(පාලිත ආරියවංශ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ඡාතික පක්ෂයට වාසි වෙන ආකාරයේ වචන පාවිච්චි කිරිම නවත්වා ගැනිම සදහා කුමක් හෝ කරන්නැයි ශ්‍රීලනීප මහ ලේකම් මහින්ද අමරවිර මහතාගෙන් දොහොත් මුදුන් දී වැද වැටෙමින් ඉල්ලා සිටින බව රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු මෙලෙස ඉල්ලා සිටියේ බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී (20) පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරින්ගේ සමුළුව අමතමිනි.
“ලේකම්තුමනි වැඳලා කියන්නම් ඔබතුමා මහ ලේකම් නිසා මම මේවා කියන්නේ.මහ කේලම්ලාට කියන්න යන්නේ නැහැ.මහ ලේකම්ට කියන්නේ ඒක මම කියන්නම ඕන.කවුරු තරහා උනත් කියන්න ඕන.මම වැඩිය කතා කරන්න යන්නේ නෑ.මම කතා කරන්න කතා කරන්න වෙන්නේ මට විනය පරික්ෂණ ලැයිස්තුවේ චෝදනා වැඩි වෙන එක යි.“
“චන්ද්‍රිකා කුමාරතුංග නෝනා පක්ෂයට ලියුමක් එවලා තියනවා චොදනා 17 ක් දාලා.එක්සත් ඡාතික පක්ෂයේ තෙවරප්පෙරුම මහත්තයා කියනවා ඩිලාන් පෙරේරාට ගහන්න ඕන ඉලපතකින් කියලා.එතකොට චන්ද්‍රිකා නෝනාටත් මාව ඒපා යු.එන්.පි එකටත් මාව තිත්තයි.
“මේ දවස්වල දුමින්ද මහත්තයත් වැඩිය කතා කරන්නේ නැහැ වගේ .ඔබතුමාත් ඉස්සර වගේ යාලු නැහැ දැන්.දැක්කත් අහක බලාගෙන වගේ යන්නේ.මට දැන් පිහිටට ඉන්නේ නිමල් සිරිපාල මහත්තයයි චාමර මහත්තයයි විතරයි.ලක්ෂ්මන් මහත්තයත් ඒ තරම් මේ දවස්වල වැඩිය බලන්නේ එහෙම නැහැ. ඒ නිසා මම දිර්ඝව කතා කලොත් වෙන්නේ තව තව මේක වැඩි වෙලා නිමල් සිරිපාල ඇමතිතුමාට මම වෙනුවෙන් සල්ලි නැතුව පෙරකදොරු වැඩේ කරන්න වෙනවා පක්ෂයේ නායක තුමා ළඟ “
“මම කතා කරන්න නැගිටලා එනකොට මම දැක්කා මහින්ද අමරවීර ඇමතිතුමාගේ මුහුණ ඇඹුල් වෙනවා. එතුමා කැමති නැහැ මම එතුමා ඉන්න වේදිකා වල කතා පවත්වනවට. එතුමා බයයි. මගේ කටින් මොනා හරි එහාට මෙහාට කැපෙන එකක් විසි වෙයි කියලා. නිමල් සිරිපාල ඇමතිතුමා කිව්වා අපිට ඒක එක සිහින තියෙනවා කියලා. අගමැති සිහින ,ඡනාධිපති සිහින ,ඇමති සිහින. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය හොඳ කොමඩි ෆිල්ම්ස් වලට මොකද දේශපාලනයට ආවාද මන්දා... ඒ කාලෙත් රටේ රජ්ජුරුවන්ට කේවට්ටයෝ උන්නා... ඒත් ඇමැතිකම් දීලා තියාගත්තේ නැහැ.
දිලාන් ඇමතිතුමනි, ඉස්සෙල්ලා තමන්ගේ ආසනයට වැඩක් කරලා ආසනය දිනා ගන්න. ඊට පස්සේ ඕනෑතරම් දොඩවන්න පුළුවන්. ඔබතුමා ඇතුළු සමහරු වගේ තමයි අපිට පේන්නේ. බදුල්ලට කරපු දේවල් කියන්න. බුදුසරණයි.
චන්ද්‍රිකා මැඩම්ගේ පිහිටෙන් තමයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ.. ඒවා මතකද දන්නෑ...
"කට හින්දනේ මාළුවා නහින්නේ" කියන කතාව මෙයා තාම දන්නේ නැතුව ඇති. ඊළඟ මැතිවරණයේදී රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරාට වගේම විජයමුනි සොයිසාටත් ඇපත් නැහැ.
ඩිලාන් පෙරෙරා ගැන අලුතෙන් විස්තර කීම අවශ්‍ය නැහැ. ඔහු ඔහුගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම කෙනෙක් පාවාදීම, ඕනෑම කෙනෙක් ගාව දණ්ඩ නමස්කාර කිරීම පුරුද්දක්... මහින්ද මහතා රජයේ ඉන්නා කාලේ කල සොරකම් කවුරුත් දන්නවා. යහපාලන රජයට මුක්කු ගසා දැන් මහින්දට රජයට දොස් කීවත් එකල සොයා ගත් කෝටි ගණනක මුදල් දේපළ අප්‍රමාණයි.
අනේද කියන්නේ... මේ උන්දෑ " උපන්නාට මෙලොව වැනෙනවා වැනි ". මොකට මේ අය මහජන නියෝජිතයන් වුණාද මන්දා...
රටේ අවාසනාවට බිහිවුණු ඇමතිලා... තමයි.
නාලන්ද එල්ලාවල මහතා නැතිවුණේත් මේක නිසා...
ඇමැතිතුමා ටිකක් සිහි මඳ ගතියකුත් තියෙනවා වගේ රාජ්‍ය ඇමතිකමින් නෙරපිය යුතුයි.
අපි නම් මෙයාව පත් කලේ නැහැ. කොහෙන් ආවද මන්දා?
කියමනක් තියෙනවා 'රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට ගැලපෙන නායකයෝ'' කියලා. අපි මේ ගොල්ලන් දෙන තණකොළ කන හින්දා අපට ලැබෙන්නේ මේ වගේ තණකොළ කන සහ කවන කට්ටියම තමයි. ඉස්සහටවත් අපි මොළේ පාවිච්චි කලොත්, මොළේ පාවිච්චි කරන නායකයෝ අපට ලැබෙයි.