(රොෂාන් දිලිප් කුමාර)
සූරියවැව ප්‍ර දේශවාසීන්ට ඔප්පු බෙදා දීමේ උත්සවයක් සූරියවැව නගර ශාලාවේ දී අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු අතර ආණ්ඩුවට ඇති වී තිබෙන ජනතා විරෝධය හේතු කොටගෙන ඇමතිවරයා එම අවස්ථාවට සහභාගී නොවීය.
කෙසේ වෙතත් කලින් දැනුම් දී තිබුනේ ඇමතිවරයා පැමිණෙන බවය. ඒ හේතුවෙන් සූරියවැව නගරශාලාව ආසන්නනේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබෙණු දක්නට ලැබිණ. පසුව මහවැලි නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ඔප්පු බෙදා දීම සිදු විය.
පසුගිය 01 වැනිදා දින ඇමති චමල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත්‍රයා වන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පැමිණිමට නියමිතව තිබුණු සෙවනගල කිරිඉබ්බන්ආර ඔප්පු බෙදාදීමේ උත්සවයකට ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයාද සහභාගී නොවීය. ඔහුගේ පැමීණීමට විරෝධය පළ කරමින් ප්‍ර දේශයේ කලු කොඩි පවා ප්‍රදර්ශනය කර තිබුනි.
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ඉඩම්වලින් 98%ක්ම මහවැලි අධිකාරියට අයත් වන අතර වසර 40ට වැඩි කාලයක් තිස්සේ තිස්සේ නගර සීමාවේ පදිංචි කරුවන්ට හෝ ඉඩම් වල අයිතිය ලබා දීමට කටයුතු කර නොමැත.මේ වන විටද ඉඩම් අයිතිය ලබා නොමැති පදිංචි කරුවන් ප්‍රමාණය අති විශාල ප්රමාණයකි.
සෑම මැතිවරණ අවස්ථාවකදීම මෙම ප්‍ර දේශයේ ජනතාවට දේශපාලඥයින් විසින් ලබා දෙන තවත් එත් මැතිවරණ පොරොන්දුවක් වන්නේ ඉඩම්වල අයිතිය ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවානම් ඉතින් අන්තිම කැමැති පත්‍රය ලියලා තියලා යන්න.
රාජපක්ෂලාට රෙදි නැතිව යන්න වෙන දවස බොහොම ළඟයි..
උමා ඔය ව්‍යාපෘතිය විනාශ කළා. මේ තමා වගකිව යුත්තා...
කණගාටුයි සහෝදරයා...
අම්මා අප්පගේ දේපලවලද? නැතිනම් හොරකම් කරපු දේපළවලද ඔප්පු බෙදන්නේ...?
ලොක්කා ගියානම් කන්න වෙනවා අම්මගෙන් බීපු කිරි රස දැනෙනකල්...