ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඉකුත් සිකුරාදා (3) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලින් තීරණය කර තිබිණි.
එහෙත් ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් එහෙමද? (නි)
අනේ ඉතින් අපිට නම් කොහොම වුණත් කමක් නැහැ (නි)
මේවා සේරම අමතකයි අපේ ගොයියන්න්ට ඡන්දයක් කිට්ටු කරලා තව 10,000 ක් පඩියට වැඩි කරනවා, බඩු ටිකක් අඩු කරලා, මේ පාර ෆොක්ස්වැගන් නෙමෙයි ටොයෝටා දෙනවා කියල පෙන්නපු හැටියේ. ලනුව කාල පස්සේ අහනවා ඔබට සතුටුයිද දැන් කියල. (බ)
මේවාට මොනවා කියන්නද මන්දා
මහින්ද මහතාට තිබෙන චෝදනා ඔප්පු කරන්න තිබෙන ඒවා. මේ රජයේ අයට තිබෙන බැංකු වංචාකරුවන් සමඟ එක්වීම ඔප්පුවී ඇති චෝදනාවන් (නි)
එක කාලයක් ලෙච්චමීලගේ පාලනයේ සිටියා. දැන් ලිච්ඡවීලගේ පාලනය. (නි)
කල් දැම්මට ප්‍රශ්නයක් නැහැනේ, දින සියට තාම කල්ති යෙනවනේ. (ර)
චෝදනා ? කාටද ? යහ පාලනයට මඩ ගහන්න එපා. (බ)
අපේ කරුමේ කියපු එක දෙයක් කරලා නෑ කොන්ද පණ ඇති නායකයෝ රටකට ඉන්න ඕන (බ)
ඔන්න කනෝ පිනුම් කීවලු. ඔන්න කනෝ යහපාලානේ කිව්වට වර්ණ අන්ධයෙන් පෙලෙන ජනතාවට ඔව්ව පෙන්නේ නැහැ. කොහොමත් පොරොන්දු වුනේ අවුරුදු දෙකක් යනකන් සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යන්ඩ විතරනේ. දැන් රට සංවර්ධනය වෙලා නිසා කොහොමටත් රනිල් මහත්තයට ආණ්ඩුවේ පාලනය බර දෙන්ඩ වේවි. එතකොට කොහොමටත් කැබිනට් එක වෙනස් වෙනවනේ. (බ)
රටට හොඳක් කිරීමට දුෂිත අමාත්‍ය වරුන්ව වෙනස් කිරීමට ආත්ම ශක්තිය ඉදිරිකාලයේදිවත් ලැබේවා. (බ)
කුට්ටම කොච්චර ඇනුවත් කොළ වෙනස් වෙන්නේ නැහැනේ (බ)
විධායකය නිෂ්ක්‍රිය කිරීමට තරම් තවත් බලවේගයක් රටේ ඉස්මත්විම. (ර)
එතකොට අමාත්‍යවරුන්ට එල්ල වී ඇති චෝදනා නිවැරදි වෙනවද ? (ර)
හොරකම් යට ගහන්න එකඟ වෙලා (බ)
චෝදනා තියෙනවනම් නඩු අහල ඔප්පු කරලා හිරේ දාන්න ඕනේ. රජයේ මොකෙක් හරි එකෙක් වැරද්දක් කළාම එහාට මෙහාට මාරු කරන එක නෙවේ කරන්න ඕනේ. වැරැද්දට දඩුවම් දෙන එක. මේකන් පේනවා මේ රටේ නීති දෙකක් තියෙන වග. (බ)
එතුමාට අවශ්‍යය දේවල් කරන්න බැහැ ලිච්ඡවී පාලනයක් තුළ (බ)
තව අවුරුදු 03 තියෙනවා මාරු කර කර ඉන්න, අපේ ප්‍රශ්න අපිම විසදා ගන්නම්. (බ)
මේ ගැන අපි දැන සිටියා කිසිම පියවරක් නොගනු ඇත 2020 දක්වා (බ)
ඒකටත් බාල ගිරි දෝෂෙ ද? (බ)
කොහොමත් වැඩ නැහැ කතාවම විතරයි . ලොකුවට සද්දේ දැම්මට පම්පෝරි ගැහැව්වට අන්තිමට බලන කොට පුස් වෙඩිල්ලක් වෙනවා. (ර)
භය වෙලාවත්ද (බ)
ඇමති මාරුවක් කරනවා නම් ඉස්සරවෙලාම කරන්නේ පරිසර ඇමතිකම මාරු කිරීමයි . ඊළඟට ආර්ථික කටයුතු ඇමතිව මාරුකරන්න ඕනේ ! ඇමතිවරු 90 ක් විතර හිටියට වැඩක් කරන්නේ විදේශ ඇමතියි , විදුලිබල ඇමැතියි , නිවාස ඇමැතියි විතරයි . අනිත් ඔක්කොම කරන්නේ බයිලා කියන එකයි , බොරු කයිවාරු ගහන එකයි විතරයි (බ)
දැන් ඉතින් කරන්න දෙයක් නැ. බැඳගත්ත බෙරේ 2020 වෙනකල් ගහල කොරහත් බිදගෙනම යන එකයි තියෙන්නේ. (බ)
රටේ ජනතාව ගැන හිතල වෙන්නැති නේද ? (ර)