වගකිවයුතු ඇමැතිවරුන්ගෙන් කොටසක් ජනතාවගේ සිතුම් පැතුම්වලින් ඉවත් වී යම් යම් ප්‍රකාශ කරන බවත් මහින්ද අමරවීර ඇමැති ඉක්මනින් ආණ්ඩුවක් හදන වැඩපිළිවෙළක සහ මතයක හිදිමින් ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ ඇමතිවරු එම ක්‍රියාවේ නියැලෙන බවත් එය ඉතා වැරදි ක්‍රියාවක් බවත් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
‘අවරුදු දෙකක කාලයකට ඇමතිදුර ලබාගත්තේද? ජනාධිපතිවරයා මෙම දෙපාර්ශවය එක්වුණු ආණ්ඩුව හැදුවේ අවුරුදු දෙකකටද ? යන්න ප්‍රශ්න කරන බවත් කී රත්නප්‍රිය මහතා විපක්ෂයේ මුදල් උපයන මන්ත්‍රීවරු සහ සමහර උදවිය ආණ්ඩුවේ ව්‍යුහය වෙනස් කිරීමට යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන බවත් කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා පහුගිය ආණ්ඩුවේ කළ දේවල් කරන්නට ලැස්තිවෙන්නට එපා යයි ආණ්ඩුවේ ව්‍යුහය වෙනස් කිරීමට වෙර දරන අයට කියා සිටින බවද ඔහු සඳහන් කළේය.
පුරවැසි සංවිධාන එකමුතුව මගින් අද (28) සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදී රත්නප්‍රිය මහතා ඒ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් ඕවාට වග කියන්න ඕනි! දැන් බොරු කයිවරු ගහනවා ! (ම)
අපි මෙයා ගැනත් දන්නවා (ම)
එතකොට ජනතාව ප්‍රතික්ෂේප කල අයට මන්ත්‍රීකම් සහ ඇමැතිකම් දීම වැරදි වැඩක් නොවේද? (ම)
මෙයා කියන විදියට වැඩ කරන්න වග බලාගන්න.(බ)
ඔය කියන කෙනාට මේ රටේ ජනතාවගෙන් ඡන්ද කීයක් ලබා ගන්න පුලුවන්ද, 3,4 දෙනෙක් කැඳවල සතියක දෙකට සැරයක් මාධ්‍ය සාකච්ඡාවක් තියල මේ අපිත් මෙහෙ ඉන්නවා කොනක එල්ලිලා කියල රටට පෙන්වනවා. හැකිනම් 500 රැස්වීමකට ගෙන්නලා පෙන්වන්න පුළුවන් නම් ලොකු දෙයක් (බ)
පත්තර කාරයෝ ටික නැත්නම් ඔයගොල්ලෝ ඉන්නවද නැද්ද කියල රටේ මිනිස්සු දන්නේ නැහැ . 500ක් එකතු කරලා රැස්වීමක් තියන්න පුලුවන්ද කියල බැලුවොත් නරකද (බ)
අය්යෝ අපේ රටට ගිය කලක් ......ලුලා නැති වලට කනයා පණ්ඩිතයා කිවලු .....(බ)
වෙනසේ සුළු පියවරු .....(ම)