( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප නියම කර ඇති බැවින් ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව පෙත්සම්කාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අද (07) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන මැයි 02 වැනි දා ඉල්ලා අස් කර ගන්නා බව ජනාධිපති නීතීඥවරයා පැවසීය.
එම ප්රතිශෝධන පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේදී නීතීඥවරයා මෙලෙස දැනුම් දුන්නේය.
වාහන 40ක් අවභාවිත කළැයි බන්ධනාගාර ගත කර සිටි වීරවංශ මහතාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් ඉකුත් මාර්තු 21 වැනිදා දෙන ලද නියෝගයට එරෙහිව ගොනු කළ මෙම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එච්.සී.ජේ.මඩවල සහ එල්.බී.ටී දෙහිදෙණිය යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අව භාවිත කළා කියල නෙමෙයි ළමයිනේ අනුබල දුන්න කියල. ලියන්නකෝ හරියට.
ඇප ගන්ඩ ඔනානම් තව තැණක් තියනවා ඇප ඉල්ලන්න එතණින් මේයාට ඇප ලැබුනේ
ජනතාව කොහොමත් දන්නවා අධිකරණයෙන් දෙන තීන්දුව. ඒ අතරතුර කාබාසිනියා වුනෙත් මහජන මුදල්මය . ජනතාවට දැන් හොඳටම පැහැදිලිය තක්කඩි දේසපාලුවන් රට උලා කැවත් දඬුවම් නම් නොලැබෙන්නේය කියා
දැන් පන ඇවිල්ල වගේ
ඇප ලබා නොදෙන ලෙස දුන් මහාධිකරණ තීන්දුවකට එරෙහිව අභියාචානාධිකරණයේ නඩුවක් විභාග වෙද්දී මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප දීම කැකිල්ලේ රජතුමා මතක් වෙන සිද්ධියක් . අර සීගිරි ගලේ නම කටුගාපු දැරියට ජනපති සමාව ලැබිලාත් අභියාචනය ඉල්ලා අස්කර ගන්නා තුරු ජනපති නියෝගය ක්‍රියාත්මක කිරීම පමා උනා මතකද ??
ඇප ගෙන මොහු මාධ්‍යට කියනවා අපි ඇප ගන්න කාගෙවත් ළඟට නොගිය බව. නමුත් රාජපක්ෂ මාධ්‍යට කියනවා ඔව් මමයි ඒකාබද්ධ විපක්ෂයයි ජනපති හමුවෙලා ඇප ගන්න සාකච්ඡා කලා සමහර විට හරියාවි කියලා.
මේක තමයි අපේ රටේ තියෙන තිත්ත ඇත්ත. වෙන රටවල අධිකරණ කටයුතුවලට පාලකයන්ට අත දාන්න බෑ.. හොඳම උදාහරණය ට්‍රම්ප්ටත් බැරිවුනා ඇමෙරිකාවෙ අධිකරණයට බලපෑමක් කරන්න.
අනේ මෙහෙමත් නාටක. මේ මනුස්සයා කොහේ හිටියත් රජයටමයි ඒ වියදමත් දරන්න වෙන්නෙ. වාහන පමණක් නෙමෙයි මෙයා කී දෙනෙකුගෙ ශ්‍රමය සහ කාලය අවභාවිතා කරනවද ?