පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනකු ද, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු 63 දෙනකු ද සමග සමස්ත ලංකා මහජන කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කැප වන බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ 2005 සිට මේ දක්වා ඇමැතිකම් දැරූ තමා දැනට දරන ඇමැතිකමින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
බද්යුදීන් මහතා මෙසේ ද කීවේය.
‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්නට අපි උතුරු නැගෙන හිර විශාල වැඩ කොටසක් කළා. ඒ වගේ යුද්ධයේ දි අපි අවශ්‍ය සහයෝගය දුන්නා. යුද්ධය ජයග්‍රහණය කර සාමය උදාකර දීම සම්බන්ධයෙන් ජනාධිපතිටත්, ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. යුද ජයග්‍රහණයෙන් පසු අපි හිතුවේ මේ රටේ සියලු ජාතීන්ට ගැටළුවක් නැතුව සාමකාමීව ජීවත්වෙන්න හැකි වෙයි කියලයි.
2010 වසරෙදිත් අපි මහින්ද රාජපක්ෂ මහත්මා දිනවන්න කැපවුණා. ඉන් පසු රටේ සංවර්ධනයක් ඇති වුණා. නමුත් වසර දෙකක පමණ කාලයක ඉඳන් මේ රටේ නැවත ප්‍රශ්න මතු කරන්න උත්සාහ ගත්තා. ආගම්වාදය, ජාතිවාදය අවුස්සන්න උත්සාහ ගත්තා.
අලුත්ගම සිද්ධිය සැලසුම් සහගතව ඇති කළ දෙයක්. එය නවත්වන ලෙස ඉල්ලුවත් නැවත්තුවේ නෑ. ඉන් පසු දිගින් දිගටම විවිධ සිද්ධි ඇති කළා. මේ පුංචි රටේ අපි සමගියෙන් ජීවත් වුණේ. එය නැති කරන්න උත්සාහ කළා. අපි කොපමණ කීවත් එය නැවැත්තුවේ නෑ.
සිරිසේන මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි අධ්‍යයනය කළා. අද අපි හදිසියේ තීරණයක් ගත්තා මේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන දිනවන්න. ‘
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘අද සියලු කටයුතුවලින් මහින්ද රාජපක්ෂ මහත්මයා අසමත් වෙලා. රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ පක්ෂයේ සහායෝගයත් අපට ලැබීමෙන් පසු පක්ෂ හා සංවිධාන 48ක සහායෝගය අපට තිබෙනවා.
අපි කිසි දිනක යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. එල්ටීටීය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ.‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව එනවා, මග එනවා පෙරහැර එනවා. මෛත්‍රිය බුදුන් විසින් දෙසු දහමකි. බලගතු ශක්තියක් එහි ගැබ්වී ඇත (නදී)
මෛත්‍රී ඔබට ජය ශ්‍රී (නදී)
ජය වේවා! අපි ඔබ සමඟයි (නි)
වික්‍රම, මේ ආණ්ඩුවේ තියෙන වැරැද්ද කෝටි ගණන් ජනතා මුදල් ගසා කෑමයි. නොයෙකුත් දුෂකයන් ආරක්ෂා කිරීමයි. එහෙම නොකරන සන්දානයකට කවුරු එකතු වුනත් කමක් නැහැ. (නදී)
ඔය දැන් ටික ටික බළල්ලු එලියට පනින්නේ. (ස)
මෛත්‍රී ඔබට ජයෙන් ජය වේවා. (නදී)
කෝ බන්දුල මහතා පේන්න නැත්තේ ඇයි ? (නදී)
දැන් 70න් අඩුවෙලා නේද ? (නදී)
සතුට තාවකාලිකයි. හොඳින් සිතා බලන්න (නදී)
වසර 30ක් පුරා පැවති යුද්දයෙන් මිය ගියේ 99% ක්ම සිංහල කොල්ලෝ. එහෙම එක් සේසත් කල රට, තුනට කඩන්න, පෙර ගමන් යන සැමට ජයවේවා කියන්නේ සිංහලයෝද ? (නදී)
ජනතාවට පිවිතුරු හෙටක් ගෑන කලින්ම තේරුනොත් හොඳයි (නි)
තව කට්ටියක් එනවා මෛත්‍රී ඔබට ජයශ්‍රී (නදී)
ජයවේවා! (නදී)
ත්‍රස්තවාදයෙන් බැට කෑ අය රට පාවාදෙයිද? කවදාවත් නැහැ. (නි)
මෛත්‍රී පස්සේ කව්රු ගියත් කෙලෙහි ගුණ දන්නා ගමේ අපි මහින්දටම තමයි (නදී)
එහෙට 70ක් යනකොට නිදහසට කැමති 65000 ක් මහින්දට යන බව මතක තියාගන්න (නි)
ඉවසීමෙන් හැමදෙනාම. නීත්‍යානුකුල ජීවිතයක් පතන්නෙමු. අප සැමට ජයශ්‍රී! (නදී)
අශාන්,මෙහෙන් නොලැබෙන දේ එහෙන් දෙනවා කියනවා නම්?රාජිත, රනිල් හා චන්ද්‍රිකාගේ ඉතිහාසය නිවීහැනහිල්ලේ මෙනෙහි කරන්න. මහින්දට මම කඩේ යන්නේ නැහැ. මෛත්‍රී හොඳයි.නමුත් ටිකක් හිතන්න වටේ ඉන්න අයගෙන් ඔහුට ගැළවිය හැකිද? (නි)
විමුක්ති, මේ අයට ඕවා දන්නේ නැහැ පැටියෝ (නදී)
රටකට ඕනේ අපමණ අගයක්..... හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්..... ඔබට ජය මෛත්‍රී (නදී)
මේ අදහස් දකිද්දි මට පුදුම හිතෙනවා මේ ඉන්නෙ සිංහල අයද කියල. මේ තරම් අන්තවාදය වපුරපු කෙනා සුද්ද කරන්නෙ හරියට මැරිල ඉපදුනා වගේ. මෛත්‍රී දිනුවොත් රට තුනට නෙවෙයි ඊට වඩා කොටස් වලට බෙදෙනවා. (ස)
මේ සෙල්ලම එච්චරම හොඳ නැහැ ගොයියෝ. (නදී)
දැන් ඉතින් ඉස්සරහට හොරු ටිකක් තමයි ඉතුරු වෙන්නේ (නදී)
සේන, මේක කෙලෙහි ගුණ ගැන ප්‍රශ්නයක් නෙමේ රටේ අනාගතය ගැන ප්‍රශ්නයක්. (නදී)
මෛත්‍රී මහත්තයා දිනනවාමයි (නදී)
මෙයාගේ වැඩ ගැන විමසිලෙන් බලන් ඉන්න එක කට කටත් වටිනවා.(අ)
හා හා වික්‍රම, ඔබෙගේ කතාව 100% ට 100% කම හරි. ඉන්න හොරු විතරක් නෙවෙයි "හිටිය" හොරුත් ඒ පැත්තේ. (නදී)
සුභ පැතුම් (නදී)
සාමකමීව ජය සමරමු.(හේ)
නියමයිනේ! ජයවේවා! (නි)
දේශපාලකයෝ නිවැරදි තීරණ ගන්නවා නම් රට කැඩෙන්නේ නැහැ. (නදී)
දවසක් මම ගෙයක් දුටිමි. එය ගින්නට හසුව තිබුනි. රත් පැහ ගත් ගිනි ජාලා එහි පියසෙන් උසට නැගුනි. එහිතුල මම දනන් දුටිමි. දොර හැර ඔවුනට හඩගා පිටවන්නැයි මම කීවෙමි. එහෙත් එදන සැලුනේ නැත. හදිසි බවක් පෙනුනේ නැත එක් අයෙකුගෙ රැවුල පවා පිලිස්සෙද්දි ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොදද වැසි වසීද සුලග තදද දැවෙන නිවස දමා ගොසින් ඉන්න ගෙයක් තියෙනවාද මෙවැනි ප්‍රශ්න රාශියක්ය මම පිළිතුරු නොදී ඔහුට නැවත වරක් උනෙමි නිහඩ. මට සිතුනා මේ දරුවන් නගන ප්‍රශ්න නවත්වන්නෙ ගින්නෙන් නැසුනාම කියා සත්තකින්ම ප්‍රිය දරුවනි යම් මිනිසෙකු පොලෝ තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දන හට සරන යන්න බනක් නැතිය මට කියන්න එලෙසයි අප හිමි ගෞතම පිලිතුරු දුන්නේ පෙරකල. (නදී)
දැන් මේ පනින කට්ටිය හිතන්නේ මෛත්‍රී දිනනවා කියලද? (නි)
හැබැයි ට්කක් පරිස්සමින් (නදී)
ගාවගත්තා නම් ට්කක පරිස්සමින් (නදී)
අාපු එක ගැන සතුටුයි. (නදී)
තවත් ගම්මන්පිල වර්ගයේ අයයි මේ (නදී)
සියලුම ජාතීන්ට සමගියෙන් සතුටින් ජීවත් වීමට හැකි වේවා.(හේ)
මේ වගේ අය යන එක හරිම සතුටුයි.එතකොට රට සුරක්ෂිත බව විස්වාසයි.(හේ)
සුළු ජාතීන්ගේ ඡන්දවලින් බහුතරය මෛත්‍රීට ලැබෙන එක දැන් හොඳටම සහතිකය. මුස්ලිම් ජනතාවගේ මතයට බදුර්දීන්ටත් එකඟ වීමට සිදුවෙලා.(හේ)
සියලු හොරු හා අන්තවාදී කණ්ඩායම් එක රොදකට එක්වීමෙන් හා ජාතිය වනසන මතවාද එක රොදකට එක්වීම මහින්ද නැවත දිනවීමේ සුබ පෙර නිමිති වේ.(නදී)
මෙයාල යනවා කියලා අපි දන්නවා ...ඊලගට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නිසා තමන්ට තියෙන ඡන්ද ටික රැකගන්න..(හේ)
පාට පක්ෂ වලට මහජනතාව කොටු කර දේශපාලුවන්ට රටෙි සමිපත් දේපල කොල්ල කැමට ඉඩ නොදෙමු. අප සැම එක්ව ජාතික අවශ්‍යතාවයකට දේශපාලකයින් පොලඹවමු , බලකරමු ,නැතිනමි තවදුරටත් අතපය හකුලාගෙන බලා සිටුමුද ? (නදී)
අනේ මෙයා අධිකරණයට ගල් ගැහුවේ නම් නැහැ. ඒ මෙයා නෙමෙයි වෙන කෙනෙක්. (නදී)
සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා. (ස)
අපිට නම් දේශපාලනය තිත්තයි. අපරාදේ කාලය. හැම කෙනෙක්ම හිතන්නේ තමන්ගේ මල්ල තර කරගන්න විතරයී. (ස)
පේනවනේ වැඩේ.(නදී)
නරක නැහැ තවත් මේ අයගේ නියෝජිතයෝ ඉන්නව ද අස් ගෙඩිවලට හෙනගහල සිංහලුනේ (අ)
මේගොල්ලෝ මෙහෙම තමා (අ)
විමල්, නායකයා හොඳනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. (අ)
30 වසරක යුද්දය නිමකරපු මහින්ද ජනාදිපති තුමා හැම දෙනාටම ආගම බේදයක් නැතුව එතුමාගේ නම ඉතහාස ගතවෙනවා (අ)
මෛත්‍රී පාලනයකට ජය වේවා..(හේ)
අනිවාර්යයෙන් පොදු අපේක්ෂක දිනනවා (නදී)
සැවොම ආදරෙන් පිළිගනිමු.(හේ)
සිංහල බෞද්ධ කල ගුණ දන්නා අපි මහින්දට. (නදී)
අපේ අය බලන්නේ ඡන්ද විතරයි (නි)
මතක තියාගන්න මේ කිසිවක් මහින්ද මහතාට අවශ්‍ය නැති බව. මෙදා සැරේ කවුරු කවුරුත් පාඩමක් ඉගෙනගනීවි. (නි)
ඔය කාගේ කාගේත් වගතුග ඔය වැඩ වලින් ඇවිස්සෙන බව විතරයි අපිට දැනට කියන්න පුළුවන්. (නි)
සෝභිත ස්වාමින් වහන්සේ, අතුරලියේ රතන ස්වාමින් වහන්සේ, පාඨලී චම්පික රණවක, ජෙනරල් ෆොන්සේකා සිටිනතෙක් සිංහලයේ අනනගතය ගැන බියවිය යුතුයි කියා මම සිතන්නේ නැහැ. එහෙත් කව්රු රජවුවත් සිංහලය රැකගැනීමේ සටන අතහැරිය යුතු නැහැ. මම මෙසේ කියන්නේ අවුරුදු 55 ක අත්දැකීම තුළින්. (නි)
ටෙනිසන්, අමතක කරන්ඩ එපා මේ ඇවිත් ඉන්නේ රජයේ හිටපු ඇමති කෙනෙක් සහ මන්ත්‍රී කෙනෙක්. එයාල මේ පඇත්තට ආවමද රට තුනට කැඩෙන්නේ? (නදී)
කෙලෙහි ගුණ සැලකිය හැක්කේ භාරකාරයා ලෙස වැඩ කරන කෙනෙකුට විනා අයිතිකාරයා ලෙස හැසිරෙන කෙනකුට නෙවෙයි. (නදී)
එන පොට නම් හොඳ නැහැ වගෙයි (නි)
අපි මහින්ද ජනාදිපතිතුමාට ගරු කරනවා යුද්දේ දිනපු එකට. අනික ඉතිහාස පොතට මෙතුමාගේ නම දැම්මත් කමක් නැහැ රට එක්සත් කල නායකයා කියා. එ්ක වෙනම දෙයක් අපිට දැන් ඕනේ වෙනසක්. මෙතුමා හිටියා ඇති. හැමදාම එකම හෝටලයෙන් කන්න බැහැනේ පොඩි වෙනසක් ඕනේ (නදී)
70ක්? නියමයිනේ! (නි)
බන්දුල පෙරේරාගේ කතාවක් නැතුව නිකන් මොකක්ද වගේ. හැබෑටම කෝ අනේ බන්දුල? සියදිවි නසාගෙනවද්ද කියා හොයා බැලුවොත් නරකද? (නි)
කවුරු ආවත් ගියත් මොන පැත්තෙත් යටි උගුල්ද ක්‍රියාත්මක වෙන බව අමතක නොකළ යුතුයි (නි)
එතකොට සිංහල, ක්‍රිස්තියානි බේදයකින් තොරව අපි මෛත්‍රීට ඡන්දෙ දුන්නට කමක් නැහැනේ ? අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු. ක්‍රිකට් ගහලා දිනද්දී විතරක් නෙමේ හැමදාම අපි ලංකාවේ වැසියෝ. අපි ජාතිවාදී, ආගම්වාදී වෙන්න හරි නෑ (නදී)
ජයවේවා (නදී)
මෛත්‍රිපාල දිනන එකේ සැකයක් නැහැ. නමුත් ආරක්ෂාව මදි (නදී)
ජනාධිපතිතුමා බලයට පත් වූයේ නැත්නම් අපිට අපි ගැන සිතීමටවත් හැකියාවක් නැත (නදී)
පුදුම කණ්ඩායමක්නේ! (නි)
අපේ සිංහලයන්ගේ රට ඉදිරියේ තියෙන අවදානම ගැන තියෙනෙ වැටහීම මේ කියල තියෙනෙ දේවල් වලින්ම පේනවා. රිෂාඩ් බදුයුදීන් කියන කෙනාගේ නියම ඇතුලාන්තය පිළිබදවත් එයා ගෙනියන අන්තවාදී වැඩ පිළිවෙල ගැනවත් කිසීම අවබෝදයක් නැති කම මේ කියල තියෙනෙ ප්‍රකාශ වලින්ම පේනවා. සිංහල ජාතියට බුදුන්ගේම සරණ පමණි ඉතිරිව ඇත්තේ! (අ)
මෛත්‍රී පාලනයක් ! ජයෙන් ජයම වේවා !(හේ්)
උගත් නියෝජිතයන් පාර්ලිමේන්තුවට එවීම ඡන්ද දායකයින්ගේ වගකීම බව අමතක නොකරන්න.
ආණ්ඩුවෙන් මන්ත්‍රී දුරයක් අරගෙන මෙහෙම පැන්න එක සමස්ත මුස්ලිම් ජනයාට කරපු නිග්‍රහයක් (නදී)
මෛත්‍රිපාල දිනන එකේ සැකයක් නැහැ. නමුත් ආරක්ෂාව මදි. (බ)
පොඩි පොඩි ඉත්තො පැනලා වැඩක් නෑ.(හේ)
ජය වේවා...!!(හේ)
මෙය ඉතාමත් අගනා සේවයකි.(හේ)
අපිට සිංහල මහා ජාතිය විදයට ජාතිවාදයක් අවශ්‍ය නැහැ. අපිට කොහොමත් මේ රට අයිතියි. අපිත් එක්ක සහයෝගයෙන් ජීවත් වීමට තීරණයක් ගැනීම තමයි අනිත් ජාතීන් කල යුත්තේ. එ්ක හරියට එංගලන්තෙට ගිහින් සුද්දට ඕනේ විදියට ඉන්නවා වගේම තමයි. ලෝකේ කොයි රට ගත්තත් ඒක පොදු නියමයක්. (නදී)
රටේ අනාගතය වෙනුවෙන් ගත් මෙවන් තිරණ වලට ස්තුතියි.(හේ)
මට මේ වෙලාවේ විල්පත්තුව මතක් වෙනවා ඇයිද මම දන්නේ නෑ. (නදී)
කිර්ති මේ පොඩි ඉත්තෙක් නෙමෙයි. (හේ)
පව් කියල හිතෙනවා කට්ටිය ගැන. මේ රජයේ ගොඩක් චෝදනාවන්ට ලක්වුණු මේ ඇමති තුමාවත් දැන් එතකොට අරන්. ඉන්නකම් දුශිතයෝ. පැන්න ගමන් බෝ පැල. අනේ හොඳයි. (නදී)
පුලතිසි පොළොවේ කිරිරස හදුනන සුජාත පුතුනේ. ජයෙන් ජයම වේවා.! (ර)
අර ලගදි මන්ත්‍රී කරපු කෙනත් පැන්නා නේද ? එයාගේ විශ්‍රාම වැටුප හරිනේ . ඡන්ද දායකයන්ට මොකද වෙන්නේ.! (හේ)
ප්‍රගතිශීලී ඇමතිතුමාට ජාතියේ ප්‍රණාමය. (ර)
තව කී දෙනෙක් මෙහෙම පනිවිද දන්නේ නෑ.(හේ)
දිනන පැත්ත දැන් දැන් පේනවා වගේ. (බ)
ඔන්න සිංහලයිනි අපේ බලය පෙන්නන වෙලාව අපිට මෙයාල ඕනේ නැහැ අපේ නායකයෙක් පත්කර ගන්න (බ)
සාධාරණ චන්දයක් තියන්න. මේ රටේ මිනිස්සු හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ.මේ කාපට් සංවර්ධනයෙන් අපිට වැඩක් නැහැ.කීයෙන් කී දෙනාටද අධිවේගේ යන්න තියෙන්නේ. එක කර්මාන්ත ශාලාවක් හැදුවද? (බ)
පොඩි පොඩි ඉත්තෝ ගොඩක් පෙන්නහම ඇති ගම් මට්ටමෙන් සංවිධානය කරන්නේ මේ කට්ටියනේ ජය වේවා (බ)
කිර්ති ඔයාට ලොකුවට පෙන්නේ ඇමති හොරුද ? සුබ අනාගතයක් ඔයාට (බ)
අටුවා ටීකා අනවශ්‍යයි. ගිවිසුම් පැහැදිලියි. (නදී)
හැමෝම සාදරයෙන් පිළිගන්නවා (බ)
ඇයි බන්දුල ඕකේ අනිත් පැත්ත ? විපක්ෂයේ ඉන්නකන් බොරු චෝදනාකාරයෝ . පැනපු ගමන් සංවර්ධනයේ හවුල් කාරයෝ. ! නැද්ද බන්දුල ? (නදී)
ජනාධිපති තුමා දිනවීම ජාතියේ යුතුකම සේ සලකා වැඩ කරමු. (නදී)
එහෙනම් අපිත් මෛත්‍රීට (නදී)
රටකට ඕනේ අපමණ යුගයක්, හෙටකට නම් ඕනේ ඉතින් මෛත්‍රී යුගයක් තමයි. (නදී)
මට කවුරු හරි කියල දෙන්න ආණ්ඩුව පැත්තේ ඉන්න ඔක්කොම අය ඒ පැත්තට ගියාම ඒ හදන ආණ්ඩුවත් මේ වගේම වෙනේ නැද්ද ? (නදී)
අලි මහත්තය හරිම විශ්වසනීය එක්කෙනෙක්, මෛත්‍රී මහත්තය වගේම (නදී)
දැන් ඉත්තන්ගේ ලොකු පොඩි බලන්නේ නැතුව, රටේ කලබල ඇති නොකර සමගි මෛත්‍රී පාලනයට සහයෝගය දෙන්න තමා ඕනේ. (නදී)
ඉදිරියට තව එනවා...ජය වේවා (නදී)
බණ්ඩාර, රිෂාඩ් බදුයුදීන් අද වෙනකම් දේශප්‍රේමීයි. අදින් පස්සෙද දේශද්‍රෝහී වෙන්නේ. මගෙන් මොකුත් අහ ගන්න එපා. ඕවට රැවටුන කාලේ ගියා. (නදී)
ඔබ තුමන්ලගේ පිවිතුරු හෙට කොහොම එකක්ද කියලා දැන් ජනතාවට තේරුම් ගන්න පුළුවන්. (නදී)
ඔබට ජය මෛත්‍රී. ඔබයි අපේ අනාගත නායකයා. (නදී)
ජයවේවා, අනිවාර්යෙන් මෛත්‍රී ජනපති. ඔබ තුමාට ජයවේවා. (නදී)
එගොඩහ යන්නෝ .. මෙගොඩහ යන්නෝ.. තව කවුරුද ඉන්නේ...(නදී)
කොයි ගෙම්බා පැන්නත් මහින්ද දිනුම් (නදී)
හැමෝම සාදරයෙන් පිළිගන්නවා.(හේ)
කාලෝචිත තීරණයක්.(නදී)
ජනදිපත්තුමාගේ ජය ස්තීරයි, ඒක හරවන්න මෙයාලට බැහැ. (නදී)
ජනක මහත්තයෝ..ඒ ඉතින් දුෂිත ආණ්ඩුවක්නේ..ඔයාල හදන්න හදන්නේ එහෙම දුෂිත ආණ්ඩුවක් නෙමෙයිනේ..යහපාලනය පිරුණු පිවිතුරු හෙටක්නේ..ඒ දෙක පටලව ගන්න එපා.(ම)
අපි මග බලාගෙන ඉන්නේ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් ජයවේවා.(හේ)
දැන් මෙතුමා ගැන විපක්ෂය කියපු දේවල් ඔක්කොම අහෝසි වෙනවද ?? (හේ)
මේවා දැක්කම බන්දුලට/නිශාන්තට මොනවා හිතෙනවා ඇද්ද ? (අ)
මෛත්‍රී මහත්තයා අනිවාර්යයෙන් ලබන 9 වෙනිදා සිට අපේ ජනාධිපති. ජයවේවා! (නි)
අහෝ බන්දුල.. (අ)
නිකන්ම එකතු වෙන්නේ නැහැනේ. හුරේ දාන අයට පස්සේ මේවා දිරවන කොට ටිකක් අමාරු වෙනවා. (නදී)
කපටිකමක් නම් ගෑවිලාවත් නැහැ. හරි අවංක මිනිස්සු. (නදී)
බන්දුල පෙරේරා මහත්තයෝ,යන ගොඩ වැඩියි,එන කට්ටිය අඩුයිනේ.ඇයි ඒ ..(අ)
ප්‍රථමයෙන් මේ වෙනස , ඊළඟ මහා මැතිවරණයෙන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට. මේ වෙනස ජනාධිපතිවරණයෙන් කෙරවල වෙන එකක් නොවේ. (හේ)
ජයම ජය ! (නදී)
සුළු ජාතීන් හා සුළු ආගමිකයන්ගේ අයිතීන් වෙනුවෙන් ඔබ ගත් තීරණයට ස්තුතියි. (හේ)
හෙට කියයි මේ අයත් දේශද්‍රෝහියෝ කියලා.(හේ)
රට ජාතිය ගැන කැක්කුමක් ඇති හැමෝම පෙළ ගැහෙන්නේ සිරිසේන මහත්තයාගේ වටේ අපි හොයන වෙනස ජය නියතයි .(හේ)