ස්කොට්ලන්ඩි ජාතික ඉංජිනේරුවකුට කොළඹ සමාජ ශාලාවකදී පහර දුන් බව කියන මාලක සිල්වා යළි ලබන 25 තෙක් රිමාන්ඩ් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා අද (18) නියෝග කළේය.
විදේශිකයාගේ පෙම්වතිය රෝහලේ සිටින හෙයින් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ නොහැකි බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
ඇය අධිකරණයට කැඳවන ලෙස විත්තියෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කළේය.මෙම සිද්ධියේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සමඟ එක්වී විදේශිකයා හා ඔහුගේ පෙම්වතියට පහරදුන් බව කියන හය දෙනා අද(18) උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය.
මර්වින් සිල්වාගේ ඇමැති ආරක්ෂකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති.
ඊළඟ නඩු දිනයේදී ඉංජිනේරුවරයා හෝ ඔහුගේ පෙම්වතිය නොපැමිණයහොත් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සි සි ටිවී කැමරා වලින් සිද්ධිය හොඳින් පෙනෙනවානම් සහ සමාජ ශාලාවේ සිටි අයගේ සාක්කි තිබේනම්, මොන හඳුනා ගෙනිමේ පෙරේට්ටුවක්ද ? (ර)
මාලක දැන්වත් පාඩමක් ඉගෙනගනීද මන්දා (නි)
"ඊළඟ නඩු දිනයේදී ඉංජිනේරුවරයා හෝ ඔහුගේ පෙම්වතිය නොපැමිණියහොත් හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා කීවේය". ...ලංකාවේ නීතියේ පිහිට පතන්න ගිහින් ඉල්ලන් කන්න,මැරුම් කන්න මොන යකාද කැමති වෙන්නේ. සුබ අනාගතයක්. (නදී)
මෙව්වා ඔක්කොම බොරු වැඩ. ටික දවසකින් නිදොස් කොටම නිදහස් කරයි. ඡන්දෙ නිසා තමයි ඔය සෙල්ලම් ආණ්ඩුව දාන්නේ. මේවට අහුවෙන මිනිස්සු තාමත් ඉන්නවා (නදී)
එයා කවදත් ඔහොම තමයි. රටම දන්නවනේ එයාගේ හැටි (නි)
ඉක්මනට මේවයේ බේරුමක් කරලා ඔය විදේශිකයන් දෙපලව අපේ රටෙන් පිටත් කරන්න බලන්න.(හේ)
මෙයා මෙපමණ කල් බේරී හිටියේ කොහොමද කියන එක විසඳාගන්න වෙනමම පරීක්ෂණයක් කරන්න වෙයි (නි)
ජයසෝම, මේක ශ්‍රී ලංකාව (නි)
මාලක විතරක් නොව හරියට පරීක්ෂණ කලොත් ඉන්දියාවේ වගේ අපේ පාර්ලි මෙන්තුවෙන් හතරෙන් තුනක්ම ඇතුලේ ජීවිත කාලෙටම(අ)
සීසීටීවී කැමරා දර්ශන අනුව පරීක්ෂා කළොත් වැරදිකරුවා කවුද කියන්න සුදු කතට ඔහුව පෙන්වන්න ඕනෑ වෙනවාද? (නි)
කෙක්..කෙක්...කෙක්...කෙසෙල් ගහකට කෙටුවද පුතේ. (නදී)
වැඩිකල් යන්න කලින් කාගෙන් හරි වෙඩි කාලා මැරෙනවා (නදී)
රටේ වැදගත් අහිංසක හැදුනු ගති ඇති පුතනුවන් සිටියදී බේබද්දන් ගැන ප්‍රවෘති පල නොකරන්න (නදී)
නොඑන්න හේතුව හිතා ගන්න පුළුවන්. මේකත් ඉතින් අර මම මාවම බැඳ ගත්ත නඩු ගොඩටම වැටේවි. (නදී)
ගරු අැමති තුමාගේ හිතුවක්කාර පුතා ගෙදර පැමිණිවිට ගස් බැඳ වේවැල් පහරක් දුන්නොත් නරකද ? (නදී)
අයියෝ සෙනසුරු මාරුවයි, ඡන්දෙයි දෙකම එකට ආවනේ. පව් අහිංසකයා. (නදී)
මේකත් නඩුව ඉල්ලා අස් කරගන්න තැනට සිද්ධ වෙයි වගේ (නදී)
අප්පා කලදේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා කියාලා කියනවා. (නදී)
මෙයාව එළියට දැම්මොත් ජනාධිපතිවරණය පරදිනවා සිකුරුයි.අපි නම් ඡන්දෙ දෙන්නෙ නැහැ (නි)
පිටපත ලස්සනයි, හැබැයි තාත්විකව රඟපාන්න බැරිවෙයි කට්ටියට. මොකද දැන් ජනතාව එච්චරම මෝඩ නැහැ. (නි)
මම මටම ගහගත්තා (නි)