ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයන් 200 කට වැඩි දෙනෙක් සහිත බෝට්ටු දෙකක් පසුගියදා කොකෝස් හා ක්‍රිස්මස් දූපත් අසලදී ඕස්ට්‍රේලියා නාවික හමුදාව හා මුහුදු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ අතර සරණගතයින් 43 සහිත යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවුක හමුදාවට භාරදීමෙන් පසුව ශ්‍රී ලංකා අධිකරණය වෙත යොමු කර ඇත.
සරණාගතයන් ආපසු ශ්‍රී ලංකාවට හරවා යෑවීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගැනීමත්, අගමැති ටෝනි ඇබොට් සහ ඇමති ස්කොට් මොරිසන් මෙය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවීමත් ඕස්ට්‍රේලියා ස්වේච්ඡා සංවිධාන දැඩිව හෙලා දකියි. මේ අතර ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය තම රජය මෙන් ම ශ්‍රී ලංකා රජයත් දැඩි විවේචනයට භාජනය කිරීමට පටන් ගෙන ඇත. පවතින තත්ත්වයන් හොදින් තේරුම්ගත් ඕස්ට්‍රේලියා විදේශ කටයුතු ඇමතිවරයා සරණාගතයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.
පසුගියදා විසා ලබා නොදීම හේතුවෙන් සිරුරට ගිනි තබාගෙන මිය ගිය ශ්‍රී ලංකීක දෙමළ ජාතික 28 හැවිරිදි ලියෝ සීමන් පිල්ලෛ තරුණයාගේ අවසන් කටයුතු වලට ද සහභාගී විමට ඔහුගේ දෙමාපියන්ට අවස්ථාව දී තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් ද අගමැති ටෝනි ඇබොට් සහ විදේශ කටයුතු ඇමති ස්කොට් මොරිසන් දැඩි විවේචනයට ලක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බෝට්ටුවෙන් එන ලංකාවේ අයට මනුස්සකමට උදව කරන්න ගිහින් අපිටත් හොඳ හොඳ හිස කැක්කුම් හැදිලා තිබෙනවා (නි)
ජාත්‍යන්තර සම්මුතිය කොහොම නමුත් ඕනෑම රටකට මේ දේවල් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දැන් මෙහෙත් රැකියා ප්‍රශ්න . පුරවැසි දීමනා කප්පාදු වෙලා. වෙන එකක් තියා අබාධිතයන්ටත් ඔන්න මොනවා හරි වැඩක් කරන්න කියලා. එහෙම එකේ එන එන පාරට භාර අරගෙන මේ උදවිය හුරතල් කරන්න අමාරු බව ජාත්‍යන්තර බලධාරීන් තේරුම් ගන්න ඕන.
පමාවෙලා හරි මේ ගමන් බිමන් කොහොමහරි නවත්වලා මිනිසුන්ට රටේ යහතින් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හදන එක බලධාරින්ගේ වගකීමක්. (නි)
මෙහෙ චීන්නු මාල විකුනනවා .ඉන්දියානුවන් සාස්තර කියනවා . මේඅය සංචාරක බලපත්‍ර වලින් එන අය වියයුතුයි. (අ)
සෙනරත් මහතාණෙනි හොඳම ක්‍රමය පහසු නම් නැහැ. නමුත් එය නීත්‍යානුකූලයි. අපවාද අනවශ්‍ය කරදර වලින් තොරයි. ඔබ ට පුළුවන්, ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු සඳහා ලියාපදිංචි නියෝජිතයෙකු කොළඹදී හමුවෙන්න . ඔබේ අධ්‍යාපනික සහ වෘත්තීය පළපුරුද්ද , ඉංග්‍රීසි දැනුම ආදිය සුදුසු මට්ටමේ නම් ඔවුන් ඔබේ විසා කටයුතු භාර ගනීවි. නමුත් යම් වියදමක් නම් දරන්න සිදුවෙනවා. අර බෝට්ටු කාර තැරව් කරුවන්ට දුන්නක් මෙන් නෙවෙයි. විසා ගාස්තු සහ සේවා ගාස්තු ආදී වශයෙන්. විසා ලැබෙන කාලය කාටවත් නිශ්චිතව කියන්න බැහැ.. අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ඔබට කොන්ද කෙලින් තියාගෙන බය නැතිව මෙහි එන්න පුළුවන් වංචා හොර බොරු නැතිව ඔබ නීතියට අනුව ගත් විසා නිසා. (ස)
පෙරේරා මහතාගේ කියමනට මට හිනා වෙලා පන ගියා. ස්තුතියි මාව හිනැස්සෙව්වාට. (ස)
බෝට්ටුවෙන් ආවානම් තෙල් හා ආහාර පුරවා නැවත හරවා යවමු (දී)
සරණාගතයෝ මුහුදට බහින්නේ නැතුව ලංකාවේ සුපිරිලෙස හදල තියෙන පාරවල්වලට බැස්සනම් නරකද????? (දී)
මිනිස්සු මොකද මේ වග දන දැනත් යන්නේ (දී)
අතේ ඇඟිලි පහ වගේ තමයි අපට හම්බෙන මිනිස්සුත්. මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා අදහස් දාල තියෙන හැමෝගෙන්ම. නීති විරෝධී නොවන අයුරින් රටකට සංක්‍රමණය විය හැකි පහසු ක්‍රමයක් ඇත්නම් එය කොහොමද කියල දැනගන්න පුලුවන්ද. ඔස්ට්‍රේලියා විතරක් නෙමෙයි අනිත් හැම රටකටම. අපේ රාජ්‍ය ආයතන මගින් මිනිසුන් දැනුවත් වන ක්‍රමය ගොඩක් මදි. බොහෝ දෙනෙක්ගේ මතය වෙලා තියෙන්නේ. යුරෝපිය රටකට යන්න ලොකු මුදලක් අවශ්‍යයි කියලා. (නදී)
මේ සරණාගතයින් නම් දැන් බොහෝ රටවලට පුදුමාකාර හිසරදයක් (නි)
දැන් කරන්න තියෙන්නේ අපේ මිනිස්සුන්ට බෝට්ටු වලින් අපිට විරුද්ද රටවල් වලට යන්න උදව් කරන එකයි. (නදී)
ඔය බෝට්ටු කීපයක් බ්‍රිතාන්‍ය ටයි ඇමරිකාවටයි ඇරගන්න තියනවා නම් කියල වැඩක් නැහැ. මගේ ගානේ දවසක් දෙකක් නොකා හරි ඉදල කියක් හරි දෙනවා තෙල් ගන්න කියල. (නදී)
මේ රටේ මෙච්චර ආස්චර්යවල් වෙද්දී අැයි අප්පා මේ මිනිස්සු බෝට්ටු වලින් යන්නේ? (නදී)
විදුවරගේ කතාව අලුත් භාෂාවෙන් නම් නියම කථාව. ඒත් ලංකාවේ එහෙම වන්නේ නෑ ලෝකයම තේරුම් ගන්නකම් ඉදිමු මේ අය පනින අරමුණ තේරුම් කර දීමට අපහසුයි නේ. කොටි හොල්මන් මොලයේ නටන අයට (නදී)
මේක කරන්න තිබුනේ ගොඩක් කාලයකට ඉස්සර. ඕස්ට්‍රෙිලියා ආණ්ඩුවට දැන්වත් මේක තේරුණා නම් ලොකු දෙයක්. (නදී)
බෝට්ටුකරුවන් මෙහෙට කරදරයක් වෙලා තියෙන්නේ. බොරු කියලා ඇවිල්ලා නිකම් අමාරුවේ වැටෙනවා. (නි)
හිසරදයක් නෙවෙයිද ? මෙහෙ ඉපදුන උදවියටත් දැන් රැකියා නැති වෙනවා. අනෙක මේ උදවිය සමහරු ඇවිල්ල සරණාගත විසා ගත්තට අස්සේ කිසිම වැඩක් පලක් කරන්න කැමති නැහැ . දීමනා ටික ඔක්කොම අරගෙන බිබී ඇවිදිනවා. අඩු ගණනේ ස්වෙච්චා සේවයක් ප්‍රජා සේවයක් වත් කරන්නේ නැහැ. රැකියා කරන උදවිය තව කී කලක් බදු ගෙවා ගෙවා මේගොල්ල නඩත්තු කරන්නද ? අනෙක දැන් දැන් ගොඩක් එන උදවිය ආර්ථික සරණාගත කට්ටිය බව හඳුනාගෙන තිබෙනවා. ඔය මියගිය තරුණයාගේ ප්‍රශ්නයෙත් තව පැත්තක් තිබෙනවා. (නදී)