ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
මුදලට තරග පාවාදීම සඳහා රංගන හේරත් හා කුසල් ජනිත් පෙරේරා පොළඹවා ගැනීමට උත්සාහ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කළ පැමිණිල්ලක් අනුව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර විමර්ශනයක් සිදුකරන ලෙස එෆ්සීඅයිඩියට දන්වා ඇත. ඒ අනුව රංගන හේරත්ගේ හා කුසල් ජනිත්ගේ ප්‍රකාශ එෆ්සීඅයිඩිය පසුගියදා ලබාගත් අතර ඔවුන්ගේ ප්‍රකාශ තහවුරු කරගැනීම සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට කැඳවා ඇත.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටද අද එෆ්සීඅයිඩියට කැඳවා ඇත.
ඡායාරූප - දර්ශන සංජීව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කෙනෙක් කිව්ව විදියට ක්‍රීඩකයෝ වැරදි නැහැ. වැරදි කරලා ඉන්නේ ක්‍රීඩකයෝ නොවන අනිත් අය. (නි)
චමල්, දන්නේ නැත්නම් අදහස් දාන්න එපා. ටිකක් පත්තර කියවන්න (නි)
කුසල්ව බේරා ගන්න (ම)
ක්‍රීඩාවට අාදරේ නම් හොරුන්ව බේරගන්ඩ එපා..පත්තර වල කරුණු වලින් හොරු හොයන්න බෑ . එකට හැකියාව තියෙන අය ඕනේ ...එක නිසා හරියට සාක්කි දෙන්න.. (ම)
කුසල් ජනිත් හොද දක්ෂයෙක් එයා වැරදි නෑ අපිට ඕනෑ කුසල් (ම)
පසුගිය දවස්වල බයිසිකලයක් විකුණලත් කෙනෙක් ඔතනට ආවා (බ)
අර අහවල් එකටද කුසල්ව බේර ගන්නේ? (බ)
දේශපාලනය ක්‍රීඩාවට අත පෙව්ව හැම රටකම මේ වගේ සිදුවීම් වාර්තා වුණා. පාකිස්තානය, ඉන්දියාව මේවට හොඳ උදාහරණ සපයනවා. හැම බලු වැඩක්ම දේශපාලනික සම්බන්ධතා මගින් යටපත් කරගැනීමට හැකි වීම සහ නිසි පරිදි ගෙවීම් සිදු නොවීම මේවට පෙළඹෙන්න හේතුවයි (බ)