රාජ්‍ය යාන්ත්‍රණය සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්ට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍යවේදීන් කරුණු විමසූ අවස්ථාවේ දී ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ ද කීවේය.
“ මා ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමග සාකච්ඡා කළා නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඇමතිවරුන්ටත් රාජ්‍ය නිලධාරීන් සමග පරිපාලන කටයුතු කිරීම පිළිබඳ වැඩමුළුවක් පවත්වන්න. ඉදිරියේ දී එවැනි වැඩසටහක් කරනවා.”
“ ඉන් පසු මේ වගේ සුළු සිද්ධි ඇතිවන එකක් නැහැ. රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමටත් ඔවුන් ආරක්ෂා කරගනිමින් රාජ්‍ය පාලනය නිවැරදිව ගෙන යාමටත් විෂය භාර අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරනවා. ඒ සඳහා මා බැඳී සිටිනවා”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වැඩමුළු තබා කැලය සහ හැසිරීම් රටා වෙනස්කළත් කොටියාගේ පුල්ලි වෙනස්වෙන්නේ නැහැ. (නි)
ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න නවකයන් හැසිරෙන්න කතා කරන්න දන්නේ නැති අයද? (නි)
ලොක්කන්ට පොඩ්ඩන්ට දෙගොල්ලනටම පුළුවන් නම් වඩාත් හොඳයි. (නි)
සාමුහික වගකීම සම්බන්ධව කැබිනෙට් අමාත්‍යවරුන්ටත් වැඩමුළුවක් පැවැත්වීම කාලෝචිතය (නි)
අද කාලේ මන්ත්‍රීලා පර්මිට් හරහා නීත්‍යානුකූලව හොරා කනවා. ඒ හින්දා මේ පොඩ්ඩන්ට රන්ජන් මහත්තයාගෙන් පුහුණුවක් ලබාදෙන්න. පර්මිට් එකක් කෝටි 4 යි. 225 කට දෙන්න ගියාම. කෝටි 900 යි. මේ ඇරෙන්න මන්ත්‍රී ලේකම්ලාගේ පර්මිට්. බුදු අම්මේ! රන්ජන් විතරයි මිනිස්සු ගැන හිතන්නේ (නි)
රන්ජන් කියන්නේ මිනිසුන් අතර දෙවියෙක්. ඔහු මන්ත්‍රීලට දෙන රුපියල් ලක්ෂයක මාසික දීමනාවත් ප්‍රතික්ෂේප කළා. (නි)
රන්ජන් දේශපාලුවන් අතර සැබෑ ජනතා සේවකයෙක් (නි)
හොරුන් අතර රන්ජන් සැබෑ මිනිසෙක්.පර්මිට් ගන්නේ නැහැ. දීමනා ගන්නේ නැහැ. හොරුන්ගේ , දුෂිත නිලධාරීන්ගේ පරම හතුරා. ඔහුගෙන් පුහුණුවක් සියලු මන්ත්රීලාට ලබා දෙන්න. (බ)
රන්ජන් කියන්නේ සැබෑ මිනිසෙක්, අපේ දේශපාලකයන්ට ඔහුගෙන් උගත හැකි දේ බොහෝයි. මිනිස්සුන්ගේ දුප්පත් බදු මුදල් වලින් සුර සැප විදින එක පාපයක් කියන දේ අපේ දේසපාලුවන්ට කියල දුන්නේ රන්ජන්. රාජකාරිය නොකර නිදි කිරණ නිලධාරීන්ට එකේ පාපය කියල දුන්නේ රන්ජන්. (බ)
මන්ත්‍රීවරුන් ජනතා මුදල් අවභාවිතය නොකළ යුතු බවට රන්ජන්ගේ මුලිකත්වයෙන් මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක් තියන්න. අපිත් එනවා ඕන සහයෝගයක් දෙන්න. (බ)
චමත් පොඩ්ඩන්ට විතරක් නෙමේ සියලු ජ්‍යෙෂ්ඨයන්ට රන්ජන්ගේ වැඩමුළුවට සහභාගී වීම අනිවාර්ය කරන්න. අපේ හොර මන්ත්‍රීලට රන්ජන් ඇඩෙන්න දේවි. පාර්ලිමේන්තුවේ 99% මහජන මුදල්වලින් පර්මිට් අරවා මේවා කියල ගසා කනවා. රන්ජන් විතරයි එහෙම කරන්නේ නැත්තේ. (බ)
මේ දුෂිත නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න කියන්න. නැත්නම් අස්කරන්න. එ්ක ඔබතුමාගේ වගකීමක්. (නි)
දේශපාලනයට වැඩමුළු වැඩක් නැහැ. ඒ ඒ පුද්ගලයට අාවේනික චරිතයි, ගතිවලටයි මිනිසුන් ඔහු වටා රැස් වෙන්නේ. ඒ නිසයි දේශපාලකයින්ව තෝරාගන්න කතිරයක් ගහන්නේ. රජ්‍ය පරිපාලන ක්‍රමවේදයේ ස්ථාවරයක් තිබුනොත් හොඳයි. පරිපාලන නිලධාරීන්ව තෝරාගන්නේ අධ්‍යාපන සුදුසුකම් මතනේ. (බ)
ඉස්සෙලම ඡන්ද දායකයන්ට පාඨමාලාවක් දිස්ත්‍රික් මට්ටමෙන් පවත් වන්න. සම හරක්ට තේරෙන්නේ නැහැ හරි හමන් පාලකයන් තෝරාගන්න. අරක්කු බාගයයි බත් පැකට් එකයි මස් කටුවක් විතරයි බලපොරෝතුවන්නේ. යන්තන් අ.පො.ස. වැඩ දෙක තුනක් හරි අට පාස් වෙච්ච උන් තෝරන්නේ නැතුව අඩු තරමින් වත් විශ්ව විද්‍යාල උපාධියක් තියන මැදි වියේ උගතෙක් පත්කරන්න උපදෙස් දෙන්න. නළුවන්ටයි එලුවන්ටයි ඡන්දෙ දුන්නම රට බල්ලට යන එක අහන්න දෙයක් නෙමෙයි. (බ)
තම රාජකාරි බල ප්‍රදේශය තුල පස් හොරුන්ට නිදහසේ පස් හොරකම කරගෙන් යන්න ඉඩ දුන්නු මෙම නිලධාරීන් සේවයෙන් පහ නොකළත් මහජනතාව බහීවි පාරට. (බ)
අද කාලේ මන්ත්‍රීලා පර්මිට් හරහා නීත්‍යානුකූලව හොරා කනවා. ඒ හින්දා මේ පොඩ්ඩන්ට රන්ජන් මහත්තයගෙන් පුහුණුවක් ලබා දෙන්න. (නි)
"ණයත් නැති බයත් නැති" ගමේ භාෂාවෙන් කතාකරන ගමේ කොල්ලා, ගරු නි. ඇමති රන්ජන් රාමනායක මැතිතුමා පස් හොරෙක්වත්, මල්වට්ටිය අරගෙන බුදුන් වඳින හොරෙක්වත් නොවේ. පක්ෂය කුමක් වුවත් අපි එතුමා සමඟ සිටිමු. උඩ බලාගෙන සිටින, සියල්ලට "එසේය මහරජ" කියන නිදාසිටින නිලධාරී පැලැන්තියද දැන්වත් අවදි වියයුතුය. (නි)
ඔයාට මේක සුළු සිද්ධියක්. වහ පාලනේ කොයි එකත් එකයි. (අ)
දේශපාලනයට අධ්‍යාපනය වැඩක් නැහැ. දේශපාලනයට අවශ්‍යය හරිද වැරදිද, කරනවද නැද්ද කියලා තීරණය කරන එක. පරිපාලන නිලධාරිනුයි එම තීරණ නිසියාකාරව ක්‍රියාත්මක කළයුත්තේ. හරි හෝ වැරදි වේවා තීරණයක් ගත්තට පස්සේ එ්කේ වගකීම දේශපාලකයින්ට ගන්න වෙනවා. පරිපාලන නිලධාරිනුත් දේශපාලනය කරන්න ගියාම තමා අනාගන්නේ. (නි)
මම ඉන්නේ ඉතාලියේ. මෙහෙ කාණුවක් වැරදියට කැපුවත් කවුන්සිල් එකෙන් එනවා. මෙච්චර විශාල ජාවාරමක් වෙනතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනා නිදි. බෝලය පාස්නොකර වැරැද්ද බාර අරගෙන මෙම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඉල්ලා අස්වෙන්න. අනිත් රජයේ සේවකයන්ටත් ආදර්ශයක් දෙන්න. (නි)
ඇමතිතුමා රටේ ජනතාව පාරට බස්සලා රට අවුල් නොකර මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් ගැන ක්‍රියාමාර්ගයක් ගන්න. (නි)
ගරු ජනාධිපතිතුමනි, රට පුරා අද විශාල රැල්ලක් ගොඩනැෙඟෙමින් තියෙනවා, මේ රාජ්‍ය නිලධාරිනියට ඉල්ලා අස්වෙන ලෙසට. ඔබතුමා මැදිහත්වෙලා මේ ප්රශ්නය විසඳන්න (නි)
ආණ්ඩු පක්ෂයේ ඕනෑම යෝජනාවකට අත උස්සන්න අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැහැනේ (නි)