රජරට විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන ඇතුළු 12 දෙනකු බලයෙන් දවසකට ආසන්න කාලයක් රඳවා ගත්තැයි රිමාන්ඩ් කැර සිටි එම විදශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 31 දෙනකු ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා තුලානි ද සිල්වා මෙනවිය නියෝග කළාය.
සැකකාර සිසුන්ට ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය අැපකරුවන් සැකකරුවන්ගේ ළඟම ඥතීන් විය යුතු බවට ද නියෝග කැරිණි.
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවූයෙන් සැකකාර සිසුහු නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සිසුන් හිතන්නේ සරසවිය කියන්නේ එයාලගේ පාලනය යටතේ පවතින මුදානොගත් ප්‍රදේශයක් වගෙයි කියලා වෙන්න ඇති. මෙයලාට උවමනා ඉක්මනින් අධ්‍යාපනය අවසන් කර රැකියාවක් කරන්න නෙමෙයි, සරසවි භුමියේ තිබෙන අසීමිත නිදහස වැඩිකාලයක් රසවිඳින්න (නි)
ඇප දෙන්න ලගම ඥතීන් මොකටද? අපි දන්නා නීති පොතේ එහෙම නීතියක් නෑනේ .. මැදමුලනෙන් දාපු අලුත් නීතියක් වෙන්න ඇති..(ස)
නාලක, ඔබ නීතිය හදාරා ඇති කෙනෙක් නම් මෙය පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා. මම අහල තියෙනවා එහෙම කොන්දේසි දාපු අවස්ථා ගැන. එක් අයෙක්වත් රජයේ සේවකයෙක් විය යුතුයි, පවුලේ කෙනෙක් විය යුතුයි යනාදී වශයෙන්. එහෙම කොදේසි දන්නා බැරිද? සමහර උසාවි වලට කාන්තාවන්ට කලිසම් ඇඳගෙන යන්න දෙන්නෙත් නෑ. එහෙමනම් නීතියක් තියෙන්න බෑ. නමුත් ඔය ඇප කොන්දේසි ගැන පුළුවන් නම් විස්තර කරන්න.ගොඩක් පින්! (ස)
අද කාලේ නඩුවක් බලන්න වත් උසාවියට යන්න බයයිනේ . උදේ නඩුව බලපු යට හවස් වෙද්දී නඩු දානවා .. ඊයේ රජරට ළමයින්ට උණු වැඩේට අපි හිනා වෙන්න නෙමේ අඬන්න ඕනේ.. අපේ රටේ නීතිය අවනීතිය උණු එකට. (ස)
ඇප දුන්නත් එළියට එන්න බැරිවීම මොනතරම් දුකක්ද? (නි)
ඇප ලබාදිය යුත්තේ ළඟම ඥාතීන් යැයි කොන්දේසියක් පනවන්නේ ඇයි? (නි)
මොකද මේ අහක බලලා තියෙන්නේ? (නි)
ඒ කියන්නේ ලගම ඥතීන්ටත් එපා වෙලා ඇති. ඇප දෙන්නම එපා වැඩියේ හොදයි ඇතුලෙම තියන්න තව අවුරුදු 2 - 3 ක් . අනිත් ඉගනගන්න ලමයින්ටවත් ඉගෙන ගන්න. (නදී)