මිනිස් පරිභෝජනයට නුසුදුසු බැක්ටිරියාවක් ඇමෙරිකා ඇපල්වල අඩංගු බවට තහවුරු වී ඇති බව ඇමරිකා ආහාර දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
දැනට මෙරට වෙළදපොළේ ඇති ඇමෙරිකා ඇපල් ඉදිරි දින කීපයේ ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරණු ඇති බවත්, නමුත් වෙළද පළේ ඇත්තේ ඇමරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් ද වෙනත් රටකින් ආනයනය කරන ලද ඇපල්ද යන්න තහවුරු කර ගැනීම ගැටළුවක් බවද ඔහු කියයි.
මෙම තත්ත්වය නිසා ඇපල් මෙරටට ගෙන්වීමේදී ව්‍යාපාරිකයින් සතුව ඇති බිල් පත් හා වෙනත් ලියකියවිලි පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදුවන බවත් කෙසේ වෙතත් ව්‍යාපාරිකයින්ද මෙම අවස්ථාවේදී සද් භාවයෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙම තත්ත්වය නිසා හැකියාවක් ඇත්නම් ඉදිරි දින කීපයේ ඇපල් කෑමෙන් වැලකී සිටින ලෙස ඉල්ලීමක් කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන්ගේ සංගමයේ සභාපති සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි.(හේ)
අපි නම් දරුවෙකුට කවදාවත් ඔය ජරාව දීලා නැහැ. දැන්වත් මතක්වුණ එක ලොකුදෙයක්. අද සිට මගේ ලක් දරුවනි, කිසිදිනක ඔය ජරාව කන්න එපා (නි)
ඒ කියන්නේ මේවා රට ඇතුලට එද්දී හරියට පරික්ෂාවට ලක්වෙලා නෑ කියන එකනේ. ඒකත් එවාපු රටෙන්ම කියපු හින්ද හොඳයි. දැන් කරන්න තියෙන්නේ ඇමෙරිකන් ඇපල් කාල ලෙඩ හැදුනම බේත් කරන්න ඇමරිකා යන්න වීසා ඉල්ලන්නයි. එතකොට නොදී බැහැනේ (නදී)
මම නම් හිතන්නේ ඇමරිකාවේ ඇපල් විතරක් නොවෙයි කිසිම දෙයක් සමාජයටම සුදුසු නැහැ කියලයි. මේ විදිහටම වකුගඩු රෝගයට හේතුව ගැනත් සොයාබලන්න කියා මම යෝජනා කරන්න කැමතියි. (නි)
මේ රජයට හොයන්න බැයිද කව්ද මේ ඇපල් ලංකාවට ගෙනාවේ කියා. කොහෙන්ද ගත්තේ අපි දැනගන්න කැමතියි (නදී)
යහ පාලනේ ඇපල් වලිනුත් පලි ගන්නවද? (නදී)
අනේ මේ රජයට ඕවා හොයන්න වෙලාවක් නැහැනේ. අපි මේ මොනවා අහනවද. මෙයාලාට කරන්න තිබෙන එකම දේ තමා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වැරදි හොයා හොයා රට වටේ දුවන එකනේ වෙලා තියෙන්නේ. (නදී)
අපේ රටේ දේවල් ආහාරයට ගන්න කියන්නත් අමාරුයි. කවුද දන්නේ මෙහෙ මොනවා ගහනවද කියලා. කොහොමත් දේශීය දේ පරිහරණය කිරීම වඩා උචිතයි කියලයි මගේ හැඟීම. (නි)
මේක නම් බොහොම හොඳයි (නි)