(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) දින සිට මේ දක්වා දිවයින පුරා පනවා ඇති පොලිස් ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 4217 දෙනෙක් අද (27) පස්වරු 12.00 වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මෙම කාලය තුළ වාහන 1063 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
2020.03.26 දින සවස 6.00 සිට අද (27) දින දහවල් 12.00 දක්වා කාලය තුළ පුද්ගලයන් 732 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 120 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
ඇතැම් පිරිස් මෙසේ හැසිරුන ද මෙම කාලය තුළ බොහෝ පිරිසක් ඇදිරි නීතියට හා නිරෝධායන නීතියට ගරු කරමින් කටයුතු කළ බවත් ඔවුන් සියලූ දෙනාටම පොලිසියේ ප‍්‍රසංසාව හිමිවන බවද හෙතෙම කීය.
ඔවුුන්ගේ මෙම සහය ඉදිරි දිනවල ද බලාපොරොත්තු වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිනීතිය කඩ කළ 4217 ක් අත්අඩංගුවට
ravi Friday, 27 March 2020 11:59 AM
මේ කට්ටියව දවස් 15ක් නිරෝධායනය කරන්න ඕනා. නමුත් කෑම නැතිව. කෑම පොලිසියෙන් ඇතිවෙන්න දෙන්න ඇතිනේද...?