කොළඹ 07 ය. අමාත්‍යංශයේ ය. අර්බුධයකට මුහුණ පා සිටින ඇමතිවරයෙකි. මාධ්‍යවේදීන්ට ඇරයුමකි. ඒ ජාතියේ 12 දෙනෙක් පමණ එහි ආහ. හතර දෙනෙකු තුනට ඇතුලට ගන්නා බව එහි සිටි අයෙක් කීය. තව හතර දෙනෙකුට 3.30 ට ඇතුලට යවන බව දැන්විණි. ඉතුරු 04 දෙනා ප.ව 4 ට ඇතුලට ගන්නා බව කීවේය. ඒ එකක්වත් නොකෙරිණි. මාධ්‍යවේදීනට වෙන් වෙන්ව සම්මුඛ සාකච්ඡා දෙන බව ඇමැති කියා තිබිණි. එහෙත් ප.ව 1.00 ට ආ අය ප.ව 2.00 ට ඇතුලට ගියහ. ප.ව 4.15 වන තුරුත් ඔවූහු ඇතුලේය. එතෙක් එහි සිටි මාධ්‍යෙව්දියෝ එකා දෙන්නා ඔවුන්ගේ වෙනත් රාජකාරි සඳහා පිටත්ව යන්නට වූහ. ඇමැතිගේ මේ වැඩෙන් වාසිය ඔහුගේ දේශපාලන සතුරන් අතරට යතියි බියෙන් මාධ්‍යවේදීන් සැනසීමට නිලධරයෙක් උත්සහ ගත්තේය. අනේ පොඩ්ඩක් ඉන්න යනුවෙන් ඔහු ඔවුන් නවතා ගැනීමට කනිපින්දන් කීවත් වැඩක් වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිම් එකට කිසිම වැඩක් නැහැ... හත කිවුවොත් අටට තමයි අට කිවුවොත් නමය වෙනවා, කැත පුරුද්ද අතහරින්න බැහැ.. (නි)
ඇමතිවරු කවදාද වෙලාවට වැඩකළේ? (නි)
මෙහෙමත් අය තමයි ඇමතිලා වෙලා ඉන්නේ. (ම)