ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි අභාවප්‍රාප්ත තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයමරාම්ට අවසන් ගෞරව දැක්වීම සඳහා චෙන්නායි නුවරට යෑමට නියමිතය.
දින 73ක් ඇය රෝහලේ ගත කළාය. ඇය මියගිය බව ඇපලෝ රෝහල සඳුදා මධ්‍යම රාත්‍රියේදී ප්‍රකාශ කළේය. ඇගේ අනුප්‍රාප්තිකයා ලෙස ඕ. පනීර් සෙල්වම් පත්කර ගැනීම සඳහා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායකයෝ පක්ෂ මූලස්ථානයේදී රැස්වූහ.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා ඇය ඇපලෝ රෝහලට ඇතුළු කරනු ලැබුවේ ශ්වසන අපහසුතාවයකින් පසුවය. එම රෝහලේ ඇය ගතකළ අවසන් 24 පැයේ වෛද්‍යවරු ඇගේ ජීවිතය බේරාගැනීමේ සටනක නිරතව සිටියදී රෝහලෙන් පිට ඇගේ ආධාරකරුවෝ දහස් ගණනක් දින ගණනක් පුරා රෝහල අවට දැඩි නොසන්සුන් තත්ත්වයකින් සිටියහ.
‘අම්මා‘ යනුවෙන් දස ලක්ෂ ගණන් ද්‍රවිඩ ජනයා ඇය සැලකූහ. ජනප්‍රිය හා නවරැල්ලේ සිනමා නිළියක වූ ජයලලිතා හය වතාවක් මහ ඇමැතිවරිය වූවාය. ඇයට එරෙහිව පැවැති දූෂණ චෝදනා නිසා 2001 දී හා 2014 දී මහ ඇමැතිකමින් ඉවත්වීමට සිදුවිය.
තනතුරේ සිටියදී ස්වභාවික හේතු මත මියගිය දෙවැනි මහ ඇමැති ඇයයි. ජම්මු හා කාශ්මීර් මහ ඇමැති ඊට පෙර එසේ මිය ගියේය.
ඇපලෝ රෝහල පවසනුයේ උණ සෑදී විජලනයට ලක්ව සිටි ජයලලිතාගේ ලේ විසවී තිබූ බව වෛද්‍යවරු කියා සිටි බවයි. ඇගේ ලේ විසවී සිරුර පුරාම යන්නට ඇතැයි ද විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් 24 පැයේම ඇගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළැයි ද ඉරිදා (4) පස්වරු 4ට හෘදයාබාධයක් හටගැනීමෙන් පසු ඇය ගැන තිබූ බලාපොරොත්තු අල්ප වී යැයි ද රෝහල කියයි.
ඇය මිය ගිය බව රූපවාහිනී නාළිකා කිහිපයක් සඳුදා පස්වරුවේ ප්‍රකාශ කළ නමුත් එවෙලේම ඇපලෝ රෝහල එය ප්‍රතික්ෂේප කළේය. ඇය මියගිය බව රෝහල ප්‍රකාශ කිරීමත් සමග ඇගේ පක්ෂ මූලස්ථානයේ ජාතික කොඩිය අඩ කුඹු කැරිණි. චෙන්නායි නුවර බොහෝ කඩ සාප්පු වසා දැමිණි. ජයලලිතාට ප්‍රතිකාර කිරීම සඳහා දොස්තර රිචඩ් බීල් ලන්ඩනයේ සිට කිහිපවරක්ම ගුවන් මගින් චෙන්නායි පැමිණියේය. ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන් හැකි සැම දෙයක්ම කළ බවත් අවසන් මොහොත දක්වාත් තම සටන අත් නොහළ බවත් දොස්තර බීල් කියයි. නවදිල්ලියේ සමස්ථ ඉන්දියානු වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනකු ඇපලෝ වෛද්‍ය කණ්ඩායමට සහාය වූ බවත් ඇගේ පණ රැක ගැනීම සඳහා අවසන් 24 පැයේ දී ඇගේ හදවත, පෙනහළු හා වකුගඩු ජීවිතාරක්ෂ උපකරණවලට සම්බන්ධ කර තිබූ බවත් සඳුදා මැදියම් රැයට පැය බාගයක් තිබියදී ඇය මියගිය බවත් ඇපලෝ රෝහලේ විධායක අධ්‍යක්ෂ සංගීතා රෙඩ්ඩි කියයි.
ජයලලිතාගේ දේහය චෙන්නායි නුවර මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති බවත් ඇගේ දේශපාලන ගුරුවරයා වූ ඇ.ජී.රාමචන්ද්‍රන්ගේ දේහය තැන්පත් කළ තමිල්නාඩුවේ මරීනා වෙරළ අසබඩ සොහොන් බිමේ අද අවසන් කටයුතු කිරීමට නියමිත බවත් එන්ඩීටීවී පුවත් සේවය කියයි.
ඇගේ දේහය බහාලූ මංජුසාව ඉන්දියා ජාතික ධජයෙන් වසා ඇත.
පක්ෂයේ නායකත්වය කාට හිමිවන්නේ දැයි තීරණයක් ගෙන නැතත් ජයලලිතාගේ ළඟම හිතවතියක වන ශෂිකලා නඩරාජන් (59) එම තනතුරට පත්වෙතියි කියති.
ජයලලිතා ජීවත්ව සිටියදී ශෂිකලා තිරයෙන් පිටුපස සිට ඇගේ බලතල පාවිච්චි කළ බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන නැටුම් කෙළි කවට සිනා දා... මරුට නොමැත කිසිවිටකදී බාධා... අපටයි මිනිසුනේ.. ඇයි එය නොසිතන්නේ.. (නි)
ඔන්න අම්මාට වුණ දේ. අපේ අප්පච්චිලාත් මේවා ඔලුවට ගත්තොත් හොඳයි. (නි)
පහන්, අප්පච්චිලා විතරක් නොවේ, මහා බැංකු හොරුත් මේවා ඔලුවලට ගන්න ඕනෑ (නි)
අපි මිනිසුන් නිසා සමාදානයේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා. එහෙත් කළකම් පළදෙනවා. දිනය පැමිණිවිට මරුවා ළඟාවෙනවා කියන එක හොරකම් කරන හැමෝටම හොඳ පාඩමක්. (නි)
චින්තක, අප්පච්චි කිවුවහම ඔයාට තරහා ගියා වගෙයි නේද? හොරා කාපු කොයි අප්පච්චිලාටත් විඳවන්න වෙන්නේ. (නි)
කොතරම් බලය මුදල් තිබුනත් සෑම ජගතෙක්ම වෙලාව අාවහම සියල්ල හැර දාලා යන්න ඕනෑ. බලන්න මැය ඉන්න පෙට්ටියේ තව මොනවත් ගෙනියනවද නැහැ නේද? මැයගේ දේශපාලනය කුමක් වුවත් ශ්‍රි ලංකාවේ අපි අපේ ශෝකය පළකරමු. (නි)
මේයාට රූප සම්පතිය ලැබුන ,ධනය ලැබුන ,බලය ලැබුන ;ඔක්කොම ලැබිලත් මෙය ලංකාවෙට කෙළේ කෙනෙහිලිකම් තමයි (ර)
මැරුණට පස්සෙත් හොඳක් කියන්න පුළුවන් වෙන්නේ, ජීවත් වෙද්දී මනුස්සකමින් පිරි හැම මනුස්සයෙකුටම එක හා සමානව ආදරය කරොත් විතරමයි (හේ)
මරණාසන්න මොහෙතේ සතිය සිහිය පවත්වාගන්න වාසනාවක් නොතිබූ නිසා 99%ක් සතර අපායේ උපතක් ලබා ඇති බව විනිශ්චය කිරීම නිවැරදි බව මගේ හැගීමයි.(හේ)
නීලා, බැංකු හොරා කිව්වහම තරහා ගියා නේද? (නි)
දෛවයේ කුරිරු සරදම්! (නි)
මරණය කාහටත් පොදු දෙයක්. මෙතන සමහරුන් ඒ බව වටහා නොගැනීමයි අරුමය (නි)
මළවුන්ටත් ගරහන තරමට ලංකාවේ මිනිස්සු ගාව මනුස්ස කම නැහැ,, (හේ)
බෞද්ධ රටක ජීවත්වෙන අය නපුරු සිතුවිලි වලින් මිදිය යුතුයි. මරණය කාටත් පොදු දෙයක්. ඈ හට නිවන් සුව ලැබේවා! (නි)
මළවුන්ට ගරහන්න වත් මළවුන්ට ගෞරවකරන්නත් කාටවත් බැහැ. මන්ද මේ සියලුම දෝෂ්මුර හා ප්‍රශංසා ජීවත්වූ පුද්ගලයාට පමණක් සීමාවූ දෙයක් නිසා. මියගිය පසු ඔය වර්ණනා හෝ ගැරහිලි බාරගන්න කෙනෙක් නැහැ. නිහඬව හිඳීම හැර කළයුතු කිසිවක් නැහැ. (ර)
කටත් පොදු ධර්මතාව පැහැදිලිවම මෙම මරණයෙන්ද පෙනේ ජාති ආම් කුල මල බේද අමතක කර ශෝකය පලකරමු (හේ)
ජාති ආම් කුල මල බේද අමතක කර ශෝකය පල කරමු (හේ)
ලේ විසවෙන්නෙ නැතුව තිබුනා නම් තමයි පුදුම තිබුන වෛරයේ හැටියට (නි)
ලංකාවේ මුහුදේ මාලුවෙක් වෙලා ඉපදිලා රටම කයිද දන්නෑ නේද..(බ)
මරණය කාටත් පොදුයි (නි)
අපේ බලවත් ශෝකය! (නි)
මුහුද අයිනේ වළදමන්න එපා. මටත් බයයි අපේ මුහුදේ මාලුවෙක් වෙලා ඉපදෙයිද කියලා. එහෙම වුණොත් උතුර විතරක් ඉතුරු කරලා ලංකාවම හපලා කයි (නි)
අනේ අම්මෝ ඔහොම ගියා ඇති. (නි)
හෙම්බිරිස්සාවකටවත් ඇපලෝ රෝහලට යන්නට හොඳ නැහැ. (නි)
අපි බෞද්ධයෝ වශයෙන් සැමට ගරු කරමු. අඩුම තරමේ කෙනෙකුගේ අවසන් මොහොතේදීවත්. ඒ ඒ අය විසින් කළ පින් පවු අනුව ඒ අය මතු භවයකදී දුක හෝ සැප අත්විඳීවි. වෙන කිවයුතු දෙයක් නැත. ශෝකය පළකරමි මනුස්සයෙක් වශයෙන් (නි)
හැම කෙනෙක්ම මියයන බව මෙතන හැමකෙනාම අපිට මතක් කර දුන්නට ස්තුතියි .හරි පුදුමයි,අපි එක දැනගෙන හිටියේ නැනේ. (ර)