අතුරුගිරියේ අනතුරින් පස ඇන්ටනෝව් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටැවූ බව ගුවන් හමුදාව කියයි.
ඇන්ටනෝව් යානා යුක්‍රේනයේ නිශ්පාදිත ඇන්ටනෝව් යානා උතුරු නැගෙනහිර යුද සමයේ සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනයට බෙහෙවින් යොදා ගැණිනි.
ඇන්ටනෝව් යානාවක උපරිම වේගය පැයට කිලෝමීටර 540කි. බර කිලෝ 16800කි. ටර්බෝ ක්‍රොප් එන්ජින් දෙකකින් පණගැන්වෙයි.
තටු විහිදුම මීටර 29කි. මිල ඇමරෙකානු ඩොලර් 6000000 -9000000 (රුපියල් 792000000) කි.
අහසට නැංවීමේ සිට ගොඩ බෑම දක්වා කිලෝමීටර 2500ක් පියාසර කළ හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයක් වුණාට පස්සේ බිමට බස්සලා හරියන්නේ නෑ.(හේ)
පවු! වටිනා ජීවිත කීපයක් අහිමිවුණා.ඒ වගේම රටට වූ පාඩුව? ගුවන් යානා පාවිච්චි කරන තරමටයි එහි එන්ජින් වල ක්‍රියාකාරිත්වය පවතින්නේ. එක තැන තිබිලා කාලයකට පසුව නැවත පාවිච්චිය හරිම භයානකයි. මියගිය සැමට නිවන් සුව ..! (නි)
අයහපත් කාලගුණය හා මීදුම නිසා ඕක කලිනුයි කරන්න තිබුනේ. අපරාදේ ජීවිත හා දේපල හානි. (නි)
හිතන්නට යමක් ඇත (නි)
දැන් මේකටත් සමහරු කියයි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා... (නි)
ඒ එන් 32 ඇන්ටනොව් යානා මෙවැනි ඉතා දියුණු එන්ජින් තාක්ෂණයකින් යුතුවුවත් ඉතා විශාල ගුවන් අනතුරු සංඛ්‍යාවකට හේතු වූ යානා වර්ගයකි. (නි)
කීයක් නම් ඇන්ටනොව් වැටුනද ලංකාවේ.? (ර)
යුක්රේනයේ නිෂ්පාදිත ඔය ඇන්ටනොව් යානා සහ යුධ උපකරණ බොහොමයක් ප්‍රමිතියෙන් තොර ඒවා. සෝවියට් සමුහාණ්ඩුව කාලේ නිෂ්පාදිත ඒවා. මේවා පාවිච්චි කිරීම එම රටත් නවත්තලා තියෙන්නේ. මේ වගේ ඒවා පසු ගිය කාලයේ නොදියුනු රටවලට විකුණුවා. (ර)
2008 දී මමත් රත්මලානේ ඉඳල පලාලි වෙනකන් ඇන්ටනොව් 32 ගුවන් යානාවල නිතර ගියා. එක සැරයක් එක තටුවක් කැරකෙන්නේ නැතුව ගොඩක් වෙලා යානය ගුවන් ගත කලේ නැහැ. ඇන්ටනොව් 32 යානා දැන් ගොඩක් පැරණියි. (ර)
සුමිත් මල්ලියේ, දේශීය, දේශීය. මල්ලි මොනවා කතා කරනවද මන්දා. (ර)
කීයක් නම් පාඩුද? ජීවිතත් අනතුරේ නේද? (නි)