තායි කතුන් තිදෙනකු ඇතුළු ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන කාන්තාවන් 12ක් තලවතුගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිටියදී එහි කළමනාකාරවරිය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.
රුපියල් 60,000ක මාසික කුලියට එම ගොඩනැගිල්ල ගෙන එහි සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගණිකා මඩමක් පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. සැකකාර කතුන් බදාදා (1) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රටේ සල්ලි හොරකම් කළ අයවත් අල්ලන්නකෝ, මේ කීයක්හරි හොයාගන්න යමක් කමක් කරන අය විතරක් අල්ලන්නේ... (නි)
සුදුසු වයසේදී පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම, කැමති අයට යන්න මේ වගේ ස්ථාන සෞඛ්‍යසම්පන්නව, විධිමත්ව පවත්වාගෙන යාම හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. මගේ අදහසට ගොඩක් අය විරුද්ධ වෙයි. එ්ත් අපේ රටේ තිබුන සාරධර්ම, සංස්කෘතිය යනු තවදුරටත් අපි දුටු ලස්සන හීනයක් පමණයි. ලෝකයත් එක්ක අපි දැන් ඉස්සරහට (ඇත්ත වශයෙන්ම පසුපසට) ගිහින්. අපිට ආපහු හැරෙන්න බැහැ දැන්. දැන් මනුෂ්‍යයාගේ මනස පාලනය කරන්නේ අන්තර්ජාලයයි. (නි)
මා රජයට කරන යෝජනාව වන්නේ වෛද්‍ය වාර්තාව අනිවාර්යකොට නීතිගතකොට බලපත් නිකුත් කරන්න. මෙය මිනිස් අවශ්‍යතාවයකි (නි)
මෙයින් වෙන්නේ රටේ ලිංගික අපරාධ සහ කුඩා දරුවන් අපයෝජනය කිරීම වැඩිවෙන එක විතරයි . (ම)
චන්ද්‍ර වීරසිංහ, හැමෝම කියන පලියට ඔයත් කියන්න යන්න එපා, ලෝකයේ පළමු රැකියාව ගණිකා වෘත්තිය නොවෙයි. පළමු මිනිසා ආදම් ගේ රැකියාව උයන් පාලනයයි. (ර)
මම නම් කියන්නේ පාසලට වඩා ගෙදර පරිසරය තමයි දරුවන්ට ලිංගික අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතු නියම තැන. නමුත් අවාසනාවකට අද සමහර තැන්වල ගෙදර පරිසයත් දුෂිත වෙලා තියෙද්දී පාසලෙන් දෙන අවබෝධයෙන්වත් සෑහීමකට පත්වෙයිදෝ කියලයි සැක (නි)
ඇඟ විකුණන එක ලෝකයේ කාන්තාවන් කළ පළමු රැකියාව යැයි මම කියවා ඇත. යුරෝපයේ හා තවත් රටවල අඩු වැඩි වශයෙන් රජයේ අවසර ඇතුව වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වේ. එතුළින් අසහනය, කාන්තා බලහත්කාරකම්, ළමා අපචාර, දුෂණයන් අවම කරගත හැකි බව සමික්ෂණ වලින් පැහැදිලි වේ (නි)
ගමේ කාන්තාවන් කාගේ කවුරුන්ද සොයා බලා මෙි වැරදි වලට පෙලඹුවෙි කවුරුන්ද? යන්න සොයා අදාල පුදුගලයින් නීතියේ ඉදිරියට ගෙන ඒමට වග බලා ගත යුතුයි (හේ)
මේ කාන්තාවන් මේ තත්ත්වයට පත්වුණේ කාගේ වරදින්ද? (නි)
ලෝකයේ පැරණිම රැකියාවට තහංචි දමන්න එපා. මේ අය මේ තත්වයට පත්ව ඇත්තේ සමාජයේ වරදින් මිස ඒ අයගේ සතුට විනෝදය පිණිස නොවේ. ඔය සෑම කාන්තාවක් පිටිපසම කඳුළු කතාවක් තිබෙනවා. පව්කාර ස්ත්‍රියට ගල් ගැසීමට ඉක්මන් වන්න එපා (නි)
ඉන්දු කියන එක හරි. අද අපේ සංස්කෘතිය කියලා මේවගේ වැඩ හෙළාදැක්කට, දැන් සමාජයේ අන්තර්ජාලය ඔස්සේ හොඳ හා නරක දෙකට 50%ක මිනිසුන් ඇබ්බැහිවෙලා. යුරෝපා රටවල වගේ මේකත් සමාජගතව කළා නම් අඩුම තරමින් ස්ත්‍රී දූෂණ කරන කාමාතුරයන්වත් ටිකක් හෝ අඩුවේවි. (නි)