කොම්පඤ්ඤවීදියේ විතාන මාවතේ ඉදිකළ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිම ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය.
මෙහි වියදම රුපියල් ලක්ෂ 130 කි.
මෙහිදි පැමිණි පිරිස පිළිගැනීමට වැසියන් රබන් වාදනයක නිරත වෙද්දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඊට එක්විය.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමැති විමලුත් රබන් ගසතෙයි
චමී Sunday, 09 February 2014 05:21 PM
කොහොමත් මෙයා නම් ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.(නදී)
ගුණේ Sunday, 09 February 2014 06:43 PM
ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ නේද සහෝදරයා? (අ)
ක්‍රිෂාන් විතාන Sunday, 09 February 2014 06:45 PM
බලාගෙන ගියාම මෙයාට සිගිරි නගින්න බැරි උනාට රබන් ගහන්න නම් පුළුවන් නේද සහෝදරයා.(නදී)
සලීම් Sunday, 09 February 2014 09:43 PM
ඇමතිතුමාගේ පදයට නැටවිමටද සුදානම (අ)
ෂෙරිෆ් Sunday, 09 February 2014 09:44 PM
කොහොමටත් හෙට අනිද්දා වෙනකොට අපි හැමෝටම රබාන අතට ගන්න වෙනවා, (අ)
විමල් පාලිත Sunday, 09 February 2014 10:50 PM
බයිලා ගහන එකේ රබනුත් කජ්ජද්ද ? (අ)
කපිල Monday, 10 February 2014 12:28 AM
ජනතාවට රබන් ගහන විමල් ! අපි නොදන්නා රබන් ? (අ)
මැටිල්ඩා ද සිල්වා Monday, 10 February 2014 02:27 AM
මෙයා බෙර පදත් හොඳට දන්නවා. හැබැයි නටන්නේ නම් මහින්දගේ බෙර පදයටයි. (අ)
ලලිත් අපොන්සු Monday, 10 February 2014 02:56 AM
ආ එහෙනම් මෙයත් අපේ නායකතුමාව අනුකරණය කරනවා (අ)
බන්දු Monday, 10 February 2014 04:29 AM
එයට හරි ජොලි ඇති අනේ අම්මප වෙන මොනවටද හොඳ (අ)
විමල් Monday, 10 February 2014 04:53 AM
අර පරදින කෙනාටත් ඔය අමාරුව තිබුණා (අ)
සත්‍යයා Monday, 10 February 2014 05:58 AM
එගොඩ ගොඩෙත් රත්තරන් - මෙගොඩ ගොඩෙත් රත්තරන් - එහෙ පැන්නත් මෙහෙ පැන්නත් - කොහෙ පැන්නත් රත්තරන්. රජ්ජුරුවොත් මට කියන්නේ - අනේ මගේ රත්තරන්. (අ)
රකිත Monday, 10 February 2014 06:00 AM
උඩින් උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර - ඇමතිකම් ගන්න වර පෙත්තප්පු (අ)
සමන්ත Monday, 10 February 2014 06:20 AM
ඕක ඉතින් අලුත් දෙයක් නෙවෙයි අපට නම්. එයාල පදේ ගහනවා අපි එම පදේට නටනවා.(නදී)
මිහිර Monday, 10 February 2014 07:47 AM
රනිල් මහත්තයා රබන් ගහනකොට මෙයා අපහාස කලා. (නදී)
කසුන් Monday, 10 February 2014 07:59 AM
බස්නාහිර පළාත් සභා චන්දය ලග එනවනේ . (දී)
අල්විස් Monday, 10 February 2014 08:41 AM
මිනිස්සු අතරට ගිහිල්ලා රබානක් ගහලා මහජනයා එකක් සතුටු උනාම මොකක්ද තියෙන වැරැද්ද? එතන ඉන්න අපේම මිනිස්සු සතුටින් නොවෙයිද ඉන්නේ..? (දිල්)
කැප්පෙටිපොළ Sunday, 09 February 2014 03:39 PM
ඔතන ඉන්න ඔක්කොමටම වඩා හොදට ඔය වැඩේ කරන්න දන්නවා ඔය ඇමතිතුමා. (නදී)
රෝහිත Sunday, 09 February 2014 03:40 PM
රබන් ගහන එක හොඳයි උපවාස වලට වඩා.(නදී)
නුවන් Sunday, 09 February 2014 04:03 PM
ගෙදර ගිහින් ප්‍රශ්ණයක් හදා ගත්තද දන්නෙත් නැහැ.(නදී)
ධම්ම Sunday, 09 February 2014 04:12 PM
දැන් නම් අතපය සියුමැලි වෙලා ඇති නැත්නම් මෙතුමාට රබන් ගහන එක නුහුරු දෙයක් නොවෙයි.(නදී)
ජොනතන් Sunday, 09 February 2014 04:13 PM
ඕවට සිංහලෙන් කියන්නේ නාට්‍ය කියල. පක්ෂ පාට නැතුව ජනතාවට ආදරෙන් දේශපාලනය කරන මහත්මා වරුන් හිටිය නං ඒ මැන්ඩෙලා වගේ අය. මෙයා අරපැත්තේ ඉන්නකොට කතා කරපු කට තාම තියෙනවද දන්නේ නැ නේ පරිස්සමට. (නදී)
විජිත පොන්සේකා Sunday, 09 February 2014 04:27 PM
මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිම. උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා! විජිත ඕස්ට්රේලියාව (අ)