ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන ලෙසත් අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ලෙසත් ඔහු පරීක්ෂා කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා නියෝග කළේය.
ඔහු සනීපයෙන් සිටින බව මහේස්ත්‍රාත්වරයා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ සිට ඔහු උසාවියට රැගෙන එනු ලැබීය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුනාගැනීමේ පෙරට්ටුවකට ගෙනයනකොට පමණද ඔහොම වසාගෙන උසාවියට වැරදිකරුවන් ගෙනඑන්නේ? (නි)
බන්දුල පෙරේරා,අයියා සෑහෙන කාලෙකට පස්සේ හොඳ අදහසක් දාලා තිබුනා. (නි)
රෝහලෙන් ගෙදර යන්න හිතාගෙන වෙන්න ඇති එන්න ඇත්තේ. අනේ පවු මාලක.... (නි)
ඡන්දයක් ළංවෙනකොට නීතියේ සාධාරණකම! (නි)
හොඳ වැඩේ. හොඳ සනීපයෙන් ඉන්නවා නම් මොකටද ගෙවන වාට්ටුවල ඉන්නේ? (නි)
මෙවැනි ප්‍රභූවරුන්ගේ දරු දැරියන් රටට ආදර්ශයක් වියයුතු වගේම තම දෙමාපියන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කළයුතුයි. මන්ද තමන් කරන එක නොහොබිනා වැඩකින් මුළු පරපුරටම අත්විඳින්නට වෙන අපකීර්තිය සුළුපටු එකක් නොවන නිසා. (නි)
ශ්‍රි ලංකාවේ උත්තරීතර නීතියකුත්,ගරු අධිකරණයකුත් පවතින බව "ගස් බැදීමේ" ගොන් මොඩල් නීතියක් රටට හදුන්වා දීමට ගිය අය තේරුම් ගත යුතුය.(නදී)
හිරේදී ගෙදරටත් වැඩිය සැප ලැබේවිද දන්නේ නැහැ. (නදී)
ලැජ්ජා නහරේ කපල දාපු එකේ විපකේ. අනාගත අධ්‍යාපන ඇමති ඉන්නෙම කුඩුවේ. (නදී)
බන්දුල පෙරේරා, නිවටකමෙත් සීමාවක් තිබෙන්න ඕනෑ නේද? (නි)
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක් තියෙනවා කියලා මම දන්නේ අදනේ.අසරණ අපිට දෙවියන්ගේම පිහිටයි එහෙනම්. (නි)
මේ අයව ගෙනියන්න ඕනේ රෙදිවලින් වහල නොවෙයි රෙදි ගලෝලා. ඒකට උසාවිය අනුමැතිය දෙන්නේ නැත්නම් ජනතාව ඉදිරියට ඇවිල්ල මේ වගේ අයගේ සනුහරේම රෙදි ගලවන්න ඕනේ.(නදී)
මෙයාව හිරේට දැම්මොත් එතැන ඉන්න උදවිය තවත් නරක්වෙන බව තමයි අපිට පෙනෙන්නේ. (නි)
දරු දුක කාටත් එකයි..නමුත් පොඩිකාලේ ඉදල දෙකක් දීල හරියට හැදුවනම් අද මැඩම්ට උසාවි ගානේ යන්න වෙන්නේ නැහැ..මෙදා පාරවත් කොල්ල නොහැදුනොත් ඉතින් ඊලග පාර උසාවියට හිරගෙදරට ඉස්පිරිතාලෙට නෙමෙයි මැඩම්ට පුතාව බලන්න යන්න වෙන්නේ මෝචරියට තමයි..(අ)
කොට්ටෝරුව කෙසෙල් ගහට කොටලා වගේ.(දිල්)
පහුගිය දවස් ටිකේ ටිකක් වැඩියෙන් කියවද්දී මම හිතුවා මොකක්හරි වෙයි කියලා (නි)
මෙයා දේශපාලකයෙක් වෙන්න ඕනෑ සුදුසුකම් ඕනෑවටත් වඩා සම්පුර්ණ කරගෙන දැන් ඉන්නේ (නි)
විලි ලැජ්ජා නැති වැඩ කරලා , දැන් මුහුණ වහගෙන යන්නේ මොකද ? ලැජ්ජාවක් හිතේ තිබ්බ නම් මේ වගේ දේවල් සිදු වෙනවද ?(අ)
මාලක මහත්තයට වැලිකඩ පුරුදුද දන්නේ නැහැ , සැපට හැදුන කොල්ලා , සුද්දෙක් එක්ක ආපු සුද්දියෙක් නිසා , අහිංසක මාලකට වුන දේ දෙයියෝම බලා ගනිත්වා , (අ)
හැංගිලා වෙස්බැන්දට එළිපිට නටනවලු. මෙතැන වෙලා තියෙන්නේ එළිපිට නටල වෙස්බැදගෙන හැංගිලා ඉන්නවා. හැංගෙන්න ඕනේ හදපු වදපු අය. (නදී)
ඇත්තටම සිදුවිය යුත්තේ බ්‍රිතාන්‍යය ඔවුන්ගේ සියලුම බ්‍රිතාන්‍යජාතිකයින් ආපසු ගෙන්වාගෙන ලංකාව කොන්කර දැමීමයි (ස)
ඔය ඔක්කොම බොරු...නිකන් ලංකාවේ මෝඩයෝ ඉන්නවා කියල දමන බොරු ෂෝ තමයි.කවද හරි රැවටෙන්නේ එගොල්ලම තමයි කියල හිතමු.(ස)
ලියොන් ගුණවර්ධන මහතාගේ, පැහැදිලි කිරීමට ස්තුතියි. (ර)
තව මදි කරපු දේවල් වලට. (අ)
කෙටි චිත්‍රපටියක්. ඡන්ද වැඩට කොල්ලා ඕනමයි. (ස)
වැරදි වැඩ කරන්න හොඳයි. මූණ පෙන්නන්න ලැජ්ජයි. (ස)
ඇවිල්ලා ඇවිල්ලා උසාවියට මෙන්න ඇවිල්ලා... වරෙල්ලා වරෙල්ලා හිරේ ඉන්න කාලේ ඇවිල්ලා... (නි)
මල හත්තිලව්වයි! බන්දුල . මම හිතුවේ මේ අර සුද්දී කියලා,. දැන් නේ දන්නේ.අදම නේ දැක්කේ.(අ)
මේ අය මොකටද මුණ වහන් ඉන්නේ?මුළු රටම දන්නවනේ මේ අයගේ මුනවල්.(හේ)
ඉස්සර කාලේ මිනිසුන්ට ලාදුරු කියන රෝගය බෝවුණාම ඔය විදියට තමයි වහගෙන යන්නේ. මොකද සමාජයට මුහුණ දෙන්න තියෙන බැරිකම. සමාජය විසින් එයාලා පිළිකුල් කරන නිසා. කවදාහරි මෙයාලටත් වෙන්නේ මුළු සර්වාංගයම වහගෙන යන්න තමයි. කවදාහරි තමන් කළ දේ ධර්මයට අනුව පටිසන් දෙන එක කාටවත් වළක්වන්න බැහැ. (නි)
රෙදි පෙරෝගෙන සීතලද?(හේ)
ඇයි මෙහෙම කරන්නේ.(හේ)
දරු දුක කාටත් එකයි..නමුත් පොඩිකාලේ ඉදල දෙකක් දීල හරියට හැදුවා නම් අද මැඩම්ට උසාවි ගානේ යන්න වෙන්නේ නැහැ..(හේ)
ගෝනිබිල්ලෝ වගේ ඉන්නවා රෙදි වලින් වහගෙන, කලින් රෙදි ගැළවෙන වැඩකරලා. ලජ්ජා නැති විනයක් නැති පුත්තු උසාවියේ ඉඳලා යන හැම කෙනෙක්ටම පෙනෙන්න බෙඩ්ෂීට් වලින් වහන්නේ නැතුව එළියට ඔලුව පෙන්වලා ගෙනියන්නයි තියෙන්නේ (නි)
දැන් සද්ධයක්වත් නෑ පාඩුවේ යනවා.(හේ)
නොදැන වරදක් කලාට ඒක තවම පොඩි එකානේ.(හේ)
ඔන්න ඉදිරියට රටේ පාලනය ගන්න බලාපොරොත්තු වෙන අය.දැන්මම ඔහොමනම් බලයට ආවොත් කොහොමට හිටීද.(හේ)
ඔන්න දේශපාලනයට එන්න ඉන්න අය.(හේ)
ඔන්න ඉදිරියට රටේ පාලනය ගන්න බලාපොරොත්තු වෙන අය.දැන්මම ඔහොම නම් බලයට ආවොත් කොහොමට හිටීද.(හේ)
දෙමව්පියෝ වත් අහන්නේ නැද්ද මේ කරන විකාර වැඩ වල සීමාවක් නැද්ද කියලා, රටේ සල්ලි නාස්ති කර කර , නඩු කීය කියා, රටේ මිනිස්සු හෙට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා, මේ අය හෙට යන්නේ කොයි ක්ලබ් එකටද කියලා කල්පනා කරන්නේ, කොහෙන්ද මේවට සල්ලි, මේ ජරාජීර්ණ ක්‍රම වේදය ඉවර වෙන්නේ කවදද?(හේ)
තමන්ගේ පුතා හදාගන්න බැරි අය අනුන් හදන්නේ කොහොමද? (නි)
කවුද අනේ මේ ගොනිබ්ල්ලොද (දිල්)
පවු අසරණ අම්මා පොඩි කාලයේ හරියට හදා නොගත් එකේ වරද ඔය .මොකද මේ ගෝනි බිල්ලෝ වගේ ලැජ්ජද මුණ පෙන්නන්න.?(හේ)
මේ මවට සිද්ධ වෙලා ඇත්තේ ලොකු මහත් වූ දරුවන් ගෙන් සැලකිලි නම්බු නාම ලබනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් මාස ගානකට වරක් පොලිසි උසාවි වල රස්තියාදු වීම. කාන්තාවකට කොච්චර සැප පහසු ජීවිතයක් ලැබුනත් මොකටද දරුවන් සම්බන්ධයෙන් සැනසීමක් නැති නම් !(හේ)
එදා ගස් බැඳපු ඒවයේ විපාක අද ලැබෙනවා ද ? (ස)
හොද වෙලාවට ජනාදිපතිවරණයක් තිබුනේ මේ වෙලාවේ මාලක නෙවේ එයාගෙ මහා එකා වරදක් කලානම් උවත් හිරේ දානවා, මේ සිද්ධිය නිසා කවුරු හරි හිතනවානම් දැන් අපේ රටේ නිතිය ක්‍රියාත්මක වෙනවා කියලා විහිළුවක් (අ)
මේ මවට සිද්ධ වෙලා තියෙන්නේ ලොකු මහත් වූ දරුවන්ගේ ගෙන් සැලකිලි නම්බු නාම ලැබීම වෙනුවට ඔවුන් වෙනුවෙන් මාස කීපයකට වරක් පොලිසි උසාවි ගානේ රස්තියාදු වීම. කාන්තාවකට මොන සැප පහසුකම් ඇති ජීවිතයක් ලැබුනත් වැඩක් තියද දරුවන් සම්බන්ධයෙන් සැනසීමක් නැති නම් ! (ස)
පාතිමාල ගොඩයි . රිමාන්ඩ් එකේ නැතිවෙයිද දන්නේ නෑ හොඳ පූජාවක් දෙන්න පුළුවන් සුද්දෙක්වත් (ස)
හිරේදී ලැබේවිද දන්නේ නැහැ ගෙදර හිටියට වඩා සැප .(ස)
මේ සැකකරුවන් ආවරණයට බෙඩ් ෂිට් යොදාගන්න එක දැන් වත් නතර කරන්නකෝ. ඔය වෙනුවට කුඩ රෙදි වගේ දෙයකින් ස්ථිරවම මසාගත් ආවරණ යොදාගන්න ඇයි බැරි ශ්‍රී ලංකා බන්දනාගාරයට හා ශ්‍රී ලංකා පොලිසියට. ....! තාම ගල් යුගයේ වගේ. මුළු ලෝකෙම දකිනවා හරිම කැතයි. ...! (ස)
කරනකොට එළිපිට. දඩුවම් ලබනකොට මුහුණු වහගෙන. අනිච්චේ දුක්කේ කිව්වලු. මුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නීති හොරුන්වත් හිරේ දාන්න ඕනේ. පිටරටක ඉදල අපේ රටේ සිරි නරඹන්න එන මිනිසුන්ට සලකන්න මන්ත්‍රී පුත්තු මීට වඩා වැදගත් වෙන්න ඕන. එකටත් එක්ක අපේ ජනාදිපති තුමාගේ දරුවෝ. කට ඇරලා බය නැතුව කියන්න පුළුවන් මේ අපේ ජනාදිපතිතුමාගේ දරුවෝ කියල. මුන්ව හිරේම තියන්න ඕන. (ස)
ඇයි මේ ලොකු ළමයි මේ විදියට ඉන්නේ. (ස)
ෂුවර්ද බෙඩ් ෂීට් ඇතුළේ ඉන්නේ ඔය කියන කෙනාමද කියලා? (නි)
ඔය දේ තමයි වෙන්න ඕනේ.(හේ)
ෂුවර් ද බෙඩ් ශීට් ඇතුලේ ඉන්නේ ඔය කියන කෙනාම කියල?(අ)
මේකේ ලොකු වෙන මොකක්දෝ කොස්සක් තියෙනවා වගේ .(හේ)
හංගපු ආයුද හෝ කුඩු පෙන්නන්න ගෙනියන්නේ නැද්ද,(දිල්)
දරුවන් ගැන මුලික වගකීම ඇත්තේ දෙමව්පියන්ටයි. ගෙදරින් ලැබෙන දේ තමයි ළමයින් වැඩිහිටියන් වුණාට පස්සේ සමාජයට දෙන්නේ.(දිල්)
තාත්තා කාටවත් බලපෑම් නොකර ඉන්න ලස්සන අපිටත් අනෙක් ඇමැතිලාටත් ලොකු ආදර්ශයක්.(දිල්)
මුහුණ වසාගෙන පාර අසාගෙන යන්නට යන්නේ වැලිකඩ සොයලා. (අ)
පිනිබානවටද ඔලුව වහගෙන යන්නේ? පව්....අහිංසකයෝ. (නි)
ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ.(හේ)
මේ වෙන දේවල් බලද්දී, සමහරවිට මෙතන ඔය නියම කෙනා නැතුවත් ඇති කියලා අපිට හිතෙනවා. (නි)
බලන්නකෝ... විලිලැජ්ජා නැති වැඩ කරලා. බෙඩ්සිට් වලින් වසාගෙන ලජ්ජාවෙන් හිරගෙදරට යන හැටි. (හේ)
වරදට දඬුවම් දෙන්න ඕනේ ,(හේ)
දැන්වත් හැදුනොත් හොදයි.(හේ)
ඕව ජනාධිපතිවරණෙ දිනා ගන්නකම් කරන ප්‍රෝඩාවක් රැවටෙන්න එපා. (අ)
අලිබබා සහ ගෝනි බිල්ලෝ ..(හේ)
මහජන මුදල් වලින් යැපෙන අය නේද අනේ අපේ රටට ගිය කළක්.(හේ)
ඇයි මෙයාව රෙදිවලින් වහලා තියෙන්නේ හිරේදී ලොකු ළමයෙක්වත් වෙලාද?(හේ)
දරුවෝ හරියට හදාගන්න, දෙමාපියෝ හරියට හැදිලා ඉන්න ඕනේ. (හේ)
වැඩි වියට පත් වෙලාද මූන වහගෙන යන්නේ?(හේ)
කරන කලට පව් මිහිරිය මී සේ .... විඳින කලට දුක්.... කොහොම වෙයිද මේ පුත්තරයට .(හේ)
කෝ මාලකගේ මුහුණ බලාගන්න බැහැනේ! (නි)
කැත වැඩ කරන්න හොඳයි මුහුණ පෙන්නන ලැජ්ජයි. (අ)
අශෝක, අනේද කියන්නේ...ඔයා ගැනත් දුක හිතෙනවා.(හේ)
බන්දුලට පුතා ගැන විතරක් නෙමේනෙ දුක හිතිල තියෙන්නෙ. මේ පුතාගේ තාත්ත නයිට් ක්ලබ් වහන්න යනවා කියන්නේ ඇත්තද?(අ)
මේ සිද්දිය ගැන මෙයට පෙර පළවූ පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් මා සඳහන් කලේ බීමත්ව රාත්‍රී සමාජ ශාලාවක අවීනිතව හැසිරෙමින් විදේශිය යුවලකට අතවරකළ ගරු අැමෙතිතුමාගේ හිතුවක්කාර පුතා රිමාන්ඩ් භාරයෙන් ගෙදර ආ විට ගස් බැඳ වේවැල් පාරවල් දෙන ලෙසය .එහෙත් ඉහත සඳහන් පුවතෙන් පෙනෙන්නේ ඔහු කළ වරදේ බරපතල් කම නිසාදෝ අැප දී නැති බවය. (අ)
තාත්තා අධිකරණයටත් වඩා අසීමිත බලයක් යොදලා වීරයෙක් වගේ ඊයේ හොටෙලයක් වැසුවා නේද? පුතාවත් වීරයෙක් වගේ එළියට ගන්න.(හේ)
ගෝනි බිල්ලෝ වගේ වහගෙන යන්නේ..... ඇතුලේ ඉන්නෙ වෙන සෙට් එකක්ද දන්නෑ.....(හේ)
හරියට නිකම් අරාබියේ වගේ මුහුණු වහගෙන යන්නේ. (නි)
කොට්ටෝරුව ගහෙන් ගහට කොට කොට යනවා, කෙසෙල් ගහට කොටපුදාට හොට පැටලෙනවා.(හේ)
හැම වැඩක්ම මුහුණ පෙන්නම් ප්‍රසිද්ධියේ කරන්න පුලුවන්නම් දැන් මුහුණ වහං ඉන්නේ ලැජ්ජාවටද?(හේ)
මේ අයව වහගෙන එන්න සුදු රෙද්දක්වත් නැද්ද ? (හේ)
තාත්තා ලෑස්තිවෙලා හිටියේ මල් ශාලාවට යන්න. දැන් වැලිකඩ යන්න පුලුවන් (නදී)
වහගෙන එන්න සුදු රෙද්දක් නැද්ද ? (නදී)
ප්‍රභූ වරයකුට ගැසූ කඩු පහරකට අත අල්ලා විශ්වාසය දිනා ගත් දේශ පාලකයකුගේ වංශ කතාව දශක ගණනක් ඔස්සේ ඇක්ටින් ෆයිටින් හා ඉල ඇදෙන විහිළු සමග දරු මුනපුරන්ගේ විශිෂ්ට රඟ පෑම් වලින් දිග හැරෙන හැටි මහත් දොම්නසින් යුතුව ශ්‍රී ලාංකික ජනතාව රිදී තිරය තුලින් බලා සිටිති ගැලරියේ කොල්ලා (නදී)
මේ විදිහට ගුටිකන්න වෙනකොට නයිට් ක්ලබ් වහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
කොයි එකටත් හොඳට බලන්න රෙද්දෙන් වහලා ඉන්නේ මෙයාමද කියලා (නදී)
අනේ පවු! (නි)
මොන හැදිල්ලක්ද? වෙනම තැනකට දැම්මේ නැත්නම් එතන ඉන්න අනෙක් මිනිස්සු තව ටිකක් මෙයා නිසා නරක් වේවි. (නි)
ඇමතිගේ පුතාලට වෙනමම විශේෂ වාහන තියනවද හිර ගෙට ගෙනියන්න. ඇයි අර බන්ධනාගාරය කියල බෝඩ් එක ගහල තියන බස් එකේ යන්න ලජ්ජද? ඔන්න ඕවා තමයි පනින රිලවට ඉනිමන් බඳිනවා කියන්නේ? වරදක් කරලා නීතියේ රැහැනට අසු උනු එකා. ඒ වරදින් වැරදි කරුවෙක් හැටියට බන්ධනාගරේට යවනවා නම් සැමට තියෙන නීතිය අනුව වැඩ කලයුතුයි. එවිට තමා ලැජ්ජාවටවත් මිනිසුන් තම වැරදි හදාගන්නේ. මේ රටේ ලොක්කොන්ට තියන නීති ක්‍රමය වහාම අවලංගු කිරීමට සැවොම පෙළ ගැසිය යුතුයි (නදී)
ඡන්දෙ නෙමෙයි නම් මෙයා ඉන්නේ මෙතන නෙමෙයි (නි)
ලැජ්ජා වෙන්න ඕනෑ පුතා නෙමෙයි. (නි)
එයා දැන් ලොකු ළමයෙක් වෙලා. ඒකයි වහගන්න යන්නේ ? (නදී)
ඇවිල්ලා ඇවිල්ලා උසාවියට මෙන්න ඇවිල්ලා... වරෙල්ලා වරෙල්ලා හිරේ ඉන්න කාලේ ඇවිල්ලා.. ගෙදරින් ගුටි නොකෑ එකා එලියට ගොස් හොඳටම කයි වරෙල්ලා වරෙල්ලා හිරේ ඉන්න කාලේ ඇවිල්ලා..(බ)
මේවා ළමයි හදන කොයිකාටත් පාඩම්. (නි)
තව එක දවසකින් කෙලින්ම ගෙදර?.(හේ)
ලජ්ජා වෙන්න තරම් දෙයක් ඉතිරි වෙලා තියනවාද කියන එකයි ප්‍රශ්නේ.(හේ)
දැන් නම් දේශපාලනයට ඉහලම සුදුසුකම් සපුරා තිබෙනවා.(හේ)
ඔබ වැපරූ දේ ඔබම කපා ගන්නවා.ඒක තමයි දහම.(හේ)
මුහුණ හැර වැරදි කර මුළු ඇඟම රෙද්දෙන් වසාගෙන යන අයගේ අශීලාචාර වැඩ රටටම විවෘතව පෙන්විය යුතුයි (නි)
ඕනෑ නැති වැඩ කරද්දී මොන ලෙඩක්වත් නැහැ. උසාවි මේ බොරු පිළිගන්නවද. (නදී)
මුහුණ නොවසා ගියා නම් තමයි හපනා. අයියෝ ඔච්චර ලැජ්ජද? (හේ)
මේ මොන නැටුම් නැටුවත් කවදාහරි ලෝක ධර්මයට පිටුපාන්න මේ කාටවත් නොහැකි වෙනවා (නි)
මෙදා පාරවත් හරි හමන් දඩුවමක් ලැබුනොත් හොදයි.(හේ)
අනේ ගජමන්, ඔයාගේ කතාවට මට හොඳටම හිනා (නි)
මාලක දැන්වත් හැදුනොත් හොඳයි (නි)
ඉතාම හොද තීරණයක්, ජරා ජඩ වැඩකරලා නීතියට අසුවුනහම අසනීප හැදෙන එක සහ මහා රෝහලේ නැවතීම නැවතිය යුතුය ,(හේ)
ආ මගේ මනාප ඔක්කොම අනිවාර්යයෙන්ම දෙනවා මයි.(අ)
දවස් කීයකටද?(හේ)
මේ ගෙදර මිනිස්සුන්ට එක රැයක් සැනසීමෙන් නිදා ගන්න ලැබුනා ද මන්ද මේ පුතා නිසා. (අ)
අනේ පව් අහිංසකයා ,තැලෙන කොට උඩ පැන පැන තලනවා (අ)
හිරෙත් ඉස්තරම් කාමරයක් සුදානම් කරලා ඇති. යම්තාක් දුරට සතුටයි මෙයාව හිරේට යැවුවා.(හේ)
මෙයාලට හිර ගෙට යන්නත් විශේෂ වාහන... කාට කියන්නද? (හේ)
සමහරවිට මෙතන ඔය නියම කෙනා නැතුව ඇති.(හේ)
තාත්තා ආවෙ නැත්තේ ඕක වෙන බව දන්නා නිසා වෙන්න ඇති (නදී)
තුෂාරි හරි. මේක තවත් ඡන්ද ප්‍රතිඵලයක් පමණයි. (නි)
හිරෙන්වත් හැදිලා එළියට එයිනේ.(හේ)
කොටහළු වෙච්ච ගෑනු ළමයි නාවන්න ගෙනියන්නෙත් ඔය වගේ තමයි.(හේ)
අස්සේ කවුද ඉන්නේ? (ස)
මේක තමයි අද ප්‍රධාන ප්‍රවෘත්තිය වෙන්න ඕනි. (හේ)
අන්න මේ වගේම තවත් කෙනෙක් ගුවන් යානාවේදී ලංකාවට එමින් සිටි බ්‍රිතාන්‍ය සංචාරක තරුණියකට හිරිහැර කරන්න ගිහින් අසු වෙලා. මේ විදියට උඩිනුයි බිමිනුයි දෙකෙන්ම බවලතුන්ගේ හිරි ඔතප් බිඳිනවා නම් ළඟදීම බ්‍රිතාන්‍යය අපේ තානාපති කාර්යාලයත් අකුලාගෙන එන්න කියන දවස වැඩි ඈතක නැහැ. (බ)
මට හිතෙන්නේ මුන් මුණ වහගෙන යන්නේ මගඩියකට! මගදී මුව මාරු කරලා වෙන එකෙක්ව යවයි හිර ගෙදරට. මෙතන මොකක් හරි රහසක් තියෙනවා....!! (බ)
මේ පුතා වරදක් කළත් එයාට දඬුවම් ලැබෙන්නේ අමුතුම ක්‍රමයකටනේ. (නි)
ඔහොම වෙලා මදි. (ස)
ෂුවර් ද බෙඩ් ශීට් ඇතුලේ ඉන්නේ ඔය කියන කෙනාම කියල????? (ස)
දරු දුක කාටත් එකයි. (ර)
අනේ කාලේ වනේ වාසේ කිවුවලු (නි)
දරුවන්ගේ වැරදි වලට දෙමාපියන් තමයි නිතරම මිනිසුන්ගෙන් බැනුම් අහන්නේ. (නි)
දැන් මාධ්‍යට සහ ජනතාවට මුහුණ දෙන්න ලැජ්ජාවක් ඇති වෙලා වාගේ. (ර)