(ආරියරත්න රණබාහු)
ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙකු සඳහා නව වාහන මිලදී ගැනිමට රුපියල් තිස්හත් කෝටි දසලක්ෂ අනුහත් දහසක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවේ පරිපුරක ඇස්තමේන්තුවක් අද (24) ඉදිරිපත් කැරිණි.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙය ඉදිරිපත් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙණ පතමි.
ගන්න ගන්න තව ගන්න. අරගෙන තව බදු වැඩි කරන්න.
මෙගොල්ලොන්ට ගමන් යන්න දැනට වාහනයක් ඇත්තෙම නැද්ද
ගයන්තට තියෙන ගෞරවය නැති වෙනවා මේවා ඉදිරිපත් කරන නිසා
රටේම ඉන්න ගැහැණු ටික මැදපෙරදිගට වහල් වැඩට පටවල ඒ එන මුදල් නැතිනම් රට මේ වෙනකොටත් ඉතියෝපියාවක්,සෝමාලියාවක්, උගන්ඩාවක්, කෙන්නියාවක්, සුවසිලන්තයක් වෙලා ඉවරයි.එහෙව් හිගා කකා ආර්ථිකය පන ගැටගහගෙන යන රටක ඇමැතිවරු නවයකට වාහන ගන්න කෝටි 37 ක් වෙන් කිරීම මොන තරම් අපරාධයක්ද?හෙන ගහන අපරාධයක්ද?
පිලිපීනයේ ජනාධිපති පාවිච්චි කරන්නේ මිල අඩුම "පික් අප්"එකක් සහ යතුරු පැදියක්. පිලිපීනයේ ජනාධිපති කතාවක් කලොත් ඒ කතාව ලෝකයේ විසිරි සිටින පිලිපීන ජනතාව විස්වාසයෙන් බලනවා. ඒ නිසා එතුමාගේ කතාවක් යු ටුයුබ් එකේ දැම්මත් ලක්ෂ 24-26 ක් බලනවා.අපේ රටේ උදවියගේ කතාවක් බලන්නේ 250-260 වගේ පිරිසක්.ඒ තරමට පිරිහිලා. විශ්වාසයක් කියන දේ නැති කරගෙන.
මේ ගොන් වැඩ වලට ඉන්දියාව වගේ ආසියානු රටවල් වල මිනිස්සු පිටිපස්සෙන් හිනා වෙන්නේ. කොයි ඇමතිය අවත අම්බස්සොදෙර් කර එක තමයි පාවිචිචි කරන්නේ . ආදර්ශමත් රටවල්.. අපේ අය හිතන් ඉන්නේ ලංකාව කියන්නේ පුංචි එංගලන්තයක් කියල. අපොයි සල්ලි වලට කරන දේවල්.
බක්මහ අකුණු ප්‍රර්ථනා කල යුතුයි.
අපේ පුංචි ශ්‍රී ලංකාව "ගිනිස් ලෝක වාර්තා පොතට" ඇතුලත් වුනේ මෙවැනි පොඩි රටක තිබෙන්නේ ලෝකයේ විශාලතම ඇමතිවරු සිටින රට හැටියටයි ! මීළඟට ඒ වාර්තා පොතට අපේ රට ඇතුලත් වන්නේ, ඇමතිවරුන්ටත් වඩා වාහන තිබෙන ලෝකයේ එකම රට හැටියටයි !!! දන්සල් වගේ, එක ඇමතියෙකුට වාහන කීය බැගින් බෙදා දී තිබේද ? අනේ මෙහෙම ලජ්ජා නැති යහපාලනයක් ..... රටේ තිබෙන දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට ඇමතියෙකුට වාහනයක් නැතුවම බැරි රටක් වෙලා තිබෙනවා ඉන්දියන් සාගරයේ පාවෙන (අ)මුතු ඇටය !!!!
දැන් හීන් බබා සීයා පත්තරේ බලන එක නවත්තලද කොහෙද .
මේ රටේ මෝඩ ජනතාව හැමදාමත් මේ දෙගොල්ලොන්ට රැවටෙනවා
මහජනය මෙන්න මේවටයි විරුද්ධ විය යුත්තෙ, පෙලපාලි යන්න ඕනෙ.
අපේ හාමුදුරුවනේ මහින්දගේ කාලේ මේවා වැරදි වුනාට මේ යහපාලන කාලේ මේවා වැරදි නෙමෙයි.
දැන් මාස ගානකට කලින් කෝටි සිය ගානක් ඉල්ලා ගත්ත ඇමතියන්ට වාහන ගන්න. සති කීපෙකට කලින් තව කෝටි 54ක් අනුමත කරගත්ත, දැන් අයෙත් කෝටි 34ක්. මෙයාලගේ හොඳ සෙල්ලම - එක සැරේ ඉල්ලුවම මිනිස්සුන්ගේ විරෝධේ වැඩිවෙන නිසා සතියෙන් සතිය කෝටි 40-50 වෙන වෙනම ඉල්ලන්නේ දැන්. මේ නාස්ති කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩට ගහල ගන්න බදු මුදල්, අහිංසක මිනිස්සු පිටරටවල මහන්සිවෙලා එවන සල්ලි. පවුල් පිටින් හෙන වදින්න ඕන, කුණු වෙලා යන්න ඕන මෙහෙම තක්කඩි!
හොරුත් එක්ක හොරු එකතුවී තියෙන සේසතක් පිල්ලි ගහනවා නේද බක්මහ හෙනයක් හරි වැදේවා මේ රට මේ අයගෙන් බේරලා දෙන්න දෙවියනි
ඉස්සර කාලේ මන්ත්‍රීලා, කාපට් නැති පාරවල්වලත් ගියේ මන්ත්‍රී මොඩල් ජීප් වලින්.අද මුන්ට මරුටි වාහනයකින්වත් කාපට් පාරක යන්න බැරිලු කොන්දේ රුදාව හැදෙන නිසා. ඔය විදියට තමයි ජනතා සේවය කරන්න ඕන. හැබැයි,මතක තියාගන්න. ඉදිරියට එන්නේ මෝසම් වැසි කාලේ.බලාගෙන එලියට බහින්නේ. තව මදි නම්, වැට් එකත් 30% කරපල්ලා.
මේ ප්‍රවනතාවය ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල දක්නට ලැබෙන දෙයක්. ඊට හේතුව අද බොහෝ දෙනා පාර්ලිමේන්තුවට යන්නේ රට දියුණු කරන්න නොව, පාර්ලිමේන්තුවේ ඉන්න සීමිත කාලය තුල තමන්ට හැකි තරම් ධනය රැස් කර ගැනීමටයි.
අනේ අපේ වාසනාව! දවසෙන් දවස අපිට දුන්නු යහපාලන පොරොන්දු ඉෂ්ට වෙන හැටි දැක්කම අනේ අපේ වාසනාව කියලාම හිතෙනවා. දැන් නිකම් මොකද්ද මොකද්ද වගේ!
මෙය අපේ රටේ දේශපාලකයන්ට තිබෙන මානසික ප්‍රශ්නයක්
හොඳම වැඩේ කියන්නේ , මම වැඩකරන ආණ්ඩුවේ ආයතනයක කාලයකට ඉස්සර අනුමත වුණු ව්‍යාපෘතියක් පටන් ගන්න බැරුව ඉන්නව මොකද මුදල් අමාත්‍යංශයෙන් හැමදාම කියනවා ඒකට දෙන්න සල්ලි නැහැ කියල
මේකේ ලොකු වරදක් මට පෙන්නේ නැහැ. ජනතා නියෝජිතයන් වුනාම නිතර ගමන් බිමන් යන්න අවශ්‍ය වෙනවා. මේක විවේචනය කරන අය වුනත් ඇමති කෙනෙක් උනොත් මෙහෙම වාහන ගන්නවා. කුහක වෙන්න හොද නැහැ.
ඔන්න බොලේ යහ පාලනේ .
තමන්ගේ පියාට අමාරුවෙලා ප්‍රධාන රෝහලට ගෙනයන්න ගිලන් රථයක් හොයපු පුතෙකුට අවට රෝහල්වල තිබෙන ගිලන් රථ සියල්ලම ධාවනයට නුසුදුසු බව දැන්වීමෙන් එම පියා රෝහලේදී මියගිය පුවතක් දුටුවා .. මට ඔය පරිපුරකය ගෙන ලියන්න තිබෙන එක ලීවොත් මෙහි පලකරන එකක් නොමැති නිසා නොලියමි ..
මෙහෙමත් විලි ලැජ්ජාවක් නැති කුජීත ආණ්ඩුවක් දැක්කමයි.රටේ දැවෙන ප්‍රශ්න අනන්තයි.බදු මිල අහස උසට.මුන්ට සැප වාහන.වැහි දවස්වලට ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ.නැතිනම් හෙන පත්වෙයි.ඒවගේම කඩේ ගිය දැන් කට්ටියට සැපද?
මුන්ට ශාපවේවා !!!
දෙසපාලුවෝ ජනතාව ගේ ලේ ටික බොනවා,
මේ අයට හෙන ගහන්න ඔ්න
රටෙි අභාග්‍යමත්ම කාලයක මෙි දේශපාලකයින් කරන්නේ මහජන විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ක්‍රියාවක්. මෙි තත්වය කොහෙත්ම අනුමත කරන්න බෑ. රනිල් ගැන තියෙන විශ්වාසය දැන් අවසන් වීගෙන යන්නේ.මෛත්‍රිපාල කොහොමටත් විශ්වාසයක් තිබුනේ නෑනේ. රටෙි ජනතාව එක සිතින් මුන් සියලු දෙනාටම හෙණ වදින්න ඔිනෑ කියන තැනට ඇවිත් තියෙන්නේ. ජනතා හැගුම් තේරෙන්නේ නැති වසලයෝ ටිකක්.
බුද්ධික වගේ උගතුන් තමා අපේ රටට ඕන. කුහක වෙන්න හොඳ නැ.
ඔතන ප්‍රශ්නේ කවුරු කොහොම මොනවා කිව්වත් තමන්ගේ බල ප්‍රදේශයේ යද්දි මන්ත්‍රී හරි ඇමති හරි ලොකු වාහනයක ගියේ නැත්නම් මිනිස්සු ඒකටම හිනා වෙන එක.මොකද මිනිස්සු ජනතා නියෝජිතයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තමන්ට පිහිට වෙන එක. එතකොට බයිසිකලේ නැත්නම් මරුටියේ එන ජනතා නියෝජිතයෙක්ට තමන්ට පිහිට වෙන්න පුළුවන් කියලා මිනිස්සු හිතන්නේ නෑ. ඒ වගේම ඔය වාහන ගන්න වෙලා තියෙන්නේ ලංකාවේ තනතුරු අනුව වාහන දීලා තියෙන හින්දා. අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඉඳන් උඩහටම නිල වාහන (පර්මිට් වාහනයට අමතරව) දීලා තියෙද්දි ඇමතිලා වාහන ඉල්ලන එක පුදුමයක් නෙවෙයි.
මුදල් ඇමතිගේ උපදේශයක්ද? කොහෙන් හරි තව මොකක් හරි සම්මානයක් හම්බවෙයි.