
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉඩම් අයිතිය තෙල් සංස්ථාව සතුව නොපවතින බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට නොහැකි බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එංගලන්තයේ රාජකීය නාවික හමුදාවට අයත්ව තිබී ලංකා ආණ්ඩුවට පැවරූ මෙම තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට බවද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ත්‍රිකුණාමලය තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එකඟතාවයකට එද්දී ඕනෑම අවස්ථාවක ලංකා නාවික හමුදාවට ඊට ඇතුළු විය හැකි බවට කොන්දේසියක් පැනවූයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ද විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තෙල් ටැංකි ගබඩා පිහිටි ඉඩම අදටත් තෙල් සංස්ථාවට පවරා නැති බවත් එහි අයිතිය ඇත්තේ ලංකා රජයට බවත් විජයවර්ධන මහතා කීය.එම පසුබිම යටතේ මේ ගැන තීරණයක් ගැනීමේ බලය ඇත්තේ ආරක්ෂාක අමාත්‍යාංශය සතුව බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර කතා කරනවා මෙයා.ආරක්ෂක ඇමති වැඩේට අනුමැතිය දීලා තියෙනෙන්
දැනටමත් ගිවිසුම අත්සන් කර තිබේද? කරුණාකර උසාවියට යන්න!
කලාත්මක පුවතක්
ඉන්දියාව පැත්තෙන් මේ ගිවිසුමට අත්සන් කරන්නේ මැට්ටෝද උන්නැහේ? ඔවුන් මේවා ගැන සොයා බලන්නේ නැද්ද?