අභාවප්ප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධන අභාවප්‍රාප්ත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 23 දා පස්වරුවේ කන්තලේ ලිලාරත්න ක්‍රිඩාංගනයේදි සිදුකිරිමට රජය තීරණය කර තිබේ.
ත්‍රිකුණාමල දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් අද (20) කන්තලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි රැස්වි මේ ගැන සාකච්ජා කැරිණි.
අග්බෝපුරයේ සිට ඇමැති දේහය රැගත් මංජුසාව ඥාතින් හා ප්‍රදේශවාසින් විසින් බාර ගනු ලැබීමෙන් පසුව බ්‍රහස්පතින්දා (21) කන්තලේ නිවසට පෙරහැරකින් රැගෙන යාමට නියමිතය. දේහය ලබන සෙනසුරාදා (23) දක්වා මහජන බුහුමන් සඳහා එහි තැන්පත් කෙරේ. එදින පස්වරුවේ ආදාහනය සිදු කිරිමට නියමිතය. මේ සඳහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන දායකත්වය ලැබී ඇතැයි දිසාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල පෙරළියේ පතාක යෝධයෙකුගේ හදිසි වියෝව අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් පොදුවේ රටටත්, කන්තලේ ජීවත්වන අහිංසක දුප්පත් ගොවි මහතුන්ටත් දැරිය නොහැකි බලවත් පාඩුවක් වනු නොඅනුමානය. එතුමාට නිවන් සුව!. (නි)