බන්දුල ගුණවර්ධන මහතා අද හදිසියේම හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණ කලා හා වානිජ විෂයන් හදාරන සිසුනට පුරා දෙපැයක් ආර්ථික විද්‍යාව කියා දුන්නේය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු වන ඔහු පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු ටියුෂන් වෘතියට ආයුබෝවන් කීවේය. මෙම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් සියලුම දෙනා උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට යැවීම තම එකම අරමුණ බවත් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම පාසල පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කරන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ගුරුවරයෙක්, අපිට ඕනෑ වෙලාවකට ගිහින් පාර්ලිමේන්තුවේ කථා කරලා එන්න පුළුවන්ද? මේ යන හැටියට හැමෝම ඉස්කෝල වලට ඇවිත් උගන්වන්න පටන් ගත්තොත් මොනවා වෙයිද? (නි)
ඔබතුමාගේ න්‍යය ඉතාම හොද නමුත් එය ප්‍රායෝගිකද වියයුතුයි. (නි)
බන්දුල ගුණවර්ධන මහත්මය දහස් ගනනකට නොමිලේත් උගන්නපු දක්ෂ ගුරුවරයෙක්. නමුත් දේශපාලනය හින්ද නම සවුත්තු කරගත්ත. (ත)
බන්දුල මහත්තයා දක්ෂ හොඳ ගුරුවරයෙක් (ස)
ඇයි රුපියල් 2500 කින් මාසයක් කන හැටිත් කිවුවේ... (නි)
ඉන්පස්සේ එතුමා ගියේ කොහේද? (නි)
බලන්න මොන තරම් ලස්සනද (දී)
බලන්නත් ලස්සනයි (දී)
අලුත් රස්සාවට වඩා පරණ රස්සාව හොදයි.(නදී)
නරකද ඇමති පට්ටම ගලවලා දාලා පරණ රස්සාවට බැස්සොත්. ලංකාවේ දේශපාලනය කරලා නිරයට යනවට වඩා ළමයින්ගේ ඇස් පාදා ආත්ම තෘප්තියක් ලබාගෙන මැරෙන මෙහොතේ හරි හිත සතුටෙන් මැරෙන්න පුලුවන්.(නදී)
මෙතුමා දක්ෂයෙක් බව මම 100%ක් පිළිගන්නවා. හැබැයි මේ වැඩේ නම් මම එච්චර අනුමත කරන්නෙ නැහැ. (නි)
පන්ති කාමරය හරිම පිලිවෙළයි. ඇමතිතුමා එන නිසාද? නැත්නම් හැමදාම මෙහෙමෙද?(නදී)
පාර්ලිමේන්තුවට නොගිහින් දිගටම මෙම උදාර සේවය කළොත් එහෙම හොදයි කියා මම හිතනවා.(නදී)
ඇයි පාසැලේ ඉන්න ගුරුවරු උගන්වන්නන්නේ නැද්ද? මහජනතාව රවට්ටලා තමන්ගේ නොහැකියාව වහගන්න කරන වැඩ. ඒකනේ කැමරාකරුවොත් අරගෙන ඇවිත් ඉන්නේ. මහින්ද චින්තනයට ගිය කළ.(නදී)
අනේ අනේ මෙහෙම රවටන්න පුලුවන්ද?(නදී)
ඔබ වටා සිටින පුද්ගලයක් කාරුණික නම් ඔබට එයින් ගැලවීමට පුලුවන් බව මගේ ප්‍රාර්තනයයි.(නදී)
දේශපාලනය කරනවට වඩා ලොකු සේවයක් ඉගැන්වීම තුලින් කරන්න පුළුවන් බව තේරුම් ගන්න ඇමතිතුමනි.(නදී)
ඉදිරියේදි මෙම රැකියාවම කරන්න වෙයි.(නදී)
රුපියල් 2500 කින් මාසෙම ජීවත් වෙන හැටි උගන්වන්න වෙන්න ඇති නේද?(නදී)
පන්තියේ මල් එල්ලලා, වාස් තියලා, පෑන් දාලා, ඒ මදිවට වීඩියෝ කැමරාකරුවෙකුත් අරගෙන ගිහින්. හදිසියේ ගිය ගමනක්ද මේක?(නදී)
එතුමා ඒ කාලේ අපිට උගන්නපුවයි දැන් කියන ඒවයි බැලුවම ඒ කාලේ එතුමා අපිට උගන්වලා තියෙන්නේ බොරුද කියලත් හිතෙනවා. (ස)
හරි ආඩමිබරයි. මමත් සර්ගෙන් ඉගෙනගත්ත කෙනෙක්. අද පිටරටක රැකියාවක් කරන්නේ ඒ දැනුම නිසා.(නදී)
බන්දුල ගුණවර්ධන ගුරුතුමණි, අපිට අපේ අතීතය මතක් වේනවා ,තවමත් ඔබතුමා කියාදීපු පාඩම් අපිට මතකයි.ඒ කාලයේ ඔබතුමා අපේ වීරයේක්.කවදක්වත් පරණ ගුරු වෘතියට ආයුබෝවන් කියන්න එපා. ගුරුතුමණි ඔබට ජයවේවා.(නදී)
හරිම ලස්සන පාසැලක්. ඒත් මේක ලංකාවේ පාසැල් වල ඇත්ත තත්වය නෙමෙයි. මේ පහසුකම් ඈත එපිට ළමයිට කෝ? ඇත්ත තිත්තයි.(නදී)
නියම ගුරුවරු තමයි ඉතින් මේ (දී)
මේවා හොදයි කොන්ඩෙ බැදපු චීනුන්ට.(නදී)
බන්දුල ගුනවර්දන ගුරු තුමා ඔබ සබැ ගුරුවරයෙක්. දේස පාලනයෙන් ඔබට එතරම් ප්‍රතිචාරයක් මිනිසුන්ගෙන් නොලබුනට ඔබ නිහත මානි දක්ෂ ගුරු වරයෙක්. මම ඔබගේ සිසුවෙකි . මම ඔබගෙන් ඉගෙන ගත්තේ 1991 වසරේදී. ඔබගේ දක්ෂ ඉගෙන්විම නිසා මට ඉහල ප්‍රතිපල ලැබුණා. මම හුගක්ම අගය කලේ ඔබේ කතාවට. 1991 පසුව මම ජීවත් වෙන්නේ ස්වීඩන් වල. මම මෙ රටේ දැන් පුරවැසියෙක්. මම ලෝකේ කොහෙහිටියත් මම මගේ පුංචි ශ්‍රී ලංකාවට ආදරෙයි . ඒ වගේම ඔබ තුමාගේ වැඩසටහන් යනකොට මම නිතරම ඒවා බලනවා . ඒ බලන හැම මොහොතකම ඔබ තුමා මට උගන්වපු හැටි මතක් වෙනවා. ඔබ මට එදා දුන් දැනුම නිසා අද මම විසාල වෂයෙන් ලංකාවේ කොටස් වෙළද පොලත් සමග ගනුදෙනු කරනවා. ඒ තුලින් ලංකාවට මම විශාල විදේස විනිමයක් ලබා දෙනවා. ඔබ නැවත ගුරුවරෙක් ලෙස දැකීම මට සතුටක් ගෙන දුන් නා. මම ඔබට සුබ පතනවා. ඔබ සබැ ගුරුවරයෙක්.(නදී)
ජාතික මෙහෙවරක් (දී)
ළමයිගේ පාඩුවේ ඉන්න දීලා ගියා නම් නේද හොද?(නදී)
නියමයි.... (දී)
සුද්දිලගේ කතාව කියවනවද කොහොද?(නදී)
ළමයිනේ රුපියල් 7500 කින් ඔක්කොම කරන්න පුලුවන් ආර්ථික විදයාවක් දේශපාලනය තුල තියෙනවා. මේවා පන්ති කාමරයට අදාල නැහැ.(නදී)
මටනම් හරිම ආසයි බන්දුල සර්ගෙන් ඉගෙන ගන්න (දී)
මටත් බැරිද ඒ ඉස්කෝලෙට ගිහින් උගන්වන්න. මට හොදට බොරු කියන්න පුළුවන්.(නදී)
අයියෝ මෙහෙමත් මෝඩ වැඩක්.(නදී)
අර ඉසෛඩ් කෝ පාඩමත් කියලා දෙනවද?(නදී)
අර 2500 න් ජීවත් වෙන විදිය කියලා දෙන්නකෝ මේ ළමයින්ට.(නදී)
මේවට කියන්නේ සිංහලෙන් ෂෝ පෙන්නනවා කියලා.(නදී)
ඔබ තුමා හොද ගුරුවරයෙක්. එදා අපි ගංගොඩවිල සුබද්‍රාරාමේ පන්ති ගිය හැටි මතක් වුනා.(නදී)
බන්දුල ඇමති තුමා පින් සිද්ද වෙන වැඩක් (දී)
මම ලංකාවෙදි විද්‍යා විෂය දාරාව හැදෑරුවෙක් වන අතර මගේ සමකාලීන ඉතාමත් හොද ගුරුවරයෙක් ඔබ. ඔබතුමා නිසා දෑස පාදා ගත් සිසුන් කොතරමි ලංකාවෙත් මගේ මිතුරන් අතරත් සිටිනවා. ඔබට මේ දේශපාලනයෙන් ඔබගේ ගුරුකම තරම් දත්ෂ දෙයක් කරන්න නොහැකියි. (නදී)
ඔබ ඉතා හොඳ ගුරුවරයෙක්. මම ඔබෙන් ඉගෙනගත්තේ 1984-85. අද මගේ දුවට වාණිජ ඉගෙනගැනීමට ඔබ හිටියානම් කියා නිතරම මම කියන දෙයක්. දේශපාලන මඩ ගොහොරුවෙන් මිදී දරුවන්ගේ නුවණැස පාදන්න. (නදී)
බුදු අම්මෝ මේවා දැකලා අපේ දුටුගැමුනු ගිහින් මොනවා උගන්වයිද දන්නේ නැහැ. (නදී)
වරුණට ආසද දේශපාලනය කරන්න? ඒත් ඉතින් උඹලා අපි වගේ මෝඩයන්ට මොන දේශපාලනයද? (නි)
මේ වැඩේ දිගටම කලොත් නරකද මැති තුමා (දී)
ඔබතුමා බොහොම ආදර්ශමත් වැඩක් ඔය කරන්නේ (දී)
ඔය වගේ පන්ති කාමර කොළඹට විතරද?(නදී)
මෙතුමා හොද දක්ෂ ගුරුවරයෙක් (දී)
ලෝකෙම පරණ රස්සාවද?(නදී)
අපිට රුපියල් 2500 කින් මාසයක් කන හැටි කියවනවා. ගෙදර ඉන්න බල්ලටත් මාසෙකට රුපියල් තිස්දහකට වැඩිය වියදම් කරනවා.(නදී)
කොහොමත් අපේ රටට ගැළපෙන්නේ මෙතුමා වගේ අය තමයි. (නි)
ඇත්තටම හොද වැඩක් (දී)
මමනම් ආසයි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න. (දී)
ටයිල් කරපු පන්ති කාමර පවා තියෙනවා. දුප්පත් පාසැල් වල දරුවන්ට මොන පහසුකමක්වක් නැහැ. ලංකාවේ විශ්ව විද්‍යාලවලටවත් නැහැනේ මෙහෙම පහසුකම්.(නදී)
ඉතා වටිනා ජාතික සේවයක් (දී)
මුදල් වලට ඕනම පාවාදීමක් තරන්න පුළුවන්.(නදී)
එයාගේ ඉලක්කය ඒ ඉස්කෝලේ හැම ළමයෙක්ම කැමිපස් යවන්නලු. පේල් වුනත් දැන් ඉතින් ළමයින්ට ගැටළුවක් නැහැ. එතකොට රටේ අනිත් ළමයි ගැන කව්ද බලන්නේ. සුනාම් වෙලාවේ අපි මනුස්සකම හොදට දැක්කා.(නදී)
අනුර, පිට රටක රැකියාව කරන්න බන්දුල සර්ගෙන් ඉගෙන ගන්න ඕනෙද?(නදී)
පරණ කිවුවේ ගොඩක්ම පැරණි රස්සාවටක්ද? (නි)
සමන් බන්දුල සර්ට කඩෙි යනවා නේද?(නදී)
ඔබතුමා දක්ෂ ගුරුවරයෙක් (දී)