දයා ගමගේ සමූහ ව්‍යාපාරයට සහ තවත් සමාගම් දෙකකට අයත් බොරලැස්ගමුව වේරැස් ගඟ අසබඩ අක්කර 10ක් මහ නගර සභා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රජයට පවරා ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය පෙබරවාරි 05 වැනිදා තෙක් බල පැවැත්වෙයි.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්ම මහත්මීන් හමුවේ සලකා බැලිණි.
බිම්පුත් ෆිනෑන්ස් (පෞද්ගලික) සමාගම, ඔලිම්පස් කන්ස්ට‍්‍රක්ෂන් (පෞද්ගලික) සමාගම සහ දයා ගමගේ ගෲප් ඔෆ් කම්පැනීස් විසින් ගොනු කැරුණු මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන්ට මහ නගර සභා සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඉඩම් අමාත්‍ය , නීතිපති ඇතුළු පිරිසක් නම්කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු කටයුතු වෙනුවෙන් රජයට පුද්ගලික ඉඩම් අත්පත් කරගත හැකියි. මොහු සමහරවිට රජයේ තක්සේරුවට වඩා ඉහළ මුදලක් වන්දි හැටියට බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුළුවන්. නීතිය කාටත් පොදුයි. එයාලට කියලා විශේෂයක් තියෙන්න බැහැනේ. (නි)
කියන තරම් කරනකොට සුදනෝ නෙවෙයි (බ)
බලයක් නැති කෙනෙක්ට වුණානම් (බ)
තක්සේරුව වැඩිකරගන්න කළ උප්පරවැට්ටියක්වද්දෝ කියලත් මට හිතෙනවා වෙලාවකට. කමක් නැහැ අපි බලමුකෝ... (නි)
මේ ඉඩම් පරම්පරාගත බූදල් වලින් ලැබුන දේවල්ද, නැත්නම් අක්කරයක් සත පනහක් වැනි විශාල මුදලකට, කාගෙන් මිලදී ගත්තාද කියා ඉතා ඉක්මනින් සොයා බැලිය යුතු වෙන කාලීන අවශ්‍යතාවක්..(බ)
මම නම් කියන්නේ මේක දයා ගමගේ කරපු හොඳ දෙයක් අසරණ ජනතාව වෙනුවෙන්. (නි)