IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඇමති කෙහෙලිය විදුලිබිල ගැන කතා කරයි

(ඩයනා උදයංගනී)

ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්වය උද්ගතව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් ෆේස් බුක් ගිණුම වෙත ප්‍රකාශයක් එක කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම  කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබේ.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේ ජනවාරි මසදී  බවත්  ඒ සමයේදී විදුලි බිල රු. 25000 – 30000 වැනි මට්ටමක පැවති නමුත් පසුකාලීනව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු බව ඇමතිවරයා සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල රුපියල් 760,000, 3,30,000, 55,000, 75,000, 90,000 වැනි අගයන්ගෙන් යුත් බිල්පත් ලැබුණු අතර ඒවා නිකුත් කර එහි පෙර සිටි තැනැත්තාගේ නමට බවද ඇමතිවරයා කියා සිටී. 

මෙම අසාමාන්‍ය තත්වය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා තමන් ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකකදී ලිඛිතවත්, අවස්ථා 10 කදී පමණ ඇමතුම් ලබාදීමත් කළ නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර නිවස යළි භාරදීමට අවශ්‍ය වූ නිසා ගෙවීමට ඇති විදුලිබිල ඉල්ලා සිටි අවස්ථාවේ තමාට ලක්ෂ 70 ක බිල්පතක් එවා ඇත්තේද පෙර සිටි අයගේ නමට බව ඇමතිවරයා පවසයි.

 ජනවාරි මාසයේදී තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදලට ලදුපත නිකුත් කර ඇත්තේද තමන්ට පෙර නිවසේ පදිංචිව සිටි පුද්ගලයාගේ නමට බව පවසන කෙහෙළිය රඹුක්වැල්ල මහත මෙවැනි අවුල්සහගත තත්වයක් තුළ පවා එවැනි විශාල මුදලක් ගෙවීමට කටයුතු කළේ රටේ වගකිවයුතු පුද්ගලයෙකු නිසා බවත් සඳහන් කර ඇත.

 මේ වනවිට මේ කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සිය නීතීඥයින් වෙත භාරදී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

 



අදහස් (15)

ඇමති කෙහෙලිය විදුලිබිල ගැන කතා කරයි

Jay Saturday, 26 February 2022 10:05 AM

මේ ඇමැතිතුමා කියනවා නම් ඇත්ත වෙන්න ඇති.

:       2       35

Pradeep Kumara Saturday, 26 February 2022 10:28 AM

ඉතාම සරලයි. බිල් පතෙහි නම සඳහන් පුද්ගලයාගේ නමට තමයි මුදල් ගෙවූ ලදුපත ලැබෙන්නෙත්. අඩුම තරමින් මේ ටිකවත් නොතේරෙන හැටි...!

:       0       34

ravin Saturday, 26 February 2022 11:38 AM

හොඳ බොරුව නේද? වගකිව යුතු පුද්ගලයෙක් නම් ... තමුන් පදිංචිය වෙනස් කළ දිනයේ හෝ ආසන්නම දිනකදී අත්‍යාවශ්‍ය සේවාවන්ට ඒ බව දැනුම් දිය යුතු නොවේද? සාමාන්‍ය ජනතාව වුවත් එසේ කරන ලෙස ආරක්ෂක සේවාවන් කොතෙක් කල් සිට දැනුම් දුන්නාද?

:       0       49

Ruhunu Saturday, 26 February 2022 12:28 PM

කුප්පි ලාම්පු ටිකක් ගෙනත් දෙන්නද?

:       1       29

Ajith Saturday, 26 February 2022 01:05 PM

ඔය ඇමැතියා බොරුමයි කියන්නේ... එයා තනිකරම බොරුවෙන් වංචාවෙන් ජිවත්වෙන්නේ දැන් සැපද 69 ලක්ෂයට?

:       2       23

Vasudewa Saturday, 26 February 2022 01:54 PM

කෙහෙළිය කියන්නේ අවංක, වංචා නොකරන ඉතා හොඳ ඇමැති කෙනෙක්...!

:       21       1

Rexi Saturday, 26 February 2022 02:26 PM

ඒකනේ කියන්නේ... වැසිකිළිය කියලා හිතාගෙන ඇවිත් කියෙන්නේ මාලිගාවකට නේද ඇමැතිතුමෝ? සමාවෙන්න, මේකෙ හැමතැනම වායුසමනය කරලා නේද?

:       0       15

Don perea Saturday, 26 February 2022 03:16 PM

රටේ ගොන්නු ඉන්නකන් මෙයාලට සැප...

:       2       21

MarkSaturday, 26 February 2022 04:34 PM

හරියටම හරි... බත්කන මී හරක් රට පුරා...!!!

:       2       17

BamunuarachchiSunday, 27 February 2022 05:31 PM

ඉස්සර තණකොළ කාපු මීහරක්ද? බත් කන මීහරක් වෙලා...! ඒක හරි... ඒ නිසා ජවිපිය 3% ක් වැටුණා...

:       2       0

Kumara Saturday, 26 February 2022 03:42 PM

බබා නාටකය රඟ දැක්වේ...!

:       0       18

Bamunuarachchi Saturday, 26 February 2022 07:33 PM

හලෝ විදුලිබිලේ පාවිච්චි කළ යුනිට් ගණන සඳහන් වෙනවා නේද? ඒ ගණනට අදාලව අනිකුත් ගාස්තු වැටෙනවා. ඉතින් මොනවද ඔය ගැන ප්‍රශ්න කරන්න තිබෙන්නේ...? මීටරය හොරට දුවන්නේ නැහැ නේද? ගෙදර කුකුල් කූඩු, බලු කූඩුත් AC කරලද?

:       0       13

Bamunuarachchi Saturday, 26 February 2022 07:37 PM

අදාළ පළාතේ විදුලි මණ්ඩලයත් වැරැද්දක් කර තිබෙනවා වගේ. අදාළ පුද්ගලයාට නොව වෙන කෙනෙකුගේ නමට බිල ඇරියාම කවුද ගෙවන්නේ...?

:       13       2

Perera Sunday, 27 February 2022 02:15 AM

මෙහෙම අය පාලනය කරන රටකට ඔහොම වෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි.

:       0       2

රනෙශ් Tuesday, 01 March 2022 11:28 PM

ටොයිලට් වලටත් AC තියෙනවා නම් තව මොන කතාද...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 268 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site