බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් රඳවාගෙන සිටියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අප්‍රේල් දෙවැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නට, බිරිඳ සුජාතා සේනාරත්න සහ ඔහුගේ පුත් එක්සත් සේනාරත්නට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (20) නොතීසි නිකුත් කළේය.

දැරිය ඉදිරිපත් කරන ලෙස දැරියගේ පියා හබයාස් කෝපුස් ආඥාවක් පතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එහි සඳහන් වන්නේ වසරකට පමණ පෙර දැරිය පැහැරගෙන ගිය බවයි.