ඇප කොන්දේසි කඩ කළැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පෙබරවාරි හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
උද්ඝෝෂණවලට සහභාගී විය නොහැකි බව කියමින් ඔහුට ඇප කොන්දේසි පනවා තිබිණි.
එම ඇප කොන්දේසිය කඩ කරමින් ඔහු උද්ඝෝෂණයකට සහභාගී වීයැයි පොලිසිය කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුන් මොන විදියේ දේවල් කළත් මොහු අරගල කරන්නේ තනි කෙනෙකුගේ සුභ සිද්ධිය වෙනුවෙන් නෙමෙයි. ඒ දෙයින් ලැබෙන යම්කිසි දෙයක් වේද ඒ දේ සමස්ත සිසුන්ටම අයිතියි. සහෝදරයා, සදා අපි ඔබ සමඟයි. (නි)
ධම්ම ඕකට තමයි කියන්නේ අන්ධයින් වසන රට එක ඇසක් ඇතොත් රජ කියල. (බ)
දැන් මෙහෙම ටිකක් කරදර වින්ඳට ඊටපස්සේ මෙයාලා කරන්නේ මේ ප්‍රසිද්ධිය උපයෝගී කරගෙන දේශපාලනයට සම්බන්ධ වෙන එක තමයි. ඊට පස්සේ ඉතින් රජ සැප තමයි. (නි)
හිරේ යන හැම කෙනාම මෙච්චර සතුටින් යන හේතුව දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ (නි)
නීතියට හිස නමන්නේ නැතිතරමට මෙයාලා දැන් ලොක්කෝ වෙලා (නි)
තමන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න අයට එරෙහිව, අනුන්ගේ සල්ලි වලින් ඉගෙනගන්න අය අරගල කරන රටක් මේක. (නි)
බයවෙලා.(හේ)
පරපුරක උරුමයට බොහෝ දේ කැප කලාද......ඔබට මට සමානව සිහින ඇත උන් තුළද....(මොහතක් හිතලා බලන්න කා වෙනුවෙන්ද මේ දුක්විදින්නෙ කියලා...) (හේ)
බංකොලොත් දේශපාලනය විසින් තමන්ගේ ලාභ වෙනුවෙන් කරන අක්‍රමිකතා වෙනුවෙන් ඉදිරියට එන ජනතාව බිම දැමීමට නීතිය තමන්ට අවැසි විදිහට භාවිතා කරනවා නෙමෙයිද මේ. ඔහු වෙනුවට හෙට තවකෙකු ඒ තැන ගනීවි (නි)
මෙයාලට අත්අඩංගුවට පත්වීමත් මහා ලොකු වීරකමක් වගේ (නි)
හිරේ ඉන්න මිනිසුන්වත් නරක් කරයිද දන්නේ නැහැ මේ පුද්ගලයා? (නි)
අහිංසක දෙමාපියන් දහසක් බලාපොරොත්තු තබාගෙන නොසෑහෙන්න දුක් විඳලා. වියදම් කරලා කැම්පස් එවනවා. මොවුන් මෙහෙ ඇවිල්ල බංකොලොත් දේශපාලුවන්හේ කීමට රැවටිලා ඔවුන්ගේ අතකොලු බවට පත්වෙලා ඉගෙනීම පසෙකලා පාරවල් ගානෙ ගුටිකනවා. අර දෙමාපියන්ට දෙන දුකට මෙයාලට ඔහොම වෙලා මදි. (නි)
ඔව් මේගොල්ලන්ට මේක විහිළුවක්. රටට දෙමව්පියන්ට මේක විශාල මුදල් නාස්තියක්. එමනිසා ක්‍රමක්‍රමයෙන් උසස් අධ්‍යාපනයට මුදල් අයකරන ක්‍රමයක් ඉදිරිපත් කරන්න. (නි)
බලනකො හිනාවෙලා යන හැටි අතේ මාංචුත් දාගෙන "ඔය උසාවි නීති කවුද ගණන් ගන්නේ"කියන්න වගේ. මේ අන්තරේ නිසා විශ්ව විද්‍යාල යන්තරේ අබලන් වෙනවා. අනිත් අතට මෙහෙම ඒවා නොකළොත් මේ අය මොනවා කියන්නද? ඇයි ඉගෙනගත්තයි කියන්නද? තමන් ඉගෙනගන්නෙත් නැහැ, ඉගෙනගන්න එකෙකුට එ්ක කරගන්න දෙන්නෙත් නැහැ (නි)
සහෝදරයා අපි හැමදාමත් ඔබත් එක්ක.(හේ)
යුක්තිය ඉටු නොවන නීතියක් කුමකටද?? සැමට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය හිකර දීමට කෑමොර දීමේ වරදද මේ....???? (නි)
හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක් වගේ පෙනෙනවා. බලන්න එදා අන්තරේ ලොක්කෝ තමයි අද දේශපාලනයේ කැපීපෙනෙන තරු. (නි)
අලුත් ලොවක් ගැන හිතීම... (නි)
අනේ මන්දා මෙයාලට නීතියත් විහිළුවක් (නි)
සෙත්පතන්නත් කට්ටිය ඇවිල්ලා වගේ? (නි)