රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ඇමැතිවරුන්ගේ වැටුප් හා සියලු දීමනා සියයට 50 ක් කපා දමන්නැයි මහජන අයිතීන් සුරැකීමේ පදනම ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.
මුදල් ඇමැතිවරයා දැලි පිහියක් අත පත් මිනිසෙකු මෙන් හැරෙන හැරෙන අතට බදු ගසද්දී ඇමැතිවරුන්ට පමණක් පටි බුරුල් කරගැනීමට ඉඩ දිය නොහැකි යැයි ද සියලු දෙනා ඊට දායක විය යුතු යැයි ද එහි ලේකම් විජය බාලසූරිය මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් කියා ඇත.
ඊට අමතරව ඇමැතිවරුන් ද දුරකථන, අන්තර්ජාල හා රෝහල් ගාස්තු සිය වැටුපෙන් ගෙවිය යුතු යැයි එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොක වුනත් යහපාලනයට පත්කරනු ලැබූ අයට දෙයියන්ගේම පිහිටයි . මඩුවලිගෙන් තලා ගන්න ඕනා අපට අපිමයි, (හේ)
කොහොමද මෙහෙම කරන්නේ ?(හේ)
මේවා කෙරෙන වැඩද. පඩිය ලක්ෂ පහක් කරගන්න නේද දඟලන්නේ. හැන්ද අතේ ඇති කෙනා තමයි යහමින් බෙදාගන්නේ. අපිට ඉතින් එයාලා සැප වාහන වලින් පිඹගෙන යනකොට එන හුළං තමයි. (නි)
නියමයි! (නි)
අවුරුදු 5 න් විශ්‍රාම වැටුප් ගන්න හදාගත් කට්ටය මේකට කැමතිම වෙයි. රටේ සල්ලි තියෙන්නේ ඇමතිලා සහ පවුලේ අයත් ඒ අයට වන්දිබට්ටකම් කරන නිලධාරින් සහ ඔවුන්ගේ පවුල් වල අයටත් සැප විඳින්න විතරයි. (නි)
රජයේ සේවය සැමට එක හා සමාන නම් මොවුන්ට අවුරුදු පහෙන් දෙන විශ්‍රාම වැටුප අහෝසි කළයුතුයි. කිසිම හිරිකිතයක් නැතුව මේවා භුක්ති විඳින දියවන්නාවේ අයට විරුද්ධව පිඩිත ජනතාවට දේවාල වලට ගිහින් පොල් ගහන්නයි දැන් තියෙන්නේ. (නි)
ඔන්න කරනවා නම් වැඩ. නමුත් කෙරෙන්නෙ නැහැ. එහෙම අවංක නිර්භීත අය නැහැ. හිටියෙත් නැහැ පහළවෙන්නෙත් නැහැ. (නි)
ඇමැතිවරුන්ගෙ පමණක් නෙමෙයි බොහෝ ආයතන වල නිලධාරින්ගේ පවා වාහන ඉන්ධන දුරකථන, අන්තර්ජාල වගේ ඒවා ගෙවන්නේ රජයෙන්. නමුත් ඇත්තටම ඒ නිලධාරියාගෙ සිය පවුලම සහ අහළ පහළ අයත් පාවිච්චි කරන්නේ රජයෙන් නොමිලයේ දෙන දේවල්. මෙහෙම රටක් වෙන තියෙනවද දන්නෙ නැහැ (නි)
ඒක කරන්නේ කොහොමද? අර කවුද උත්තමයෙක් මේ ඊයේ පෙරේදා කියලා තිබුනේ ඒ අය ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්, ලක්ෂයක්වත් දෙන්න ඕනෑ කියලා. පවු සිද්ධවෙන කතා කියන්න එපා. (නි)
මන්ත්‍රීලාට වඩා වරායේ, පෙට්‍රෝලියම් එකේ සමහරු පඩි ගන්නවා. (බ)
නිෂාඩ් ප්‍රීනා, කොහේ අහොස් කරන්නද? මේ අය රජයේ සේවකයෝ නෙමෙයි ජනතා සේවකයොනේ. ඒකනේ ජනතාව සුරාගෙන කාලා මේ අය සැප විදින්නේ.මේ ඔක්කොමත් අරගෙන තව අපි “ගරු“ කියලා කතා කරන්නත් ඕනේනේ (බ)
ආයතනවල නොමිලයේ වාහන ඉන්ධන දුරකථන දීලා තියෙන නිලධාරියෙක්ගෙ දෙන්නෙක්ගේ දුරකථන බිල පරීක්ෂා කරලා බලන්නකෝ රාජකාරි කෝල් විතරද අරන් තියෙන්නේ කියලා? වාහනය දුවලා තියෙන්නේ රාජකාරි ගමන් වලටමද කියලා. අපේ රටේ අයට ලැජ්ජා නැහැ මහජන දේපොල පාවිච්චි කරන්න. (නි)
අනේ තව එක්කෙනෙන් කිවුවා නේද කඳු නගිනකොට කොන්දේ ඇට ගෙවෙනවා කියලාත්? ජනතාවට බර පටවන එකේ, එයාලගෙත් දීමනා කපන්නකෝ? (නි)
අතිරික්ත ඇමැතීන් ඉවත්කළ යුතුය . විශ්‍රාම වැටුප් සදහා අවුරුදු විසිපහක සේවා කාලයක් තිබීම අවශ්‍යය .(ම)