඔවුන්ගේ සාන්තුවර ආණ්ඩුවට කෙණෙහිලි කරනවා කියල‍ා...

:       0       7

චන්දිම Saturday, 24 May 2025 03:16 PM

දැන් කානු කටාගේ පුතාණෝ කිව්වා නේද යවපු ලියුමට අමෙරිකාවෙන් උත්තරයක්වත් නැහැ කියලා...?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site