‘මම මේ ඇමැතිකම අරගෙන තිබෙන්නේ ඩීල් දමා නොවෙයි. ජනාධිපතිතුමා හිතන්න ඇති මේ රටේ වෙන සංවර්ධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට. ඒ නිසා තමයි අපට මේ ඇමැතිකම් ලැබුණේ. එහෙම ඇමැතිකම් නොලැබුණු අයට සිත් රිදීම් සහ කලකිරීම් තිබෙන්න පුළුවන්. මම ගිහින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වුණේ නෑ. මම ඉන්නේ නිදහස් පක්ෂයේ. පක්ෂය හෙට තීරණයක් ගන්නවානම් ඇමැතිකම අතඅරින්න මා අත් දෙකම උස්සනවා.‘ යැයි මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් කීවේ වසර ගණනක් තිස්සේ ලංකාව දිහා නොබැලූ විදේශ රටවල් දැන් ලංකාවට ඇවිත් උදව් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීල් කියන දේවල් කවරදාකවත් නොදැන සිටි මේ උත්තමයාට කවුද අප්පේ එහෙම කට කැඩිච්ච කතාවක් කිව්වේ? (නි)
අනේ රකිත් පුතේ, ඔවුන් දිගටම නොබලා හිටියා නම් තමයි වැඩිය හොඳ. (නි)
ඉහළ සිට පහළටම ඩීල්කාරයෝ වෙච්ච රටේ ඇමතිකමකට ඩීල් දානවා කියන්නේ සාමාන්‍ය දෙයක්නේ ඇමතිතුමා.... (නි)
වෙහෙර ගිලලා ඉන්න අයත් ඉන්නා රටේ අග්ගලා ගිලින කට්ටිය හිටියහම මොකද? (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
රට කන්නේ නැතුව මෙයාලවත් කරගෙන යනවා නම් හොඳයි. වරද පහුවෙනකොට කොහුවෙන එකනේ. (නි)
මිදි තිත්තයි කියන බව ඔබතුමා කියන නිසාම අපිත් ටිකකට විශ්වාස කරමුකෝ. ඒත් ඉතිං ලැබුණු ඇමතිකම් එපා කිව්ව උදවිය ගැන ඔබතුමා මොනවද කියන්නේ? (නි)
ලෝකය ගැන දන්නා බුද්ධිමත් ඇමතිවරුන්ගේ අවංකබාවය! මහින්ද ඇමතිතුමනි, පමාවෙලා හෝ ඔබගේ බුද්ධිමත් අදහස් ක්‍රියාත්මක කිරීමට පුළුවන් නායකන් දෙපලක් අද ඔබ සමඟ ඇත. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ නාමය ලෝකයට විවර කරන්න උත්සාහ ගන්න.අදහස් වලට ගොඩක් තුති ! (නි)
කවුරු මොනවා කිව්වත් යු එන් පී එකේ එකම උගතා පාලිත තෙවරප්පෙරුම තමයි.එතකොට කාට කාටත් තේරෙනවා ඇතිනේ පක්ෂේ අනෙක් අයගේ උගත් කම ගැන.(අ)
කට බොරු කිව්වත් දිවට ඇත්තෙන් බාගයක්වත් කියවෙනවාලු! (නි)
රටේ වෙනස මේ වචන ටිකෙන්ම තේරෙනවා. ඇමැතිවරයා වැඩිදුරටත් කිවුවේ වසර ගණනක් තිස්සේ ලංකාව දිහා නොබැලූ විදේශ රටවල් දැන් ලංකාවට ඇවිල්ලා උදව් කරන බවයි. ඒ කියන්නේ ඉදිරිය හොඳයි! (නි)
එම කාලයේ එයත් ඇමතිවරයෙක්නේ. ඒ කාලයේ සියළු දේවල් රටම දන්නවනේ. (නි)
කන්න ඕනෑ වුණහම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕවට තමා. මෙහෙමත් දේශපාලකයෝ! (නි)
තමුන්ව රවටාගන්නවා මදිවට අපිවත් රවටන්න නම් එපා (නි)
යන්න යන්න. ඔබලා ගියත් එකයි අපිට, නොගියත් එකයි. මොකටද මගේ කට! (නි)
මෙතුමා හොරෙක් නොවේ. බොහොම දෙනෙක් තම නම කැත කරගත්තා. මෙතුමා එහෙම කෙනෙක් නොවේ. ජාත්‍යන්තර සේවාවන්හිදී ඉස්තරම් සේවයක් කළ කෙනෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. (නි)
ඔබ ඇත්තටම උගත්, රට ගැන හිතන මහත්මයෙක්. කරුණාකර ආපසු යු.එන්.පී. එකට එකතුවෙලා වැඩකරන්න. යු එන් පී එකේ විතරයි උගත් අය සිටින්නේ. ඔබට ඔය තැන සුදුසු නැහැ. (නි)
ශිරන්ති හරියට හරි. යු.එන්.පී. එකේ විතරයි උගත් අය සිටින්නේ. (නි)
ඇත්තමද ශිරන්ති ඔය කියන්නේ. එතකොට අනිත් අය මෝඩයෝ කියලද ඔයා කියන්නේ. හුඟ දෙනෙක් සළකන්නේ නම් ඊටවඩා වෙනස් දෙයක්. (නි)
මෙතුමා රටට කළ දෙයක් කියන්නකෝ (නි)
ශිරන්තිගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)
වසර ගණනක් තිස්සේ ලංකාව දිහා බැලුවේ නැති එකට කවුද වගකිවයුත්තේ? අපිද? (නි)
මොන ඩීල් එකෙන් හරි ජනතාවට වෙන සෙතක්-වේවි යහපතක් (බ)
උගතුන් වර්ග දෙකකි. මෝඩ උගත්තු ඉන් එක කොටසකි (නි)
ශිරන්තිගේ කතාව ඇත්ත. රනිල් මැතිඳුනි, පක්ෂය හැර ගිය උගත් අය නැවත ගෙන්වාගෙන රට බබළවන්න ! (නි)
ඩීල් එක ජනතාව සමඟ නම් එච්චරයි ඉතින් (නි)