අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වළක්වා සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව සැලසීමට පොලිසිය හා අනෙක් අංශ අපොහොසත් වීයැයි අධිකරණ ඇමැති හා මුස්ලිම් කොංග්‍රස් නායක ආහුෆ් හකීම් මහතා කියයි.
නීතිය හා සාමය බිඳ වැටීම ගැන පොලිසියත් අදාළ අංශත් වගකීම භාර ගත යුතුයි. මෙම සිදුවීමට පෙර පොලිසියේ උසස් නිලධරයන් ඒ පළාතට පැමිණ තිබෙනවා. මේ සිද්ධිය ගැන අපක්ෂපාත පරීක්ෂණයක් ඕනෑ. ජනතාවට උපරිම ආරක්ෂාව සලසා දීමේ වගකීම රජය ඉටු කළා දැයි ප්‍රශ්නයක් මතු වෙනවා. මේ රජයේ ඇමැතිවරයකු ලෙස මම ලැජ්ජා වෙනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම පරීක්ෂණයක් තියන්න ඕනේ (දී)
රටකට වැදගත් වන්නේ ජාතීන් අතර සහජීවනය නොවේද? (නි)
මෙන්න ! මෙන්න !! අධිකරණ ඇමති තුමා නම් ඇහැරිලා.! ඒත් කෝ අනිත් අය? (නදී)
මෙයාට මේකට ලැජ්ජයිලු මෙයාල කරන වැඩ වලට අපිට ලැජ්ජයි (දී)
ලජ්ජාවෙන් අපිට වැඩක් නැහැ ! වහාම ඉල්ලා අස්වෙන්න (දී)
ඇයි මේ පැති වල කරදර වැඩි? (නදී)
ඔයාට වැඩිය මර්වින් ඇමතිතුමා ආදර්ශමත්. (නදී)
කටුනායක වෙඩි තියද්දි, ධීවර උද්ගෝෂකයන්ට වෙඩි තියලා මරද්දී, වතුර ඉල්ලපු අහිංසක මිනිස්සු මරද්දී, කැම්පස් වලට පැනල ශිෂ්‍යන්ට තඩි බාද්දී නොතිබුණු කැක්කුම කොහෙන්ද ඇමති තුමා ආවේ ? (නදී)
අපි හැමෝම එක අම්මා කෙනෙක්ගේ දරුවෝ. ඇයි අපිට සාමයෙන් ඉන්න බැරි? (නි)
මෙම ගැටුම් කාරී ක්‍රියා අනුමත නොකරන අතර සුළු ජාතීන් මහා ජාතියේ අයිතිවාසිකම් හා උවමනා කම් තේරුම් ගෙන ජීවත් විය යුතුයි. මහා ජාතියේ සංස්කෘතිය, භාෂාව හා සුළු ජාතීන් බද්ධ විය යුතුයි. උදාහරණ අවශ්‍ය නම් මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, රුසියාව යන රටවල් අධය්‍යනය කරන්න. (අ)
ලජ්ජා වෙලා වැඩක් නැහැ මර්වින් ඈමතිතුමා වගේ ආගමික නායකයන් මහජන නියෝජිතයන් රජයේ ඉහල නිලදාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් සමග මේ සිද්දියට මැදිහත් වෙන්න රටේ වගකිව යුතු ඇමති වරයෙක් හැටියට අවස්ථාවේ හැටියට විය යුතු එයයි (දී)
අනේ මට දන්නා කෙනෙක් කියනවද ලංකාවේ අධිකරණ ඇමති කව්ද කියල,මම මේ නොදන්නා කමට අහන්නේ (දී)
ඇමතිතුමෝ පරීක්ෂණයට කලින් මේ බෙලි මිරිකගෙන ඉන්න මිනිස්සුන්ව දෙපැත්තට කරලා සන්සුන් කරන්න ඕන නේද ? ඊට පසුව ඕන පරීක්ෂණයක් තියාගන්න . මේ වගේ සුළු දෙයක් තේරුම් ගන්න දේශපාලනයට යන්න ඕනෑම නැහැ. (නදී)
ඉල්ලා අස්වෙන්න (අ)
හකීම් ඇමති තුමාට පුළුවන් මේ ප්‍රදේශයට ගිහින් මර්වින් අමතුතුමත් එක්ක එකට එකතු වෙලා කලබලය සන්සුන් කරන්න. පරීක්ෂණ තියනවා තියා තාම තුවාල කාරයන්ට බෙහෙත් ටික වත් දාගන්න පුළුවන් වුනාද දන්නේ නැහැ. (අ)
මම අදනේ දන්නේ දේශපාලනය කරන අයට ලැජ්ජාව තියනවා කියලා. මුලින්ම හොයලා බලන්න ගැටුමට හේතුව මොකද්ද කියලා. (නදී)
මුලින්ම හොයල බලන්න ගැටුමට හේතුව මොකද්ද කියලා. වෙන රටක මෙවැනිදෙයක් සිදු වී නම් දැනටමත් කීදෙනෙක් මැරිලද? (අ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හකීම් ඇමතිතුමා කොළඹ ඉඳන්ද මේ ප්‍රකාශ නිකුත් කරන්නේ ? ගිහින් බලන්නකෝ මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ කලබලය නිසා කාන්තාවනට ළමයින් ට මහලු උදවියට මොන මොන අපහසුතා ඇතිවෙලා තියනවද කියලා හොයලා බලන්නකෝ. කොළඹ බංගලාවේ ඉඳගෙන ප්‍රකාශ නිකුත් කරලා වැඩක් තියනවද ? (අ)
කලකට ඉහතදී එක්තරා කාන්තවක් ගිනි තියාගන මැරුනෙ. ඒ ගැනත් හරියට පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. (ස)
කමල් මෙතන සුළු ජාති මහා ජාති කියල වෙන් කරන්න ඕන නැහැ. එකම රටේ ජීවත් වෙන මිනුස්සු සමගියෙන් ඉන්න ඕනා. මොකෝ මහා ජාතිය කියල මැරුණම එයාට වෙනම තැනක් නෙහැනේ සහෝදරයා (නදී)
එස් බණ්ඩාර ඔබ හරියටම හරි. මෙන්න මෙතුමම තමයි නවනිදන් පිල්ලේ ආව වෙලාවෙත් අපේ රටට එරෙහිව පරීක්ෂණ පවත්වන්න තව උඩගෙඩි දුන්නේ. අනික ඔබතුමාට මෙච්චර ලැජ්ජා නම් ඇයි ඇමති කමින් ඉල්ලා අස් වෙන්න බැරි? මෙතුමා කියල තියෙනවා මේ ගැන ජාත්‍යන්තරේට දැනුම් දෙනවා කියල මේ සාකච්ඡාවේදී. (නදී)
ඇමතිතුමනි, අසාධාරණයක් වූ ජන කොටස් ඇත්නම් ඒ අයට පිහිට වෙන්න. (නි)
ඇමති තුමා..... බොරදියේ මාළු බාන්න යනවා වගේ (අ)
ලංකාව පුංචි රටක් සම්පත් සිමා රහිතයි , ජනගහනය බෝවීම වැඩි උනාම ප්‍රශ්නය උග්‍ර වෙනවා , ඉඩම් ප්‍රමාණය වැඩිවෙන්නේ නැ සම්පත් වැඩිවෙන්නේ නැ , වර්ගයා වැඩි උනාම ප්‍රශ්නය විසදෙනව කියල ,එය ස්වභාව ධර්මයෙන් විසදවී , දැන් මද පෙරදිග ගිනි ගන්නවා , බෞද අප කල යුත්තේ ලෝකයටම මෛතියකිරීම පමණයි (අ)
ඕස්ට්‍රේලියාවේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සාමකාමීව ඉන්නවා. හැබැයි කාටවත් ඕනෑ විදියට නටන්නෙත් නැහැ (නි)
ප්‍රදේශයේ දේශපාලක උදවියට තිබුණා මේක දුර දිග යන්නේ නැතිව බේරුමක් කරන්න . කාගෙවත් සද්දයක් වත් නැහැ. තමන් රාජකාරි කරන ප්‍රදේශයේ සිවිල් පරිපාලනය හරියට පවත්වා ගන්න බැරි නම් ඇති වැඩක් තියද ? මට පේන්නේ හැමෝම ඇඟ බේරාගෙන පැත්තකට වෙලා. (අ)
අමාලි ඒ කාලෙකට පෙර කොල්ලුපිටියෙදී නොවැ. එක අමතකයි (දී)
මේ වෙලාවේ සියල්ලන්ම සමගියෙන් සිටීම තමයි හොඳම දේ (නි)