ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි මවත් පියාත් කොළඹ ගලදාරි හෝටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද (15) චෝදනා කළහ.
කොළඹ කිරුළපනේ ව්‍යාපාරික ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.
2014 පෙබරවාරි මාසයේදී ඇමැති පුතා අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් බවත් කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් ඔවුහු කියති.
තම දියණිය තමනට බාරදීමට පොරොන්දුවී ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බව පැවසූවත් එය කිසිදාක නොවූ බවත් එදා සිටම දියණිය ඔවුන් බාරයේ රඳවාගෙන සිටින බවත් දියණිය දැක්වීමට හෝ සම්බන්ධ කර ගැනීමට කිසිම ඉඩක් නැති බවත් එයින් බලවත් මානසික පීඩාවක් පවතින බවත් දැරියගේ මව්පියෝ කියති.
දැරියගේ බාරකාරත්වය පතා කොළඹ මහාධිකරණයේ හබයාස් කෝපූස් ඉල්ලුම්පතක් ගොනු කර ඇතැයිද ඔවුහු කියති.
තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. තමනට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඔවුහු මෛත්‍රිපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති හා කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මියගෙන්ද ඉල්ලා සිටී.
රණසිංහ මහතා ලංකාදීපයට පැවසූයේ ගැහැණු දරුවකු නිසා මෙතෙක් ඉවසාගෙන සිටි බවයි. ‘‘පසුගිය ඡන්ද කාලයේදී මේ සිද්ධිය එළියට දමන ලෙස අපේ නෑදෑ හිතවතුන් කිව්වා. ඒත් කළේ නැහැ. දැන් ඉතින් එළියට දානවා. අපේ රෙදි ගැලවිලා ගියත් කමක් නෑ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරලා විශ්ව විද්‍යාලයට සමත් වුන මගේ දරුවාව බලහත් කාරයෙන් දුන්නු හමුදා පුහුණුව නිසා ගාල්ලේ බුස්ස කදවුර ගේට්ටුව ලගට ගිහින් බාර දෙනකොට මට ඇති වුනෙත් ඔවැනිම වෛරයක්. එ්ත් සුදු වෑන් වලට බයේ ඉවසාගෙන කට වහගෙන හිටියා.(නදී)
පහුගිය කාලයේ රටට කළ විනාශය මිනීමරු ප්‍රභාකරන් කල විනාශයට වැඩිය 100 ගුණයක් වැඩියි කියන්නේ නිකම්ම නෙමෙයි. (නදී)
රටක් උනහම රටේ නීතියක් කියල දෙයක් තියෙන්න ඕනේ. හැමෝටම බලපාන එක නීතියක් තියෙන්න ඕනේ. (නදී)
රටක ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (නදී)
අපිනම් දන්නවා ඔය යහ පාලන උදවියගේ රඟපෑම කොහොමද කියලා. (අ)
යහපාලනය එනතුරුම සිටියාද මේක හෙළිකරන්න? (නි)
මේ කතාව විශ්වාස කරන්න අමාරුයි.(හේ)
කාගේ පුතාද මේ? (නි)
මම අද කොහේදෝ පුවතක් කියෙව්වා , මේ ඇමති පුතා මෙම අලුත් ආණ්ඩුවේ බලවත් යහපාලන ඇමති වරයකුගේ පුතෙක් කියා , පුතාට දඬුවම් කරාවිද ? කොමිසමක් තියාවිද ? යහපාලන ආණ්ඩුවෙන් (බ)
දේශපාලකයන් බහුතරයකට ඉන්නේ පුතාලද කොහෙද . ඒ නිසා හිතන්නේ මේ රටේ කාන්තාවන් ඉපදිලා ඉන්නේ එක එක අයගේ මනදොල පිනවන්න කියලා. ඒගොල්ලන්ගේ දුවෙක් කවුරු හරි උස්සගෙන ගියා නම් බලන්න ඕන සිද්ධ වෙන දේ. (බ)
තිලක් -ඩුබායි, ඔබ වැන්නවුන්ගේ ප්‍රතිචාර දකිනවිට සිතන්නේ ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදයට බිලිවිය යුතුව තිබුනේ ඔබ වැන්නවුන් බවයි (නදී)
මෙයාගේ අප්පා යහ පාලනයේ පප්පා කෙනෙක්. පුලුවන් නම් පුතාට නීතිය ක්‍රියත්මක කරන්න. (නදී)
තිලක් ඔක්කොම හරි මුක්කම නරකයි -ප්‍රබාකරන්ට සුදු හුණු ගෑම වැරදියි (බ)
මේ වෙන කවුරුත් නෙමෙයි රාජිත සේනාරත්නගේ පුතා. මුන් තමයි යහපාලන හොරු. (බ)
මොන ඇමැතියාගේ පුතාටද වරදක් කරලා දඩුවම් දුන්නේ. ගමේ බණ්ඩාගේ, අප්පුහාමි ගේ දරුවන්ට පමණයිද නීතිය (නදී)
ලංකා ඔය හරි.(හේ)
ඕක තමයි මොන ආණ්ඩුව ආවත් ඇත්ත. (නි)
අනේ මන්දා! මෙයත් කට විතරක් තියෙන පුතෙක් වගේ (නි)
මේක කළේ කවුද කියන එක ගැන අදාළ පුද්ගලයා නොපිළිගන්නේ යහපාලනය නිසා වෙන්න ඇති නේද. (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
දැරියගේ බාරකාරත්වය පතා කොළඹ මහාධිකරණයේ හබයාස් කෝපූස් ඉල්ලුම්පතකුත් ගොනුකර ඇත්නම් ඉතින් මොකටද මාධ්‍ය සාකච්ඡා තියන්නේ? (නි)
ඇයි මේ වැදගතුන් යැයි සම්මත අය මෙහෙම හැසිරෙන්නේ? (නි)
කවුද කියලා කියන්නකෝ අපිටත් දැනගන්න (නි)
මේ වගේ නඩු ඕනෑතරම් උසාවි වල තිබෙනවා. මොකටද මේකට විතරක් මාධ්‍ය සාකච්ඡා? (නි)
මේ කවුද කියලා මම නම් දන්නනා (නි)
ගැහේ කටු උල් කරන්න අවශ්‍යද? මේ කරන අපරාධ වලට අප්පලා, පුතාල ඔක්කොටම දඬුවම් දිය යුතුයි.යහපාලනයක තරම තමා.(ම)
දැන් ඔය ළමයට අවුරුදු 18 වෙනතුරු පරීක්ෂණ කළොත් ඊටපස්සේ වයස හරි. (නි)
මේ වගේ වැඩ හෙළාදකින්න ඕනෑ තමයි. ඒත් ප්‍රභාකරන්ට සුදු හුණු ගාන්න හදන්න එපා ඩුබායි තිලක්. (නි)
ඔව්වට නේද ජනතාව කැමැත්ත පළ කළේ. ඒ කාලේ ඕක කිව්වනම් තව කෙලියක් බලාගන්න තිබුණා (බ)
තිලක් මේ රටේ නීතිය බල්ලට ගියේ 1977 න් පස්සෙ. 1988-89 භීෂණය එහි එක් ප්‍රතිඵලයක්. 1990 තරුණ අසහන කොමිෂන් නිර්දේශ මත නීතිය ස්වල්පයක් ක්‍රියාත්මක උනත් තවමත් වල්වැදුන නීතිය හරි මාවතට ආවෙ නෑ. මේ ක්‍රමය යටතේ කවදාවත් එන්නෙත් නෑ. (නදී)
පහුගිය ආණ්ඩුවේ අංක 1 ට තිබුනේ ස්ත්‍රී දූෂණය. ඔවුන් විදායක බලය හමුවේ නිදහස් කළා. දැන්වත් රටේ මිනිසුන්ට නීතියේ සාදාරණය ඉටුවිය යුතුයි (නදී)
ළමයින්ව නම්බුකාරකමට හදාගන්න එක දෙමාපියන්ගේ යුතුකමක් කියලයි මම නම් කියන්නේ (නි)
කෙලින් කතා කරනවා හලෝ ඇමතිගේ නම කියන්න මොකද මේ බය ? (නදී)
ශි ශි ලැජ්ජයි මහත්තයෝ රෙදි ඇඳගෙනද මේවා කොරන්නේ (නදී)
අරයගේ පුතාට තමයි ඔය චෝදනාව (නදී)
මෙය අර මෛත්‍රී ජනපතිට කල වගේ මඩ ප්‍රචරයක්ද? නැත්නම් ඇත්තක්ද ? සොයාබල තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා මෙන් ජනපති හා අගමැති තුමන්ලගෙන් ඉල්ලාසිටිමි. එසේ නොඋනොත්, නැවතත් රට බල්ලට ගිය සෝමාලියාවක් වේවි.(නදී)
තිලක්, ඔයා ඔය දොස්කියන්නේ කාටද කියලා ඔයා දන්නවද? (නි)
මේ ඇහුවමයි.මෙහෙමත් දෙමව්පියෝ! දරුවා බිල්ලට දීලා අවුරුද්දක් නිහඬව ඉඳලා? (නි)
තිලක් ඩුබායි වගේ තව දෙන්නෙක් හිටියා නම් රටම ගිනිතියයි. ඔයාගේ දුවට විතරක් තරහෙන් හමුදාව දුන් පුහුණුවක් නෙමෙයි නේද ඒක? එය නායකත්ව පුහුණුවක් නම් ඔබ කැමති නැද්ද? හැබැයි ඉතින් බාල වයස්දරුවන් බලෙන් අරගෙන යන අයට නම් උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
දෝන , දැන් හිතාගන්න පුළුවන් නේද පහුගිය ආණ්ඩුවේ තත්ත්වය? අපි කවුරුත් මරණයට බයයි දෝන. මේ මිනිස්සුත් කට වහගෙන ඉන්න ඇත්තේ ජීවිතයට තිබෙන ආශාවට නේද? මේ එකක් විතරයි. මේ වගේ සහගහන අපරාධ දහස් ගාණක් සිද්ධවෙලා තියෙනවා බලය දඩමීමා කරගෙන.මේවා කළ අයට අද පලදෙමින් තිබෙන එක දකිද්දී හිතට සතුටකුත් නොදැනෙනවා නෙමෙයි (නි)
අන්න රිවිර පත්තරෙන් කියල තියෙනවා අරයගේ පුතාලු මේ හපන් කම කරන්නේ. මේ ඉතින් යහපාලනයක් වෙනුවෙන් පෙරමුණ ගත්ත සෙනෙවියක්නේ. (නදී)
මෙම ඇමති පුතා වහාම අත්අඩංගුවට ගත යුතුමයි (නදී)
මෙන්න ලංකාවේ නිතිය,වයස අවුරුදු 16 අඩු තරුණියකට තමාගේ කැමැත්ත ඇතුව වුවද . ලිංගිකව එක්විය නොහැක, විවාහ වීමටද නොහැක. අවුරුදු 18 වැඩි යුවතියකට තම කැමැත්තෙන් ලිංගිකව එක්වීමට හෝ විවාහ වීමට හැක. මේ අනුව මෙහි නොකියවෙන දෙය නම් අවුරුදු 16ත් 18 ත් අතර තරුණියන්ට විවාහ නොවී තම කැමැත්තට අනුව ලිංගිකව එක්වීමට නීතියෙන් බාධාවක් නැත. (බ)
කවුද මේ ජරා වැඩ කරන ඇමති පුතා. රටම දන්නවා කවුද කියල. මේකද යහ පාලනය? අහිංසක දරු පවුලක් අමාරුවේ දාල. ඔන්න යහපාලන පුරෝහිතයාගේ කටයුතු. (නදී)
අනේ කාලේ වනේ වාසේ (නදී)
අපරාජිත සේනාවකට රත්නයක් වූ අයගේ පුත්තුත් මේවගේ දේවල් කරනකොට යහපාලනය නිකන් අකුරුවලට සීමවෙන එක වලක්වන්න අපහසුයි (නදී)
තිලක්, ඔයා දැන් දන්නවනේ කාගේ පුතාද කියල ? කියන්න බලන්න දැන් වත් යහපලානේ සන්තුවරුද නැත්නම් ප්‍රභාකරම්ද ඔයාට හොදා කියල. (අ)
මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු හරිහැටි නොදැන කතා කිරීමට අකැමැත්තෙමි. මෙම දරුවා පැහැරෙගෙන ගියේද එසේත් නැත්නම් දරුවා කැමැත්තෙන් ගියේද යන්න සොයා බැලිය යුතුය. (නදී)
ඔවුන් බලයෙන් උමතුවෙලායි ඉන්නේ. එනිසයි මෙවැනි දේ සිදුවෙන්නේ (නි)
ඩුබායි තිලක් මෙදා පාර උඩ පැනල ගහපු මඩ තලිය ඩුබායි තිලක්ටම කැරකිලා වැදිලා. (නදී)
ඒකනේ මම කියන්නේ මහින්ද මාමි ෂෝයි කියලා. මහින්ද මාමිට ජයවේවා! (නදී)
ලංකාසිරිට අමතකද ඒ කාලේ සුදු වෑන් එන බව. කවුද ඉතින් තමන්ගේ ජීවිතයට ආශා නැත්තේ? වැඩිය දඟලන්න ගියානම් අර ගැණු ළමයත් අතුරු දහන් වෙලා හුගක් කල් වෙන්න තිබුනා. (නදී)
පුතෙක් හරියට හදාගන්න බැරි තාත්ත කෙනෙකු කොහොමද යහ පාලනයක් ගැන හිතන්නේ? (නදී)
රකිත් හරියටම හරි කියලයි මට නම් හිතෙන්නේ. (ස)
අනේ් ඒකට මෙව්වා වෙලා ඒක නිසා එයා මේවගේ වැඩක් කරා කියයි. එතකොට අනිත් අය මෙව්වා වෙනවනේ. (ස)
මෙයාගේ හෝටල් ප්‍රවෘති සාකච්ඡවේ බරපැන පංචායුද සමාගමෙන් වගෙයි .(අ)
මේ රටේ ඔය වගේ දේවල් සාමන්‍ය දේවල්.(හේ)
අවුරුදු 16 සම්පුර්ණ නම් දෙදෙනාම කැමතිනම් දෙමාපියන්ට කරන්න දෙයක් නැහැ. ලංකාවේ නීතිය එයයි. එම නිසා දෙමාපියන්ගේ යුතුකම තමා බන්දලා දුන්නත් දෙමාපියන් දාලා යන්නේ නැති දරුවන් හැදීම.(නදී)
ඕවා මොනවද රජ වැඩ කරපු පුතාලා තව කොච්චර ඉන්නවද ,(හේ)
සමන්ති අදුරේ අතපත ගානවා වගේ . කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ ඕවගේ කතා වලට තමා. කාන්තාවක් වෙලත් හිතන , පතන අන්දම ගැන ලැජ්ජා වෙන්න ඕනේ . (ස)
ඇමති පුතාලාගේ වැඩ නිසා වරදින්නේ අප්පච්චිලාට. (ස)
වැරැදිකාරයින්ට අනිවාර්යයෙන් දඩුවම් දෙන්න ඕනෑ (දිල්)
පසුගිය රජය කාලේ මේ වගේ දේවල් වුනා කියලා ගොඩක් දැනගන්න ලැබුනා.මේවගේ දේවල් හොයලා නිසි දඩුවම් කළා නම් තමයි යහපාලනය සාර්ථක වෙන්නේ (දිල්)
කවුරු ගැනද මේ කියන්නේ (දිල්)
දත් දොස්තර මේකට සම්බන්ද වෙලා ඉන්නවා. (ස)
ලිබියාවේ ඒකාධිපති ගඩාෆි පාසලකට එනවා කියල කියද්දී ඒ දෙමාපියන් වගේම දරුවනුත් පුදුම බියක් දක්වනවාලු.ඒ ඒකාධිපති ගඩාෆි ගේ නෙතට නෙත ගැටෙන ගැහැණු/පිරිමි දරුවාව ඔහුගේ ආරක්ෂකයන් විසින් උස්සන නිසා.එවැනි දරුවන් 150 කට අධික සංඛ්‍යායාවක් අදටත් අතුරු දහන් කරවල තිබෙන බව අන්තර්ජාලය පෙන්වල දුන්න.ඒ බව අද ඒ දරුවන්ගේ දෙමාපියන් හෙළි කරන්නේ ගඩාෆිත් මරල මාස 6-7 ක් ගියාට පසුවයි.ඒ ගඩාෆි මාරුවට ගඩාෆිගේ හෙවනැලි තවමත් හොල්මන් කාරවී කියන බියටයි. (ස)
කවුද මේ ඇමැති පුතා? (දිල්)
පාසල් ගුරුවරිය දන ගස්වපු මන්ත්‍රීට විරුද්දව නිර්බිතව සාක්ෂි දුන්න අසරණ මනුස්සයට වුනේ ලිදේ වතුර බිල මැරෙන්න. ඒ වගේ මුහුදු වතුර බීලා මැරුන,පාපැදි අනතුරු සිද්ද වෙලා මැරුණු,වාහන ගිනි අරගෙන මැරුන සිය දහස් ගානක් ලංකාවේ හිටිය. එත් සුදු වැන් වලට බියේ කවුරුත් විරුද්ද අදහස් පල කලෙත් නැහැ.පල වුනෙත් නැහැ. (ස)
මේවට නිසි පියවර ගැනීම යහපාලනයයි (දිල්)
රොබින්. අපරාජිත සේනාවකට රත්නයක් වූ අයගේ පුත්තුත්......අපිට "අපරජිතගේ පුතාලද,පරාජිතලගේ පුතාලද" කියල විශේෂයක් නැහැ.අනිවාර්යෙන්ම දැඩි දඩුවම් දෙන්නම ඕනේ.දැන්වත් නීතියක් තිබෙන රටක් කියල පෙන්වන්න ඕනේ. (ස)
අපි නම් දන්නවා මේ පුතා කවුද කියලා (දිල්)
අබේරත්න, ප්‍රවෘත්ති සාකච්ඡාව අන්තර්ජාලයේ බැලුවද? (නි)
ඇයි නම කියන්නේ නැත්තේ ? (නදී)
තම පුතාගේ නම සඳහන් කරමින් කර ඇත්තේ මඩ ගැසීමක් බවත් මෙයටත් වඩා මඩ ගැසීම් ඉදිරියේදී සිදුවිය හැකි බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසූ විට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. අවුරුදු 16ට වැඩි තරුණියකට තම අභිමතය පරිදි තීරණ ගැනීමේ හැකියාව පවතින නිසා පොලිසිය මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කර ඇත්තේද නීතියට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. (ස)
කවුද ඉතින් අර පුතාද ? (නදී)
රාජිත සේනාරත්න (නදී)
අපි ගත කරන්නේ 21 වෙනි සියවසේ .තොරතුරු දන ගැනීමේ අයිතියක් තිබෙන නිසා කරුණාකරලා නම් ගම් හෙළි කරන්න.ඒ නැතත් අන්තර්ජාලයේ සියලුම විස්තරම් නම් ගම සහිතව පෙන්වල දීල තිබෙනවා. (බ)
පසුගිය කාලයේ තිබුනේ පාදඞ දේශපාලු ක්‍රමයක් නිසා මෙවැනි දේ අනන්තවත් සිදු උනා. (නදී)
මට හිතාගන්න බැරි කොහොමද මේ දෙමව්පියෝ අවරුදු දෙකක් හිටියේ තමන්ගේ අවරුදු 16 දුවව බලෙන් අරන් යන්න දීල. රෙද්ද නෙමෙයි බෙල්ල ගහල ගියත් කට වහගෙන ඉන්න පුලුවන්ද මේ වගේ දෙකට ඉඩදීලා. අැමති පුතාට බයේද නැත්නම් වෙන හේතුවක්ද. අවරුදු දෙකක් කොහොමද ඉන්නේ තමන්ගේ දරුවා නැතුව, බාලවයස් කාර දරුවෙක්නේ. (නදී)
පිවිතුරු යහපාල.ඩුබායි තිලක් කියන්නේ කාගේවත් කටු ලෙව කාල ජිවත් වෙන කෙනෙක් නෙමෙයි.තමන්ගේ උගත් කමින් කාටවත් බරක් නැතිව ජිවත් වෙන කෙනෙක්.දෙපාරක් මහින්ද දිනවීමට මගේ ඡන්දය පාවිච්චි කරලත් තිබෙනවා.වැරදි දේ මගේ තාත්ත කළත් වැරදියි කියන්න ශක්තියක් මේ ඩුබායි තිලක්ට තියෙනවා. (බ)
බණ්ඩාර.ඔය බලහත් කාරයෙන් දුන්නු හමුදා පුහුණුව ගැන එක්තරා මහාචාර්යවරයෙක් කියපු කතාවක් මතක් වුන."බලහත්කාරයෙන් මොන හමුදා පුහුණුව දීල දරුවන්ගේ මනසේ "හමුදා මානසිකත්වයක්" ගොඩ නගන්න හැදුවත් විශ්ව විද්දියාලයට ඇතුලත් වෙන දරුවාගේ මනස නැවත අපි යථා තත්වයට පත් කරවනවා.අපිට ඕනේ "හමුදා මානසිකත්වයෙන්"දරුවෙක් විශ්ව විද්දීයාලයෙන් එලියට යවන්න නෙමෙයි,රටට සමාජයට වැඩ දායක උගත් බුද්දිමත් තරුණ ජවයක් විශ්වවිද්දීයාලයෙන් පිට කිරීමයි"කියල.හැබැයි මේ වෙනකොට එතුමත් මුහුදු වතුර බිව්වද කියලනම් දන්නේ නැහැ. (ස)
මේක වැඩ වසම් ක්‍රමයද? ඇමති පුතාලා දුවලා උස්සන් යන (නදී)
මේක සිද්ධ වෙලා තියෙන්නේ කොයි කාලේද?
කියන්න කවුද කියල. (නදී)
මෙයාව අත් අඩංගුවට නොගෙන තව අවුරුද්දක් විමර්ශන කටයුතු කරයිද දන්නේ නැහැ. මොකද යහ පාලනේට සාක්කි තිබුනත් ලොකු ලොක්කෝ කාව වත් අත් අඩංගුවට ගන්න පුළුවන් කමක් නැහැ. (නදී)
තරාතිරම් නොබලා දඩුවම් දෙන්න ඕන (නදී)
තිලක්-ඩුබායි ඔබ හරි. කුහකයෝ පරාජය දරාගන්න බැරුව කියන කතා. (නදී)
ඇමැති පුතෙක් එලවපු වහනයක් නම් ඉතින් දැන් ගන්න දෙයක් නැතුව ඇති. අපහු ගන්නවා නම් රි බෝර් කරලා අලුත් බොඩියක් ගහල ගන්න වෙනවා. අර හිටපු ගැමුණුගේ පුතා වගේ පුතෙක් වෙන්න ඇති.(බ)