කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කර ආපසු එමින් සිටි වෑන් රථයක් කටුනායක මල්ගස් හන්දියේදී ගිනිගෙන විශාන වී ඇතැයි කටයුනායක පොලිසිය කියයි. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි රියැදුරා ඇතුළු දෙදෙනකු ගමන් කර ඇති අතර ගින්න හට ගන්නවාත් සමග ඔවුන් වෑන් රථයෙන් පැන ගෙන තිබේ. ගින්නට හේතුව යාන්ත්‍රික දෝෂයක් විය හැකි බව පොලිසිය කියයි. ආයෝජන ප්‍රවර්ධන කලාප ගිනි නිවන අංශය පැමිණ ගින්න නිවන විටත් එය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසිය,ගිනිනිවන හමුදාව හැමදාම වැඩේ අවසන් වුණාට පස්සේ ඇවිල්ලා අනේ අපොයි කියනවා.කවදාවත් වෙලාවට වැඩක් කරන්නේ නැහැ (නි)