
(දයාසිලි ලියනගේ)
මින් ඉදිරියේදි සියලුම රාජ්‍ය ආයතනය වල සුළු සේවකයන් පත්කිරීම අදාළ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව කළ නොහැකි ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යංශ වල රියදුරන්, කාර්යාල කාර්ය සහායකයන් සහ පිරිසිදු කරන්නන් යන තනතුරු සඳහා අවශ්‍ය සේවක පිරිස් මුදල් අමාත්‍යංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව මගින් ලබාදීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කරයි.
අභ්‍යන්තර උසස්වීම් මගින් අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අවස්ථාව සලසා දී ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතුය. අනෙකුත් සියලුම අවස්ථාවන්හිදී බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව මගින් අදාළ සේවා සපුරාගැනීමට කටයුතු කළ යුතු බව ලේකම්වරයා චක්‍රෙල්ඛයක් මගින් සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
පසුගිය කාලය පුරාම මෙම තනතුරු වලට පත්වීම් දෙන ලද්දේ අමාත්‍යංශය බාර ඇමතිවරයාගේ අභිමතය අනුව බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ සියලුම ආයතනවල සුලු සේවකයෝ පත් කරන්නේ රාජපක්ෂලා කියන එක නේද?
දැන් මාරකතානේ කියන්නේ... අපෙන් පොහොට්ටුවට ඡන්දෙ ගත්තේ අපේ මන්ත්‍රීතුමා පොරොන්දු වුණා ජොබ් එකක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා. ඒකනේ එයාලට ඡන්දෙ දුන්නේ. ඕක කලින්ම කිව්වා නම් අපි සජිත් මහත්තයා දිනවනවනේ. අනේ අපි කරගත්තු මෝඩකමක්..
අගය කළයුතු ක්‍රියාවක් යැයි කියන්න පුළුවනි. ජනාධිපතිතුමාට ජයවේවා..!!!
"පරචක්රාවාටජීව කුණ්ඩලනී " ජපමුට්ටි වැඩකලේ නැද්ද?
මෙතෙක්කල් බලයට පැමිණි සෑම රජයක්ම ඒ ඒ ඇමතියාගේ අභිමතයෙන් ලබාදුන් මෙම පත්වීම නැවැත්වීම ඉතාම හොඳ තීරණයක්... මක්නිසාදයත් එවන් පත්වීම ලබා පැමිණි සියල්ලන්ම කිසිඳු රාජකාරියක් නොකර වැටුප් ලබාගැනීම හා ඒ ඒ ඇමතියාගේ පක්කලි වැඩ කිරීම වැළැක්විය හැකි නිසාවෙනි. එනමුත් මෙහි සඳහන් "මුදල් අමාත්‍යාංශයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්තමේන්තුව" මගින් පත්වීම් ලබාදෙන පුද්ගලයන්ද බලයේ ඉන්නා ඇමැතියන්ගේ පක්කලියන්, ගොට්ටන් පමණක් තොරා පත්වීම් ලබාදිය හැකි නොවේද?
මොනවද මේ බොරු? අරහෙ කතානයක තමුන්ගේ සනුහරේට ජොබ් දෙනවා. පත්තරේ ඕවා ලොකුවට යනවා. කාවද රවට්ටන්න හදන්නේ?
මේකද නිදහස?
මේ උපදෙස් නීති රීති ඇමැතිලාට පමණයි. රාජපක්ෂ ඇමැතිලාට මේවා අදාළ නැහැ. මෙහෙම තමයි පුද්ගලික ලේකම් වගේ තනතුරු වලට පවුලේ අය පත්කරන්න බැහැ කියලා චක්‍රෙල්ඛ නිකුත් කළාට, යෝෂිත පුතාව අගමැති කාර්ය සාධක නිලධාරි හැටියට පත්කළා. ඔහොම තමයි තොණ්ඩමන්ගේ අවමගුල් උත්සවයේදී නිරෝධායන නීති හෑල්ලුවට ලක්වුණේ.
බොහෝ කාලයකට කලින් ගතයුතු තීරණයක්. රැකියා ලබාදිය යුත්තේ සුදුස්සන්ට පමණි. ඇමතිවරු දුන්නේ ඔවුන්ට කඩේ ගිය අයට පමණි.
මුදල් අමාත්‍යාංශයේ අභිමතය පරිදි මේ පත්වීම් දෙනු ලැබේ. කවුද දන්නවද මුදල් ඇමැති?
ඉතා හොඳ තීරණයක්... විශිෂ්ඨයි සර්.
මේවා කෙරෙන වැඩ නොවෙයි. බොරු චක්‍රලේඛන. මුලදී කිව්වේ පවුලේ අයට තනතුරු දෙන්නේ නැහැ කියලා. එහෙම කියපු අයම ඔය දැන් තනතුරු දීලා තියෙන්නේ.
එතකොට මුදල් ඇමැතිට පුළුවන් එයාට ඕන අය පත්කරලා වෙන අමාත්‍යාංශවලට යවන්න. මෙතෙක් සියලුම පැවැති බලය දැන් මුදල් ඇමැතිට විතරයි.
තමයි බයියො ටික රෙස්පෙක්ට් කරනවනේ. ඉස්සර ඇමැතිලා ඔක්කොම දුන්නු රස්සා දැන් දෙන්නේ බැසිල්. ඕක තමයි වෙන්න යන්නේ. කාලකණ්ණිකම තමයි.