හාල් මිල ඉහළ යාමට ප‍්‍රධානම හේතුව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම නිසා යැයි අරලිය සහල් සමාගමේ ප්‍රධානී ඩඩ්ලි සිරිසේන මහතා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ අද (27) පැවැති සාකච්ඡාවකදී පැවසීය.
වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපලට නිකුත් කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර තිබියදීත් ඇමතිවරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව එය නොකළ බවත් ඔහු චෝදනා කරයි.
වී මොල් හිමියන් සතුව ලබන අප්‍රේල් මාසය දක්වා ප‍්‍රමාණවත් තරම් සම්බා සහ කීරි සම්බා තොග ඇතත් නාඩු වී නැති බව කී ඩඩ්ලි සිරිසේන මහතා නාඩු වී වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ රජය සතුව බව ද ප‍්‍රකාශ කළේය.
ඒ නිසා සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද හෙතෙම කියා සිටියේය.
වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 43.65ට වී කිලෝව ගෙන රුපියල් 50 බැගින් මෝල් හිමියන්ට අලෙවි කරන බව කී සිරිසේන මහතා එවිට වී කිලෝවක් නිෂ්පාදනයට සෙසු වියදම් හැර වී ස`දහා පමණක් රුපියල් 80ක් වැයවන බව ද කීවේය.
රජය සතු වී තොග සහල් කිරීම සඳහා මෝල් හිමියන්ට නිසි ක‍්‍රමවේදයක් යටතේ නිකුත් කළේ නම් මෙවැනි ගැටලූ ඇති නොවන බව ද හෙතෙම පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් මෙහෙම මාධ්‍යයට අාවේ නැහැනේ මෙයාලා (නි)
කට තියෙන්නේ ඔනම් දෙයක් කියන්නනේ. ඇග බේරගන්න ඕව කියනවා. ව්‍යාපාරිකයා කියන්නේ අමුතුම සතෙක් තමයි. (ම)
හාල් මිල ඉහළ යාමට ප‍්‍රධානම හේතුව එදා ඉඳලම, විශේෂයෙන්ම 1970න් පසු, මොනම රජයකටවත් සහල් පිලිබඳ හරි ප්‍රතිපත්තියක් නැතිවීම. (ම)
ඔක්කොම එකයි බලනකොට (නි)
රජය මොන වැරදි කළත් දිනන්නේ මෝල් හිමියනුයි කඩ හිමියනුයි තමයි
එයාලට දෙවියන්ගේ හාල් කැවිලා බව කවුරුත් දන්නවා. මත්තල වී ගබඩා කර දුන් වැරදි ආදර්ශය නිසා විදෙස් අහස්යානා විකල්ප තොටුපලක් ලෙස මත්තල භාවිතා කිරීමට මැලිකමක් දක්වනවා. කටුනායක අළුත්වැඩියා කරන්න යන නිසා මෙසේ වීමෙන් ලංකාවට දැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදුවී ඇත. (නි)
රටටම දෙවියන්ගේ හාල් කැවුණේ 2015 ජනවාරි 08 වෙනිදා. යහපාලනය බලයට ගෙනා අය මේ පිළිබඳව වගකිව යුතුයි (නි)
හාල් හිඟය සහ මිල ඉහළයාම ගැන ජනාධිපති කිසිම කතාවක් බහක් නැති නිසා වෙන්න ඇති මෙතුමා කරළියට ආවේ. අපරාදේ කියන්න බැහැ ව්‍යාපාර නම් හොඳට සහයෝගයෙන් කරනවා වගේ. ඒ වුණාට ජනතාවට තමයි දෙවියන්ගේ හාල් කැවෙන්නේ මේ දවස්වල (නි)
අරගොල්ලෝ අනුන්ගේ වතු වලින් හෝ පොල් හොරට කඩාගෙන, රට වටේ දේවාල වල පොල් ගහනකොට අපි දැනගෙන හිටියා, සමහර ඇමතින්ට දෙවියන්ගේ හාල් කැවිලා පිස්සු නටන්න පටන් ගනීවි කියලා. යහපාලන රජය බින්දුවට වැටිලා, හිටපු රෙජීමය වගේ වෙන්නේ මේ අය නිසා තමයි (නි)
නඩුත් හාමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අනේ අපිටද මේවා කියන්නේ? (නි)
දැන් දේශපාලකයන් බොහෝ දෙනෙකුට එහෙම වෙලා තමා තියෙන්නේ (නි)
ඇමතිලාට විතරක් නොවෙයි ඇමතිලාට ඉහළින් ඉන්න අයටත් එහෙමයි කියලයි මේ වෙන දේවල් දකිනකොට අපිට හිතෙන්නේ (නි)
මේ ඔක්කොම එකයි. ඔය හාල් ප්‍රශ්නය මේ එක් කෙනෙකුටවත් නැහැ. එ්ක දැනන්නේ සාමාන්‍ය අපිට (නි)
ඒගොල්ලොම ඕවා කියන එක හොඳයි (නි)
සහල් නිෂ්පාදනය තිබෙන්නට ඕනෑ රටේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙසටයි. අත්‍යාවශ්‍ය සේවා පාලනය වියයුත්තේ රජයේ ආණ්ඩුව මඟිනුයි. එහෙම නැතුව පුද්ගලික මුදලාලිලා මඟින් නොවෙයි (නි)
මේ රටේ ආණ්ඩු පෙරළීමට බොහෝ අවස්ථාවල සහල් මිල බලපා තිබෙනවා. සහල් මිල පාලනය කිරීමට ඔබට කළහැකි සැමදෙයක්ම කරන්න. (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
රජයේ අදූරදර්ශී සහ අසාර්ථක පාලනය නිසා රටේ බහුතර ජනතාවකට නම් දෙයියන්ගේ හාල් කැවිලා ඉන්නේ (නි)
බොහොමයක් ඇමතිලා අවුරුදු 20 ක් විපක්ෂයේ නිකන් බලාගෙන හිටිය මිසක් බලය ආවහම රටට වෙන දේ ගැන සැළසුම් හැදුවේ නැහැ. දැන් කරන එකම දේ තමන්ගේ මඩිය තරකරන එක. ඒ වගේම ඕනෑතරම් බොරු කියල ජනතාව රවටනවා. දැන් වෙලා තියෙන්නේ කාර් එකේ ගිය මිනිසුන්ට මෝටර් බයිසිකලේ යන්න.(නි)