IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘ඇමැතිකම ගත්තේ ඩීල් දමා නොවේ‘ - මහින්ද සමරසිංහ

‘මම මේ ඇමැතිකම අරගෙන තිබෙන්නේ ඩීල් දමා නොවෙයි. ජනාධිපතිතුමා හිතන්න ඇති මේ රටේ වෙන සංවර්ධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට. ඒ නිසා තමයි අපට මේ ඇමැතිකම් ලැබුණේ. එහෙම ඇමැතිකම් නොලැබුණු අයට සිත් රිදීම් සහ කලකිරීම් තිබෙන්න පුළුවන්. මම ගිහින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වුණේ නෑ. මම ඉන්නේ නිදහස් පක්ෂයේ. පක්ෂය හෙට තීරණයක් ගන්නවානම් ඇමැතිකම අතඅරින්න මා අත් දෙකම උස්සනවා.‘ යැයි මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් කීවේ වසර ගණනක් තිස්සේ ලංකාව දිහා නොබැලූ විදේශ රටවල් දැන් ලංකාවට ඇවිත් උදව් කරන බවයි.



අදහස් (0)

‘ඇමැතිකම ගත්තේ ඩීල් දමා නොවේ‘ - මහින්ද සමරසිංහ

සුනිල් Tuesday, 05 May 2015 07:46 AM

ඩීල් කියන දේවල් කවරදාකවත් නොදැන සිටි මේ උත්තමයාට කවුද අප්පේ එහෙම කට කැඩිච්ච කතාවක් කිව්වේ? (නි)

:       0       0

සියාතු Tuesday, 05 May 2015 04:40 PM

අනේ රකිත් පුතේ, ඔවුන් දිගටම නොබලා හිටියා නම් තමයි වැඩිය හොඳ. (නි)

:       0       0

රිතික් Monday, 04 May 2015 11:55 AM

ඉහළ සිට පහළටම ඩීල්කාරයෝ වෙච්ච රටේ ඇමතිකමකට ඩීල් දානවා කියන්නේ සාමාන්‍ය දෙයක්නේ ඇමතිතුමා.... (නි)

:       0       0

රිතික් Monday, 04 May 2015 11:58 AM

වෙහෙර ගිලලා ඉන්න අයත් ඉන්නා රටේ අග්ගලා ගිලින කට්ටිය හිටියහම මොකද? (නි)

:       0       0

සනත් ඉන්දික Monday, 04 May 2015 12:09 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

කුමාර් Monday, 04 May 2015 12:24 PM

රට කන්නේ නැතුව මෙයාලවත් කරගෙන යනවා නම් හොඳයි. වරද පහුවෙනකොට කොහුවෙන එකනේ. (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 12:26 PM

මිදි තිත්තයි කියන බව ඔබතුමා කියන නිසාම අපිත් ටිකකට විශ්වාස කරමුකෝ. ඒත් ඉතිං ලැබුණු ඇමතිකම් එපා කිව්ව උදවිය ගැන ඔබතුමා මොනවද කියන්නේ? (නි)

:       0       0

සුජීව(ජර්මනිය) Monday, 04 May 2015 12:55 PM

ලෝකය ගැන දන්නා බුද්ධිමත් ඇමතිවරුන්ගේ අවංකබාවය! මහින්ද ඇමතිතුමනි, පමාවෙලා හෝ ඔබගේ බුද්ධිමත් අදහස් ක්‍රියාත්මක කිරීමට පුළුවන් නායකන් දෙපලක් අද ඔබ සමඟ ඇත. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ නාමය ලෝකයට විවර කරන්න උත්සාහ ගන්න.අදහස් වලට ගොඩක් තුති ! (නි)

:       0       0

රේණුකා Tuesday, 05 May 2015 10:18 AM

කවුරු මොනවා කිව්වත් යු එන් පී එකේ එකම උගතා පාලිත තෙවරප්පෙරුම තමයි.එතකොට කාට කාටත් තේරෙනවා ඇතිනේ පක්ෂේ අනෙක් අයගේ උගත් කම ගැන.(අ)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 03:49 PM

කට බොරු කිව්වත් දිවට ඇත්තෙන් බාගයක්වත් කියවෙනවාලු! (නි)

:       0       0

අනුර Monday, 04 May 2015 03:49 PM

රටේ වෙනස මේ වචන ටිකෙන්ම තේරෙනවා. ඇමැතිවරයා වැඩිදුරටත් කිවුවේ වසර ගණනක් තිස්සේ ලංකාව දිහා නොබැලූ විදේශ රටවල් දැන් ලංකාවට ඇවිල්ලා උදව් කරන බවයි. ඒ කියන්නේ ඉදිරිය හොඳයි! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 04 May 2015 04:08 PM

එම කාලයේ එයත් ඇමතිවරයෙක්නේ. ඒ කාලයේ සියළු දේවල් රටම දන්නවනේ. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 04 May 2015 04:11 PM

කන්න ඕනෑ වුණහම කබරගොයා තලගොයා වෙනවා කියන්නේ ඕවට තමා. මෙහෙමත් දේශපාලකයෝ! (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 04:33 PM

තමුන්ව රවටාගන්නවා මදිවට අපිවත් රවටන්න නම් එපා (නි)

:       0       0

දයාල් Monday, 04 May 2015 07:38 PM

යන්න යන්න. ඔබලා ගියත් එකයි අපිට, නොගියත් එකයි. මොකටද මගේ කට! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 05 May 2015 12:22 AM

මෙතුමා හොරෙක් නොවේ. බොහොම දෙනෙක් තම නම කැත කරගත්තා. මෙතුමා එහෙම කෙනෙක් නොවේ. ජාත්‍යන්තර සේවාවන්හිදී ඉස්තරම් සේවයක් කළ කෙනෙක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. (නි)

:       0       0

ශිරන්ති Tuesday, 05 May 2015 12:35 AM

ඔබ ඇත්තටම උගත්, රට ගැන හිතන මහත්මයෙක්. කරුණාකර ආපසු යු.එන්.පී. එකට එකතුවෙලා වැඩකරන්න. යු එන් පී එකේ විතරයි උගත් අය සිටින්නේ. ඔබට ඔය තැන සුදුසු නැහැ. (නි)

:       0       0

ඇසළ Tuesday, 05 May 2015 02:28 AM

ශිරන්ති හරියට හරි. යු.එන්.පී. එකේ විතරයි උගත් අය සිටින්නේ. (නි)

:       0       0

ජනහිත Tuesday, 05 May 2015 02:33 AM

ඇත්තමද ශිරන්ති ඔය කියන්නේ. එතකොට අනිත් අය මෝඩයෝ කියලද ඔයා කියන්නේ. හුඟ දෙනෙක් සළකන්නේ නම් ඊටවඩා වෙනස් දෙයක්. (නි)

:       0       0

යටවත්ත Tuesday, 05 May 2015 02:42 AM

මෙතුමා රටට කළ දෙයක් කියන්නකෝ (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 05 May 2015 03:41 AM

ශිරන්තිගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)

:       0       0

රකිත් Tuesday, 05 May 2015 04:07 AM

වසර ගණනක් තිස්සේ ලංකාව දිහා බැලුවේ නැති එකට කවුද වගකිවයුත්තේ? අපිද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 May 2015 04:51 AM

මොන ඩීල් එකෙන් හරි ජනතාවට වෙන සෙතක්-වේවි යහපතක් (බ)

:       0       0

දයා Tuesday, 05 May 2015 05:17 AM

උගතුන් වර්ග දෙකකි. මෝඩ උගත්තු ඉන් එක කොටසකි (නි)

:       0       0

ශාමිලා Tuesday, 05 May 2015 05:34 AM

ශිරන්තිගේ කතාව ඇත්ත. රනිල් මැතිඳුනි, පක්ෂය හැර ගිය උගත් අය නැවත ගෙන්වාගෙන රට බබළවන්න ! (නි)

:       0       0

ඉඳුනිල් Tuesday, 05 May 2015 06:25 AM

ඩීල් එක ජනතාව සමඟ නම් එච්චරයි ඉතින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site