IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමැති පාඨලීගේ දුරකථන විස්තර සොයයි

රාජගිරියේදී පාඨලී චම්පික රණවක ඇමැතිගේ රියේ හැපී යතුරුපැදිකරුවකු අනතුරට පත්වීමේ සිද්ධිය ගැන පරීක්ෂණ රහස් පොලිසියට දෙන්නේද නැද්ද යන්න ගැන ලබන අප්‍රේල් 27 වැනිදා තීරණය කරන බව රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ප්‍රකාශ කළේය.

අනතුර සිදුවූ දිනයේ චම්පික ඇමැති කෙතරම් දුරකථන භාවිත කළේද කෙතරම් ඇමතුම් සංඛ්‍යාවක් ගත්තේද යන්න ඔහුගේ ජාතික හැඳුනුම්පත ආශ්‍රයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.

සිද්ධිය ඇසින් දුටු සාක්කිකරුවන් වන ගයාන් විදුර, එම්.එස්.සිද්ධික් යන අයගේ දුරකථන වාර්තා ද පරීක්ෂාකරන ලෙස විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටියහ. ඒ අනුව ඔවුන්ගේ පෙබරවාරි හා මාර්තු මාසවල දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට ද අධිකරණය අවසර දුන්නේය.

සීසීටීවී කැමරා විස්තර කඩිනමින් ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත් පොලිසියට දැන්වීය. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු තවත් සීසීටීවී කැමරා 24ක තොරතුරු අධිකරණයට සැපයූ අතර ඒ ගැනද විමර්ශන කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. 

 

 



අදහස් (0)

ඇමැති පාඨලීගේ දුරකථන විස්තර සොයයි

කිංග්ස්ලි පෙරේරා Wednesday, 30 March 2016 09:12 AM

හොයන්නේ නැතුව ඉන්න බැහැනේ (නි)

:       0       0

අමල් Wednesday, 30 March 2016 09:45 AM

මෙන්න පළිගන්නවෝ කියලා කෑගහන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site