
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (3) පස්වරුවේ පැවසීය.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු වන නිෂ්චිත මුදල හෙට (4) පෙරවරුවේ නිවේදනය කරන බවත් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිලට සමගාමීව සෙසු ගෑස් සිලින්ඩර දෙකේ ද මිල අඩු වන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1350 තිබුණු ගෑස් සිලින්ඩරය 5400 දක්වා වැඩිකරලා ජනතාව දැඩි ආර්ථික අපහසුතාවයට පත් කෙරුවා. රනිල් රාජපක්ෂ තිරිසන් කල්ලිය දැන් අගෝසතු මාසයේ පළාත් පාලන ඡන්දය පවත්වන්න ලැහැස්ති වෙනවා. වරෙල්ලකෝ ලැහැස්ති වෙලාම ජනතාවත් ඉන්නවා... නුඹලාව පිළිගන්න.
කොච්චර අඩු කලත් කඩකාරයින්ගේ ඇඟට දැනෙන්න නම් දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්නම ඕනෑවෙයි...
චන්දයක් ළඟදීම එයි කියල ඇඟට දැනෙනවා.
ඇඟට කෙසේ වෙතත් මොලේට නම් දැනෙනවා. රුපියල් 1700ට තිබුණු ගැස් 4850ට නග්ගලා දැන් නැවත 3850ට බස්සනවා. කොයි පැත්තෙන්ද ලොක්කා මේවට හිනාවෙන්න ඕනේ...?
මේ මිල අඩු කිරීම් සියල්ලට මුල නම්, දැන් මැතිවරණයක් පැවතියොත් NPP නියත ජයග්‍රහණයකට ආණ්ඩුව බියවීම නිසයි. එබැවින් මේ සියල්ලටම ස්තුතිවන්ත විය යුත්තේ NPP එකටයි...
ඉතිං වැඩිකරද්දිත් ඔයිටත් වඩා ඇඟට දැනෙන ගානකින්නේ වැඩිකළේ...
මේකේ තියෙන සමහර කමෙන්ට් දැක්කාම හිතෙන්නේ මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ දේශපාලකයන්ගේ විතරක් නොවන බවයි. අවුරුදු 74ක් තිස්සේ අඩුවට කාලා කාලා ලෝකයට ණය වුණු එකේ ප්‍රතිඵල අද අපි ඔක්කොම භුක්ති විඳිනවා...
ජාතික ජන බලවේගයට ජයවේවා, මිනිස්සු තව ජාතික ජන බලවේගය වටා එකතු වෙනව කියල තේරුනොත් මුන් ගෑස් නිකන් දෙන්න උනත් බලනව ඉස්සරහට ඔන්න බලහන් බොරුද කියල, අපේ රටට ජයවෙවා.
දෙවියනේ දේශපාලනයෙන් වියුක්ත ආර්ථිකයක් නැතිද? හැම මගුලටම දේශපාලනේ. හෝද හෝද මඩේ දාන්නේ අයි? මිල අඩු කරලා චන්ද ගන්නවා. චන්දේ දීල මිල අඩු කරගන්නවා. ආර්ථික න්‍යායන් වලින් නොවෙයිද මිල තීරණය විය යුත්තේ? මිල අඩු කිරීම පුද්ගලයකුගේ දක්ෂතාවයක්ද? මිල අඩු කිරීමට චන්ද හිමිවිය යුතුද? මිල අඩු කල කෙනා මීළඟ ජනාධිපති විය යුතුද?
ඉන්ධන මිල අඩු කළා ගෑස් මිල දන් අඩු කරනවා. ඒත් විදුලි බිල අඩු කරන්නේ කවදාද?
මෙතන ගොන් හරක් වගේ කොටන්න එපා. දේශපාලකයෝ වගේම, මීහරක් ජනතාවත් රටට අහිතකරයි අර වෘර්තිය සමිති කාරයෝ වගේ. පහුගිය වසරේ සිදුවුණු, තෙල් සහ ගෑස් වැඩිවීමට ලංකාවේ ඇතිවෙච්ච් ප්‍රශ්නය වගේම, ලෝකයේ සිදුවෙච්ච් අනෙක් දේවලුත් හේතු වුණා. ලංකාවේ අර්බුදයක් ඇති නොවුනත් නැවත රුපියල් 1700 ගෑස් දෙන්න බැහැ.
ලිට්‍රෝ එහෙම කලත් බස්ගාස්තු වංචා කරනවා මම උදාහරණයක් කියන්නම් ගාස්තු අඩුවීමට පෙර රුපියල් 150/= වූ ගාස්තුව ඊයේ රුපියල් 140/= ගත්තා මේක කලේ බලංගොඩ සිට 99 මාර්ගයේ ධාවනය වන නිව් තරංගනී බසයක තමයි මම ඊයේ රත්නපුර කච්චේරිය (දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය) ළගින් යාලුවෙක් හමුවෙන්න ඇහැලියගොඩ එන්න ආවා කලින් අයකලේ 150/= යි ඊයේ 140/= මම බැලුවම දැක්කෙ මට රත්නපුර රෝහල හංදියේ සිට ටිකට් එක නිකුත් කරල තිබුනෙ රුපියල් 138/= ලෙසට ඉතිරි රුපියල් දෙක දුන්නෙ නැහැ නමුත් කච්චේරිය අයත් ප්‍රදේශයටත් එම බසයේ ෆාම්ගාඩ්න් කියලා බස් ගාස්තුවක් තියෙනවා ඒකට ටිකට් දුන්නෙත් නැහැ .නමුත් බසයේ අලවා තිබූ ගාස්තු සටහනේ රුපියල් 138/= ක ගාස්තුවක් නැහැ තිබුනෙ 134/= ක ගාස්තුව තමයි මෙයින් පේනවා ගාස්තු සටහනේ කොහොම තිබුනත් ටිකට් මැෂිමේ ගාස්තු හරියට සංශෝධනයක් කරල නැහැ කියලා ප්‍රවාහන ඇමතිවරයා මේ ගැන අවධානයට ගනීද කියලා බලාසිටිමු
NPP එකට ස්තුති වේවා. මේ හැමදේම කරන්නේ NPP එකට බයේනේ
මොන කාලකන්නි ආවත් කමක් නැහැ බඩු මිල අඩුකලා කියන්නේ අන්න එයා තමයි හොඳටම කරන්නේ .ඒකයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ