(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම අත්තනෝමතිකව අඩු බර ගෘහස්ථ ගෑස් සිලින්ඩර අඛණ්ඩව වෙළෙඳපොලට නිකුත් කරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ලිට්‍රෝ සමාගම කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ගෑස් ලීටර් 18 ක් ලෙස සටහන් කර තව දුරටත් වෙළෙඳපොලට ඉදිරිපත් කරන බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ, කෝප් කමිටුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අවවාද මායිම් නොකරමින් වැරදි වැඩේ දිගටම කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවට ලිට්‍රෝ ගෑස් සමාගම එරෙහිව නඩු පවරා ඇති බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ එම නඩුවේ ලබන ඔක්තෝබර් මාසයේ නැවත කැඳවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි නියම විහිලු, ලිට්රෝ ගෑස් සමග අයිති රජයටමයි ඒ ගොල්ලෝ බර අඩු කරලා ඒ ගොල්ලොම නඩු දානවා.. නඩුව මාස ගණන් කල් යනවා.
නඩු තීන්දුව අවසන් වන තෙක් බර අඩු ගෑස් සිලින්ඩරය නිකුත් කිරීම අතඅත්හිටුවීමට බලය ඇත්තේ මහජනතාව අතේය. පාරිභෝගික අධිකාරිය හෝ මහේස්ත්‍රාත්තුමා අතේ නොව.. මේකයි අපේ නීතිය..
ඇයි ඇමතියෝ ලිට්රෝ මුලුමනින්ම රජයේ සමාගමක් නොවෙයිද? මේ කාටද බොරු කතන්දර කියන්නේ..? මිනිස්සු නුඹලා හිතන තරම් මෝඩ නෑ.
මේ වගේ උන්ට රට භාර දීම තරම් මෝඩ වැඩක්
ඔක්කෝම මහජන මුදල් විනාශ කරමින් නටන බොරු නාඩගම්
ලිට්රෝ විතරක් නෙමෙයි .ලාෆ් සිලින්ඩරත් එන්නේ ලීටර් වලින් .12.5 kg වෙනුවට =ලීටර් 18