(විනීතා එම් ගමගේ)
ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න ඇමැතිට එරෙහිව ගෙන එන්නට සුදානම් වන විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක ඡන්දයකින් පරදවා සේනාරත්න මහතාගේ විශ්වාසය තහවුරු කරන බව පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (25) පැවසීය.
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය හා පසුපෙළ මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ සහභාගිත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්වූයේ රාජිත සේනාරත්න මහතාට සහය පළ කිරීම සඳහාය.
‘‘රාජිත සේනාරත්න අමාත්‍යවරයා සියයට අසුපහකින් අනුවකින් විතර ඖෂධ මිල අඩු කිරීම නිසා හෝ ඔහු කළ වෙනත් සේවාවන් නිසා ද මේ විශ්වාසභංගය ගෙන එන්නේ? එක පැත්තකින් කියනවා මේ යෝජනාව ගෙන එන්නේ උසස් අධ්‍යාපනය පුද්ගලීකරණය කරන නිසාලූ. කවුද මේක ගෙන ආවේ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා උයද ගම්මන්පිල මන්ත්‍රීවරයා. මේ අය දිවුරුම් පෙත්සම් දෙකකට බොරු අස්සන් දීපු අයයි.
රටක් ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. අවුරුදු 11 ක් මේ රට කාල හොකම් කරල විනාශ කරල තියෙද්දි ඒවා පෙන්නලා දෙන කොටයි මෙහෙම කරන්නේ. රාජිත සේනාරත්න කියන්නේ මේ රජය පිහිටුවන්න ඉදිරියට ඇවිත් කටයුතු කළ පුද්ගලයෙක්. ප්‍රශ්නයක් තියෙන තැන බය නැතිව ඉදිරියට ඇවිත් කථා කරන පුද්ගලයෙක්.
විපක්ෂයෙන් කොටසක් තමයි මේ වැඩවලට හවුල්වෙලා මේවා වටේ රඟන්න පටන් ගන්නේ. අපි මේක ප්‍රතික්ෂේප කරනවා විතරක් නොවෙයි අපි මේක පරාජය කරන්නේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයකින් ’’ යැයි ද කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්වලාමයි,.. " පිදුරුවලට හික් මීයත් " සාක්කියි කිව්වලු.
විද්‍යාගේ ප්‍රශ්නේදී විජයකලා කාටද උදව් කළේ කියලත් අපි දන්නවා. බැඳුම්කරේදී ඔබ හිටියේ කාගේ පැත්තේද කියලත් අපි දන්නවා. ඔය දෙන්නම චෝදනා ලබපු අයයි. ඔබලා රාජිත මහතාට උදව් කරනවා කියන එකෙන්ම අපිට ගොඩාක් දේවල් තේරුම් ගන්න පුළුවන්....
අයියයි මල්ලියි වගේ තකට තක.. රැකගන්න ඕනේ එයාගේ පුතාව.. නැත්තම් මේ රට ඉවරයි...
මා සිතන ආකාරයට රවී කරුණානායක මහතාගේ ප්‍රකාශය සත්‍යයි. මම ඊට එකඟ වෙනවා.
හා හා හොරු රකින්න මහ හොරු ඉදිරියටම..
දෙන්නම සමගියෙන් පිටවල් කසා ගන්නවා වගෙයි.
ඔළුගෙඩි පෙන්නලා අභියෝගය ජයගත්තාට... හොරා හොරාමයි. එම දිනීම යථාර්ථය නොවේ. එ්කෙන් උදම් වෙන්න උත්සහ කරන්න එපා. රජය පිහිටවන්නට උදව් වුණේ මහජනතාවයි. රාජිතලා වත් රවිවත් නොවෙයි. අපේ ඡන්දේ නැත්තම් ඔය නං දෙඩවිලි නැත. ඔයතරම් නිර්දෝෂී නම් ජනාධිපති මෛත්‍රිට කියන්න... රවී වෙනුවෙන් ස්වාධීන ජනාධිපති කොමිසමක් දාන්න....මොකද වෙන්නේ බලන්න. දෝෂාභියෝගයක් එනවා කියපු දවසේ රාජිතගේ මුහුණේ තිබ්බ බිරන්තට්ටු ස්වභාවය අපි දක්කා.
ඔය එළියට එන්නේ තව තව ළූණු බික් තමයි. අලි බබා සහ හොරු හතළිහේ එකමුතුව !!!
රවී කරුණානායක මහතා, රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් කරනලද ඖෂධ මිල ගණන් අඩු කිරීම ගැන කියන කතාව සම්පුර්ණ ඇත්ත. ඊට විරුද්ධ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දිකින්නට අකමැති පුද්ගලයින් පමණි.
මොකද එයාටත් ණයට දීල තියෙනවද?
හොරාගේ අම්ම පුතා පුතා ගැන කතා කරනවා.
එක වල්ලේ පොල්.
ආනේ මෙන්න සුදනෙක් කෑ මොර දෙනවා, අසාපල්ලා අසපල්ලා.
රවී මරුවිකල්ලෙන් කියවනවා වගේ.හොරුන් රැක ගන්න ඕනේ හොරුන්ම තමයි.එකේ විවාදයක් නැහැ.හොර ඔලු ගෙඩිවලින් බේරුනත්,ජනතාවගෙන් නම් බේරුමක් නැහැ.
තවත් හොරෙක් රැකීමට හදන පට්ට හොරෙක්.
එක හොරක් ටවත් හොරක් ආරක්ෂා කරන්න හදනවා. රාජිත සහ ඔහුගේ බිරිගේ වැඩ අද හෙට හෙළිවේවි. කෝටි ගන්නන් ගහපු විදිහ . බෝධි සත්වයෝ වෙන්න හදනවා. හොරා කවදත් හොරාමයි.
හොරු වෙනුවෙන් කම්බ හොරු
ඇයි මේ ආණ්ඩුව නාමල්ගේ යාලුවෝ පස්සෙම පන්නන්නේ. මුලින් අර්ජුන් . ඊට පස්සේ කබ්රාල්,
මෙයාල දෙන්න තමයි රට කන්නේ
"".. වරෙල්ලා...මේ රැනේ...අපි එකම රැනේ කුරුල්ලෝ"" "'අපි එකම ගහේ ලගින්නේ""...""අපි එකතුවෙලයි හොරා කන්නේ යාළුවේ "' ඉතින් රාජිත්ව බේරුවේ නැතිනම් අපි ඔක්කොම හිර කුඩුවේ ලගින්න වෙන්නේ.
රවී හොදටම දන්නවා රාජිතගේ කටේ හැටි . රාජිත විශ්වාසබන්ගෙන් පැරදුනොත් , ඔක්කොගෙම හොරකම් , ජඩකම් හෙළිවෙනවා. රාජිත තනියම ගෙදර යන්නේ නැහැ .මේ අවුරැදු 2 ට ගත්තු ණය මුදල් කන්දරාවෙන් රටට කරපු වැඩක් නැහැනේ . ඒවාට උනේ මොනවද කියල කියන්න හොදටම දන්නා කෙනෙක් තමයි රාජිත . රාජිත හොරා බව මුළු රටම දන්නවා. එත් සමහර ලොකු හොරු ගැන රටේ ජනතාව තවම දන්නේ නැ. හිතාගෙන ඉන්න ක්ලීන් මිනිස්සු කියල
දැන්වත් ජනතාව එක හොරු කල්ලියක් එළවල තවත් හොරු කල්ලියකට බලය දෙන එක නවත්වන්න ඕනෑ. මේක කරන්න බැරි සමහරු අරය හොරකම් කළත් අර දෙය කලා මේක කලා කියලා රෙදි නැතුව කඩේ යන නිසා.
දැන්වත් ජනතාව එක හොරු කල්ලියක් එළවල තවත් හොරු කල්ලියකට බලය දෙන එක නවත්වන්න ඕනෑ. මේක කරන්න බැරි සමහරු අරය හොරකම් කළත් අර දෙය කලා මේක කලා කියලා රෙදි නැතුව කඩේ යන නිසා.
රවී කියන කතාව ගොඩක් අයට අමතක සත්‍යයක්. රටේ තිබුණු දොස්තර මාෆියාවට සහ ඔවුන්ගේ පසුපස ඉන්න දළ ඇත්තුන්ට එරෙහිව ගෙනයන සටනට වැඩි ප්‍රචාරයක් කවදාවත් මාධ්‍යයයෙන් ලැබුනේ නැහැ. ඒ අතින් ඔහු දුප්පත් අසරණ රෝගීන් වෙනුවෙන් කල සේවය අමිලයි. හොඳ දේ කවදත් හොඳයි. අමතක නොකළ යුතුයි.
පහුගිය දවස්වල යහපාලනයට කඩේ ගිය තිලක් - ඩුබායි මහතා සහ ටිකිරිබණ්ඩා-නුගේගොඩ මහතා දැන් කොහෙද? ඔබතුමාලට මොනවද කියන්න තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ ඉන්න සුපිරි හොරුගැන. මේ වැකිය ලියන්නේ ඔබ දෙදෙනාටමයි.
හොරෙක්ගේ වටිනාකම තේරෙන්නේ තවත් හොරෙකුට විතරයි.
නොමිලේ සෞඛ්‍ය සේවාවක් තියෙන ශ්‍රී ලංකාවේ බෙහෙත් මිල අඩු කිරීම විහිළුවක්....
මඩ පුවක්වල තියෙන්නෙත් කාණු කටේ දුගඳමලුනේ..
ඔබට මට වඩා දිනුම්, ඔබ එට වඩා සම්පූර්ණ කළා. බොහෝ විනිශ්චය කරුවන් අල්ලසට ඉඩකඩ සලසාගන්නා අයයි. ඒ අය බොහෝ දෙනෙක් බලය අල්ලාගෙන අනුවණ ලෙස වැඩකරන බව නම් පේනවා .
රාජිතට ජනාධිපති අරමුදලින් සිංගප්පුරුවේදී කරන්න තිබුනේ හදවත් සැත්කම නෙමෙයි... මොලේ අමාරුවට ප්රතිකාරයකුයි.
රවී ඇමැතිකමින් අයින් වුනා වගේම පාර්ලිමේන්තුවට එන්නේ නැතුව ඉන්නවනම් එක ගොඩක් වටිනවා. මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම සේවය එක තමයි.