පසුගිය දිනවල කැස්බෑව නිවසකින් සොයාගත් රේසින් කාර් රථයේ අංකය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා භාවිතා කරන රථයේම අංකය බව හෙළිවී තිබියදීත් නීතිපති ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් නොගැනීම ගැටළුවක් බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (11) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - සනත් ඩෙස්මන්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යහපාලනෙට තියෙන ලොකුම ගැටලුව ඕකද? (ර)
නින්දෙන් නැගිටලා වගෙයිනේ! මහ ඡන්දෙත් ළඟයිනේ... (නි)
දැන් ඉතින් මේකට මොකක්ද කරන්නේ? (නි)
හා හා හා! තමන්ගේ ආණ්ඩුව තමන්ටම හෙණයක් වෙලා වගෙයි (නි)
රටට තියෙන ලොකුම ගැටලුව මේකද? අනේ මෙහෙමත් ඇමතිවරු? (නි)
ඉතින් මේක ගැන හොයන්නෙ නැද්ද? (නි)
වැඩේ මාට්ටු වුණාම ඉතින් හිමින් නොයා කොහොම කරන්නද? නැද්ද අජිත්? (නි)
ඒක නීතිපතිගේ රාජකාරියක්ද? පොලිසියේ රාජකාරියක් නෙමෙයිද? (නි)
ඔන්න කථාවක් කියන්නම්..... පැරණි ලංකාවෙ තානාන්තරයක් තිබ්බනෙ මුදලි කියල,එහෙම හිටිය මුදලි කෙනෙක් හැදුවලු ගෙදර බල්ලෙක්,ඉතින් මුදලිට බල්ලයි බල්ලට මුදලියි හරි ප්‍රයොජනවත්ලු.ඕව අතරින් එකක් තමා මුදලිතුමා රාජකාරියේ නොයා ගෙදර ඉන්න දවසට අහල පහල ඉන්න ගැමියන්ට තමං මේ වෙලාවෙ ඉන්නෙ ගෙදර කියල පෙන්නන්න, මුදලිය අර බල්ලට පුලුවං හයිය දාල ගහනවලු පයිං පාරක්. මේක කාපු බල්ල කෑගන්නෙ අහල ගං හතකට ඇහෙන්නලු.අන්න එතකොට මිනිස්සු දැනගන්නවලු මුදලිතුමා ගෙදර ඉන්නව කියල. මේ ටොමියත් එහෙමයි තමන්ගෙ ස්වාමියටත් වඩා ලොකුවට හිතාගෙන ඉන්නෙ.වැඩක් නොකරන උන් ඉඳල හිටල මේ වගේ නගුටු බල්ලෙක් ෆෝම් කරල මිනිස්සුන්ට පෙන්නනව අපි ඉන්නෙ ඇලර්ට් එකේ කියල.ඊලඟ ඡන්දෙටත් තමන්ට කතිර එකතු කරගන්න මීඩියා බකප් එක නිසා බුරනව. (ස)
ඒ දවස්වල හැංගිලා හිටපු අය අද වීරයෝ වෙලා! (නි)
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
ප්‍රසන්න, ඒ දවස් වල මොළේ කල්පනා කරලා සද්ද වහලා හිටපු නිසා තමයි ඔක්කොම බේරුනේ. (නි)
මේ සමහරු හොයන්නේ,කියන්නේ අනුන්ගේ කුණුම තමා. (නි)
අජිත් මහත්තයෝ මේ ජනතාව හරක් කියලද හිතන්නේ. (බ)
අනේ මෙයාලගෙ යහපාලනය? (නි)
අනේ මන්දා මේ අයට පිස්සුද කියලා? (නි)
එහෙනම් මෙහෙම වැඩ තියෙන්නේ පසුගිය රජයේ අයගේ විතරක් නෙමෙයි? (නි)
වත්මන් ජනපති පරිහරණය කරන වාහනයේ අංකයම යොදාගැනීම පැහැදිලිවම ගැටළුවක්. එය නීතිපතිට යොමුකොට ඇත්තේ නීතිප්‍රකාරව කටයුතු කිරීමටයි. නමුත් මාස ගණනාවක් ඒ සඳහා කල්මැරීම ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. (නි)
ඒක එහෙම නම් ඇත්තටම ගැටළුවක් තමයි (නි)
හැඳුනුම්පත් අංක වැරදෙන රටක වැරදීමකින් මෙහෙම දේවල් සිදුවෙන එක ගැටලුවක්ද? (නි)
මේ ගැන ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි (නි)
අජිත් මහත්තයෝ,ඕක නෙමෙයි ගැටලුව. හිතන්න එපා ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ටික ඔක්කොම යු අන් පි එකට ලැබුනා කියලා. වැඩේ ගොඩක් අමාරුයි.ඔය බයිලා අතඇරලා වැඩේට බහින්න.යු අන් පි විරෝධියෙක් වුණත් මගේ ප්‍රාර්ථනය ඔබතුමා ඔය පක්ෂයේ ඉහළම තැනකට පැමිණීමයි.ඔබතුමා දක්ෂයෙක්.ගැලරිය සතුටු කරන්න නොගිහින් ලක්ෂ 58 ක විරුද්ධ ජනමතයට ගරු කරලා ඒකට අපහාස නොකර හැකිනම් ඔවුන් දිනාගැනීමට කටයුතු කරන්න. (නි)
පසුගිය ආණ්ඩුවේ සිද්ධියක් නොවෙයිනේ. ඔහොම හෙමින් යමු. (නි)