දූෂණ විරෝධී හඞ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් හා දිනපතා පුවත්පතක් වන මවුබිම පුවත් පතෙන් රුපියල් කෝටි 10 ක වන්දියක් ඉල්ලා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සහ එම පුවත්පතේ කර්තෘවරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ එම පැමිණිල්ලේ සඳහන් වන්නේ වසන්ත සමරසිංහ මහතා විසින් පසුගිය වසරේ 15 වැනිදා පුවත්පතකට ලබාදුන් ප්‍රකාශයකින් තම දේශපාලන ප්‍රතිරූපයට සහ කීර්තිනාමයට හානි සිදුව ඇති බවයි.
ගල් අඟුරු වංචාවකට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සම්බන්ධ බවට වසන්ත සමරසිංහ මහතා පුවත්පතකට ප්‍රකාශයක් සිදුකර තිබූ බව වාර්තා වේ.
එම ප්‍රකාශය තුළින් තමාගේ කීර්ති නාමයට හානියක් සිදුවූ බව පවසමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා රුපියල් කෝටි 10 ක මුදලක් වගඋත්තරකරුවන් ගෙන් අය කර දෙන මෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඊයේ පෙරේදත් මෙයා ගැන කෙනෙක් මාධ්‍යයට යමක් කිව්වා. ඇත්තටම මෙයා බෝධිසත්වයෙක් කියලා කවුරුත් නොදැනයි හිටියේ. (බ)
සියල්ලටම කලින් විමසා බලන්න ඕනෑ සමහර දුෂිත දේශපාලුවෝ කීර්තිනාමය අරගෙන එන්නේ පරම්පරා වලින්ද කියලා. (නි)
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ සිද්ධියට මෙතුමාට නඩු දැම්මනම් මෙතුමා තාමත් හිරේ නැත්නම් තාම වන්දි ගෙවනවා (ම)
මෙතුමා මුල්කාලයේ මුදලින් තක්සේරු කරන්න බැරි වස්තුවක් ලෙසයි අප හදවත් තුල සිටියේ. ඒත් අද නම් මිනිස් හිත් වල එතරම් වටිනාකමක් නැහැ (ම)
වන්දි ලැබෙන්නේ නෑ.(හේ)
බොරු මතවාද, ඡන්ද පොරොන්දු දීලා අපේ ඡන්දය මංකොල්ලකාලා ඡන්දදායකයන්ගේ ප්‍රතිරූපය හානිකළාට දේශපාලකයන්ට විරුද්ධව අපට නඩුවක් දාන්න බැරිද? (නි)
බලය දඩමීමා කරගෙන වංචාවන් කරනවා මදිවට ඒවා හෙළිකරන පුගලයන්ට නඩු පවරන්නත් සමහරුන්ගේ කල්පනාව. ඉස්සර නම් දේශපාලකයා කළ දුෂණයන්ට විරුද්ධව කට අරින්න ජගතෙක් හිටියේ නැහැ. අද ඒවාට ඉඩ ලැබෙන්නේ නැහැ කියලා දේශපාලකයෝ දැනගත්තොත් හොඳයි. (නි)
ඔය මුදල් හොයන්නේ අර අනතුරට පත්වුණ ළමයට දෙන්න වෙන්නත් පුළුවන්. මුලින්ම තම අත් පිරිසිදුද කියලා බැලුවා නම් හොඳයි. (නි)
එහෙම හානි වෙන්න දේශපාලකයන්ට කීර්ති නාමයක් තියෙනවද? (නි)
කොටි 10ක් තියා රුපියල් 10ක් වත් වටින්නේ නැනේද මේ මනුස්සය (අ)
මට තියෙන ගැටළුව හානි වෙන්න තරම් "කීර්ති" කියල නාමයක් තියනවද? (අ)
මෙයා කිසිම වංචාවක්, නීතියට පරිහාහිර දෙයක් නොකරපු බෝධිසත්වයනේ ? එහෙම හිතාගෙන වෙන්න ඇති මේ නඩු දාන්නෙ. (අ)