හෝකන්දර මාලසිංහගොඩ පාරේ ග්‍රීන් ෆීල්ඩ් ගාඩ්න්හි අංක 317/S දරණ නිවසේ පදිංචි පසඳි කාරියවසම් දියණිය තැලැසීමියා රෝගයේ බැරෑරැම් අවස්ථාවක සිටින බවත් ඇයට වයස අවුරුදු 14 වීමට  ප්‍රථම ශල්‍යකර්මයක් කළ යුතුව ඇති බවත් වෛද්‍යවරු නිදේශ කරති.

කුඩා කල සිට සෑම මසකම ඇයට  ලේ අලුතින් ලබාදීමේ කාර්යය අඛණ්ඩව සිදුවන බවත්  වහාම ඇගේ ජිවිතය බේරා ගැනීමට  නම් ඇට මිදුළු බද්ධ කිරිමේ ශල්‍යකර්මය කළ යුතු බවත් ඒ ඇට මිදුළු ප්‍රදානය කරන්නෙකු ඉන්දියාවෙන් සොයාගෙන ඇති බවත් ශල්‍යකර්මය කොළඹ නවලෝක රෝහලේ සිදු කිරිමට  අවශ්‍ය මුදල රුපියල් ලක්ෂ 57 කි.  එයින් රුපියල් ලක්ෂ 28 ක් සොයා ගැනීමට හැකි වු බව ඇයගේ දෙමාපියෝ කියති. ලබන ජනවාරි අවසන් වීමට ප්‍රථම ශල්‍යකර්මය කළ යුතු බව වෛද්‍යවරු පවසති.

වසන්ත රත්නායක, සේනානි විලියම්ස්,ගනේෂ් ශාන්තන් යන වෛද්‍යවරු ශල්‍යකර්මය සිදු කිරිමට යති.

අනාගතයේ වෛද්‍යවරියක වීමේ සිහිනය දකින පසඳි දියණියගේ ජිවිතය බේරාගැනීමට ඔබගේ සහය පතයි.  

කේ.එම්.ජි.සෙනරත් කාරියවසම් නමින් කොමර්ෂල් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ  අංක 8130920403 යන ගිණුමට බැර කළ හැකිය.

සෙනරත් කාරියවසම් (පියා) - 0714454793

ගංගා දිද්දෙණිය (මව) - 0714456454  

20161219_135732 IMG_7591 IMG_7592