(සිතුම් චතුරංග)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට අයත් මන්නාරම තාරපුරම් හි නිවස අද (6) ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බව යුද හමුදාව කියයි.
අමාත්‍යවරයාගේ නිවස ඇතුළු තාරාපුරම් හි තුර්කි නගර් නැමති නව මුස්ලිම් ගම්මානය ද ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කළ බව යුද හමුදාව පවසයි.
ඊයේ උදෑසන 06.00 සිට දහවල් 01.00 දක්වා මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම ආරම්භ කළ අතර ඒ සඳහා යුද හමුදාව, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිටියහ.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ තාරාපුරම් නිවස පැය කිහිපයක් විශේෂ සෝදිසියකට ලක්කළ අතර එහි තිබී කිසිදු සැකකටයුතු යමක් සොයාගැනීමට නොහැකිවූ බව යුද හමුදාව සඳහන් කරයි.
තුර්කි නගර් හි නිවාස පරීක්ෂා කිරීමේදි කිණිසි කිහිපයක් සොයාගත් අතර එම කිණිසි වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම පොලිසිය වෙත බාරදී තිබේ.
යුද හමුදාව පැවසූයේ තුර්කි නගර් හා තාරාපුරම් හි නිවාස 150 අධික සංඛ්‍යාවක් විශේෂ සෝදිසියකට ලක්කළ බවයි.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විදේශ ගතව ඇති අතර ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී නිවසෙහි සිට ඇත්තේ සේවකයින් කිහිපදෙනකු පමණක් බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මෝඩයෝ. චෙක් කරන්න තිබුනේ ප්‍රහාර එල්ලවුණු දවසේමයි.
මේවට හිනහ නොවී මක් කරන්නද..? වැඩ බැරිනම් ටාසන්ලා අාණ්ඩුව කරනකොට මෙයිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. අර සුදු වෑන්, බ්ලැක් කැටිස් හොඳයි කියලා හිතෙන්නේ මොවුන් නටන නාඩගම් දැක්කම තමයි..
ඒක මරු, ප්‍රහාරය වෙලා සති 2කට පස්සේ අස්සයත් ඉස්තාලෙන් පැන්නට පස්සේ සෝදිසි කරනවා.. අපිට දෙවියන්ගේම පිහිටයි..
දැන් පරීක්ෂා කරලා මොනවා හොයාගන්නද? මිනිහා මෝඩයෙක්ද මෙච්චර දවස් ගෙදර තියාගෙන ඉන්න. ඕවා කලින්ම කරන්න තිබ්බ දේවල්... මේකෙන් වෙන්නේ එය නිවැරදිකාරයෙක් වෙන එක විතරයි.
මේවට මොනවද කියන්නේ? මෙහෙම රටකනේ අපි ජීවත් වන්නේ...
කොහොමද යහපාලන රජයේ සැලැස්ම... බදුර්දීන් උන්නැහේ රට යැව්වා. කාලෙකට පස්සේ ගේ සෝදිසි කරනවා. දැන් ඉතින් මොකුත් නෑනේ. තව ටිකක් කල් මහජන සල්ලිවලින් මිනිහා හොඳ සැපක් අරගෙන වීරයෙක් වගේ ලංකාවට එයි. ඔය ඇමතිලා යයි ගුවන්තොටට මල් මාලයක් දාලා පිළිගන්න. තමන්ගේ පැවැත්ම සඳහා අසූචිත් කන යහපාලනය...
අපේ ශ්‍රේෂ්ඨ රජවරු එක්සේසත් කරපු මේ රටේ තුර්කි නගර නමින් නගරයක් ඇතිකරන්න ඉඩක් දීලා කාලකන්නි දේශපාලනේ රට විනාශ කරන හැටි..
අශ්වයා පැනලා ගියා. දැන් මොන පරීක්ෂාද? මේවා කෙරෙන්නේ රට රවටන්නට වුණත්, මේවායින් රැවටෙන්නේ සමහර දේශපාලකයන් පමණයි.
මෙයාගේ බදු ටික ඔක්කොම හන්ගන්න ඉඩ දීලා දැන් පරික්ෂා කරලා කියයි...මුකුත් නැහැ කියලා. මේක හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ. මේ තමයි මහ මොලකරුවා. ජනතාවනේ, මේවා හොඳටම මතක තියාගෙන... ඉස්සරහට එන ඡන්දවලදී මේවාගේ ජනතාව අන්දවන කාලකන්නි දේශපාලකයෝ ගෙදරම යවපල්ලා. තමන්ගේ කතිරේ ගහන කොට මොලේ පාවිච්චි කරලා කතිරේ ගහපල්ලා. මේ දේශපාලකයන් පට්ට හොරු තමයි.
අස්සයා ගිහින් ඉවරයි. මක්කටෙයි දැන් ඉස්තාලේ බලන්නේ?
සියලු කලමණා අස්කරගන්න කියලද චෙක් කලේ?
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා තේරෙන්නේ නැහැ. සති 2කට පස්සේ මොනවා හොයන්නද?
සති 2ක් ගිහින් මිනිහත් රට පැන්නාට පස්සේ මොනවා හරි තිබිලා අහුවුණා නම් තමයි පුදුම වෙන්න ඕනෑ. අායෙත් මිනිස්සු ගොනාට අන්දමින් ඉන්න බව පේනවා. මේ යන විදියට පාලකයන්ගේ වුවමනාවට කරපු බෝම්බ පිපිරීමක් කියලත් සාධාරණ සැකයක් ඇතිවෙනවා. වළක්වා ගැනීමට උත්සාහ කරෙත් නෑ සහ දැන් පරීක්ෂණත් ඈලිමෑලි ගතියකින්නේ වෙන්නෙත්...
අනේ මෙහෙම ආණ්ඩුවක් මේ ප්‍රශ්නේ බරපතලකම දන්නෙ නැතිවද? මේ කාලකන්නි 225 මේ රගපාන්නේ. අවුරුදු 30ක් යුද්ධෙන් බැට කාපු දේපල, දරුවන් , ඥාතින් අහිමිකරගෙන ජීවිතය විදිනවාට වඩා විදවන මේ රටේ අහිංසක මිනිසුන් වන අපි ට තවත් ඇයි මේ කාලකන්නි 225 වද දෙන්නේ. අපේ මලමිනී උඩින් රජවී රටට කරුමයක් වී ඇති පාලකයිනි තොපට නැවත මිනිස් ආත්මයක් නොලැබේවා . තොපි වැනි 225ක් අප උපදින උපදින එක් ආත්මයකවත් අපිට නැවත දකින්නට හෝ තොපි ඉපදී සිටින නගරයකවත් අපි නොසිටීවා යන්න මේ රටේ සමස්ථ ජනතාවගේ පැතුමයි.
ප්‍රහාරය වුන දවසෙම පරීක්ෂා කලත් එයට කලින් ලොකු දේශපාලුවන්ගෙන් අවසර ගන්න වෙනවා. එතකොට එම ලොකු දේශපාලුවා බදුර්දීන්ට කතා කරලා කියනවා ඔන්න ඔයාගේ ගෙදර බලන්න හමුදාව එනවා කියලා. මේ අයගේ ඔලුවේ තියෙන්නේ ඡන්ද ගොඩ වැඩි කරගන්නේ කොහොමද කියන එක විතරයි. අපේ හමුදාවත් පොලිස්සියත් අසරණයි
ආණ්ඩුව මහජනතාවට විහිළු සපයනවා.
මන් කිව්වනේ මගේ අය ඕවට සම්බන්ධ නැහැ කියල
සති දෙකකට පස්සේ ?
මේවට පස්ස පැත්තෙන් හිනා යන්නේ.. ඉස්තාලේ ඇරලා අශ්වයා පන්නලා වැඩක් කරන්න පටන් අරගෙන, හරියට පොඩි එවුන් හැංගි මුත්තම් කරනවා වගේ...
අශ්වයා පැන යන්න හැර ස්තාලය වැසුවට වැඩක් නැති බව ඒ අය දැනගෙන ඉඳලා නැහැ. මුල ඉඳන්ම කලේ ඕකමනේ. ජනතාව දැන් තේරුම් අරන් ඉවරයි කර ගත්ත මෝඩකම... අපරාදේ අපි අමාරුවේ වැටුණා කියල තමයි කවුරුත් කියන්නේ... හිතන්නේ.
මං නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තියේ , කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ .
මන්නාරමේ තුර්කි නගර ??? හරි අපුරුයි නේ ...... එතකොට මන්නාරම අයිති වෙන්නේ තුර්කියට ..එහෙමද අලුත් සිතියමේ තියෙන්නේ? මුස්ලිම් නම් වලින් ගම්මාන බිහි වෙන එක කාටවත් පෙන්නේ නැද්ද ??? වත්තල එඩේරමුල්ල අක්බාර් ටවුන් කියලා නම වෙනස් කරලා ගමේ මිනිස්සු උද්ඝෝෂණය කළා . නමුත් මම දැක්කා දැන් එඩේරමුල්ල -අක්බාර් ටවුන් කියලා කියනවා . මට විතරද මේවා පෙනෙන්නේ එතකොට?
දැන් හරි පරික්ෂ කරන්න කියල කියනකන් වෙන්න ඇති බලා ඉන්න ඇත්තේ
තිබුණු චෝදනා සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් කළ හැකි .
මේවා හොඳයි පාර්ලිමේන්තුවේ ඉන්න අයට... අපි දන්නවා ඊට වඩා..
අහුවෙන්න එපා ඔය බයිලා වලට...