(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල නගරය ආසන්නයේදී අද (03) උදෑසන අත් අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් 08 දෙනකු ඇප මත මුදාහරින ලෙස වාරියපොල වැඩබලන මහේස්ත්‍රාත් චමිලා දිල්රුක්ෂි ජයමහ මහත්මිය නියෝග කළාය.

මෙම පිරිස ඇදිරි නීතිය කඩ කිරීම සහ අයුතු ජනරාශියක සාමාජිකයන් වීමේ වරද සදහා වාරියපොල පොලිසිය අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කුරුණෑගල ප්‍රදේශයේ සිට පැමිණි ස්වාධීනව ඉදිරිපත් වූ නීතිඥ පිරිසක් මෙම පිරිස වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූහ.