කොම්පඤ්ඤවීදියේ විතාන මාවතේ ඉදිකළ මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිම ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් සිදුවිය.
මෙහි වියදම රුපියල් ලක්ෂ 130 කි.
මෙහිදි පැමිණි පිරිස පිළිගැනීමට වැසියන් රබන් වාදනයක නිරත වෙද්දී අමාත්‍ය විමල් වීරවංශ මහතා ද ඊට එක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙයා නම් ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.(නදී)
ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ නේද සහෝදරයා? (අ)
බලාගෙන ගියාම මෙයාට සිගිරි නගින්න බැරි උනාට රබන් ගහන්න නම් පුළුවන් නේද සහෝදරයා.(නදී)
ඇමතිතුමාගේ පදයට නැටවිමටද සුදානම (අ)
කොහොමටත් හෙට අනිද්දා වෙනකොට අපි හැමෝටම රබාන අතට ගන්න වෙනවා, (අ)
බයිලා ගහන එකේ රබනුත් කජ්ජද්ද ? (අ)
ජනතාවට රබන් ගහන විමල් ! අපි නොදන්නා රබන් ? (අ)
මෙයා බෙර පදත් හොඳට දන්නවා. හැබැයි නටන්නේ නම් මහින්දගේ බෙර පදයටයි. (අ)
ආ එහෙනම් මෙයත් අපේ නායකතුමාව අනුකරණය කරනවා (අ)
එයට හරි ජොලි ඇති අනේ අම්මප වෙන මොනවටද හොඳ (අ)
අර පරදින කෙනාටත් ඔය අමාරුව තිබුණා (අ)
එගොඩ ගොඩෙත් රත්තරන් - මෙගොඩ ගොඩෙත් රත්තරන් - එහෙ පැන්නත් මෙහෙ පැන්නත් - කොහෙ පැන්නත් රත්තරන්. රජ්ජුරුවොත් මට කියන්නේ - අනේ මගේ රත්තරන්. (අ)
උඩින් උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු උඩින් උඩින් වර බිමින් බිමින් වර - ඇමතිකම් ගන්න වර පෙත්තප්පු (අ)
ඕක ඉතින් අලුත් දෙයක් නෙවෙයි අපට නම්. එයාල පදේ ගහනවා අපි එම පදේට නටනවා.(නදී)
රනිල් මහත්තයා රබන් ගහනකොට මෙයා අපහාස කලා. (නදී)
බස්නාහිර පළාත් සභා චන්දය ලග එනවනේ . (දී)
මිනිස්සු අතරට ගිහිල්ලා රබානක් ගහලා මහජනයා එකක් සතුටු උනාම මොකක්ද තියෙන වැරැද්ද? එතන ඉන්න අපේම මිනිස්සු සතුටින් නොවෙයිද ඉන්නේ..? (දිල්)
ඔතන ඉන්න ඔක්කොමටම වඩා හොදට ඔය වැඩේ කරන්න දන්නවා ඔය ඇමතිතුමා. (නදී)
රබන් ගහන එක හොඳයි උපවාස වලට වඩා.(නදී)
ගෙදර ගිහින් ප්‍රශ්ණයක් හදා ගත්තද දන්නෙත් නැහැ.(නදී)
දැන් නම් අතපය සියුමැලි වෙලා ඇති නැත්නම් මෙතුමාට රබන් ගහන එක නුහුරු දෙයක් නොවෙයි.(නදී)
ඕවට සිංහලෙන් කියන්නේ නාට්‍ය කියල. පක්ෂ පාට නැතුව ජනතාවට ආදරෙන් දේශපාලනය කරන මහත්මා වරුන් හිටිය නං ඒ මැන්ඩෙලා වගේ අය. මෙයා අරපැත්තේ ඉන්නකොට කතා කරපු කට තාම තියෙනවද දන්නේ නැ නේ පරිස්සමට. (නදී)
මහල් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරිම. උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා! විජිත ඕස්ට්රේලියාව (අ)