බාල වයස්කාර දැරියක පැහැරගෙන ගොස් රඳවාගෙන සිටියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අප්‍රේල් දෙවැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නට, බිරිඳ සුජාතා සේනාරත්න සහ ඔහුගේ පුත් එක්සත් සේනාරත්නට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අද (20) නොතීසි නිකුත් කළේය.
දැරිය ඉදිරිපත් කරන ලෙස දැරියගේ පියා හබයාස් කෝපුස් ආඥාවක් පතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එහි සඳහන් වන්නේ වසරකට පමණ පෙර දැරිය පැහැරගෙන ගිය බවයි.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
825
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇමැති රාජිතට / පුතාට නොතීසි
අබේරත්න -ටෝකියෝ Friday, 20 March 2015 04:46 PM
මෙයාටත් නඩුවට එන කොට නයා ගගයිද දන්නේ නැහැ. (නදී)
රන්ජිත් Friday, 20 March 2015 05:36 PM
වැරදිකාරයා වුණොත් මොකද කරන්නේ? (නි)
කුමාරි Friday, 20 March 2015 08:11 AM
කරුණාකර නිතිය අකුරට ඉටු කරන්න. බොරුවට ලෝකෙට පෙනෙන්න අනුන්ගේ වැරදි කියා කියා කෑ ගහනවා. මේවා මොන තරම් අපරාධද?(දිල්)
අබේ ටෝකියෝ Saturday, 21 March 2015 04:40 PM
මේ වගේ නඩු වලට ඇමති වරු එන්නේ කොහොමද ? (නදී)
අනුර Friday, 20 March 2015 09:11 AM
නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. කාගේ පුතා වුනත් නීතිය ක්‍රියාත්මක කරන්න. සමහර ලොකු ඇමැතිලාගේ රෙද්ද පල්ලෙන් ජරාවම තමා බේරෙන්නේ. (බ)
විජයබාහු Friday, 20 March 2015 09:17 AM
කුමාරි, කීයක් ඔට්ටුද ඕක අකුරට වෙන්නේ නැ.(හේ)
චමිල් Friday, 20 March 2015 09:34 AM
මේවට දඩුවම් දෙන්න ඕන ජනතාවයි, ඊලග මැතිවරණේදී.(හේ)
ජානක Friday, 20 March 2015 09:37 AM
බලමු නීතිය ක්‍රියාත්මක වන හැටි. (දිල්)
ඇල්ලේ කුඩාබණ්ඩා Friday, 20 March 2015 10:32 AM
චමල්. ඔබ හරි. මහජනතාව බලාගෙන ඉන්නේ ඒ අසිරිමත් දවස එළඹෙන තුරුය. මෙයා විතරක් නෙවෙයි තව කීප දෙනෙක්ම ඉන්නවා. (බ)
ඇසළ Friday, 20 March 2015 10:54 AM
ඇමති පුත්තු කොයි ආණ්ඩුවේත් එක වගේ. වෙනසක් නැහැ. තෙලේ වැඩි වෙලා. (බ)
ජීවා Friday, 20 March 2015 12:44 PM
කුමාරි, එයාලට එහෙම මොකුත් වෙන්නේ නැතිවෙයි (නි)